IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැපොල් කොළේ විස්මිත බලේ

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික ඉන්ද්‍රියයන්ගේ සෛල වැඩීමටත් රුධිර වහනයකදී රුධිරය වේගවත්ව කැටි ගැසීමට සහ අසාමාන්‍ය ලෙස කැටි ගැසුණු ලේ ඉවත් කිරීමේ විස්මිත ශක්තිය පැපොල් කොළ යුෂවල පවතින බව කොළඹ විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී තහවුරු කරගත් බව මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.

මෙම පර්යේෂණය ඇමරිකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සඳහාද තෝරාගෙන ඇත. ඒ යටතේ ඇමරිකාවේ බොස්ටන්හි ජූලි මාසයේදී පැවැත්වෙන ‘ඩ්‍රග් ඩිස්කවරි ඇන්ඩ් තෙරපි‘ සැසිවාරයේදී මෙමම විද්‍යාත්මක පර්යේෂණයේ තහවුරු කර ගැනීම් පිළිබඳව ඉදිරිපත් කිරීමට ඇරියුම් ලැබී ඇත. සම්මානනීය මහාචාර්ය ඩබ්ලිව්. ඩී.රත්නසූරිය මහතාද මේ පර්යේෂණයට සහාය විය.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශනවේදී උපාධි අපේක්ෂිකා හා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චානිකා ජයසිංහ මහත්මිය එම දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

පැපොල් කොළ යුෂ මඟින් රුධිර පට්ටිකා වැඩීවීමක් සිදුකෙරෙන බව මීට ඉහතදී විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබිණි.

Chanika

කථිකාචාර්ය  චානිකා ජයසිංහ

prof preethi

මහාචාර්ය ප්‍රීති උඩගම

immune system papaya

 



අදහස් (0)

පැපොල් කොළේ විස්මිත බලේ

සෆ්රීන් Tuesday, 24 February 2015 05:53 AM

කොතල හිඹුටු පේටන්ට් අයිතිය විදේශිකයන්ට ගියා.ඩෙංගු වලට සාර්ථක බෙහෙතක් දේශීය තාක්ෂණයෙන් සොයා ගත්තත් ප්‍රවර්දනය සඳහා ඉදිරි අනුග්‍රහය නොලැබුණොත්??? මේකටවත් ලංකාවේ නම ලෝකයට ගෙනයන්න බාධාවක් නොවුණොත් හොඳයි ! (නි)

:       0       0

කුමාර Tuesday, 24 February 2015 06:02 AM

1980 ට පෙර පැපොල් කිරි ප්‍රධාන අපනයන කර්මාන්තයක් වෙලා තිබුණා. පැපොල් කිරි ඒ කාලේ ඖෂද සදහා යොදාගෙන තියෙනවා. පපොල් කිරි භාවිතය විෂ සහිතයි කියා තහනම් කරලා (අ)

:       0       0

හරමානිස් වේද මහතා Tuesday, 24 February 2015 06:29 AM

කරුණාකර ජනතාව දැනුමුවත් කරන්න නැත්නම් පැපොල් කොළ යුෂ බොන්න පටන් ගෙන වෙන ලෙඩ හදා ගනී (අ)

:       0       0

පියුමි Tuesday, 24 February 2015 07:07 AM

අපගේ එදිනෙදා ජීවිතයට මෙය පාවිච්චි කරන්නේ කොහොමද? (නි)

:       0       0

විපුල Tuesday, 24 February 2015 07:12 AM

ඩෙංගු වලට දේශීය ප්‍රතිකාරය මේක තමයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 24 February 2015 07:36 AM

සොයාගත් දෙය ඉහළින්ම අගයමින් අපගේ ප්‍රණාමය සහ ගෞරවය පුදමි. ඔබ සොයාගත් දෑ සොරා ගැනීමටත් සුළු මුදලකට කොල්ල කා ගැනීමටත් සැදීපැහැදී සිටිනවුන්ගෙන් එය ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

කුමාර් Tuesday, 24 February 2015 07:37 AM

දොස්තර කෙනෙක් කිව්ව නිසා දැන් මේක පිළිගන්නවා. දැනට බොහෝ කාලයකට පෙර වෙද නෝනා කෙනෙක් මේකම කිව්වා. එතකොට කට්ටිය හිනාවුණා (නි)

:       0       0

රන්ජිත් Tuesday, 24 February 2015 07:38 AM

දැන් ඔන්න බටහිර වෙදුන් මේක පිළිගනීවි. මොකද එයාලට එහෙන් ආවොත් තමා හොඳ දකින්නේ. අපේ පාරම්පරික දේවල් වහකදුරු වගේ. (නි)

:       0       0

ජගත් Tuesday, 24 February 2015 07:49 AM

මේවා ආයුර්වේදයේ හාස්කම්. දැන් ඉන්න අය ඕවා දන්නේ නැහැ. පැපොල් කොළ ඉස්ම මීපැණි එක්ක අපි පොඩි කාලෙත් බීලා තියෙනවා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 24 February 2015 07:57 AM

දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නා එක්තරා ශිෂ්‍යාවක් මේ පිළිබඳ කලින් ප්‍රකාශකොට එය උපයෝගී කොටගෙන ලෙඩ සඳහා ප්‍රතිකාර පවා කළා. මාධ්‍ය තුළින්ද එයට ප්‍රචාරයක් දුන්නා. පසුව එතුමියගේ අඩුපාඩුවක් දැක දැඩිලෙස එතුමියව විවේචනය කොට සම්පුර්ණයෙන්ම එය විනාශකොට දැම්මා. ඔන්න ඔහොමයි අපේ රටේ හැටි. (නි)

:       0       0

විජයබාහු Tuesday, 24 February 2015 09:25 AM

කුමාර් හරි අනේ අපේ රටේ මිනිස්සු කියල තමයි කියන්න වෙන්නේ. ටෙනිසන් මේක මෙයා හොයාගත්ත දෙයක් නෙවේ. ඕක හොරකමක්. (නදී)

:       0       0

ලසන්ත Thursday, 26 February 2015 05:31 AM

ඇත්තට ඔබල වගේ අය රටට සම්පතක්. සොයාගත් දේ විකුනන්න එපා වෙන රටකට. මීට කලින් සොයාගත්ත දේවලුත් ඒ වෛද්‍යවරියට පේටන්ට් දුන්නෙත් නැහැ ඒක අගේ කෙරුවෙත් නැහැ. මේකයි ශ්‍රී ලාංකියන් ගේ හැටි. නමුත් බය නොවී මේකෙන් ලෙඩ්ඩු ගොඩ දාන්න. ඔබලාට බුදු සරණයි (නදී)

:       0       0

චමිල Wednesday, 25 February 2015 03:18 AM

හොඳයි (බ)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 05:25 AM

අපේ හෙළ වෙදකමේ අසිරි ගුණ - ලොවට හෙළිවන හෙට දින... (නි)

:       0       0

අරවින්ද Tuesday, 24 February 2015 05:35 AM

ඔබ වැනි අයෙක් අපේ රටට වාසනාවක්‍. සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site