ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික ඉන්ද්‍රියයන්ගේ සෛල වැඩීමටත් රුධිර වහනයකදී රුධිරය වේගවත්ව කැටි ගැසීමට සහ අසාමාන්‍ය ලෙස කැටි ගැසුණු ලේ ඉවත් කිරීමේ විස්මිත ශක්තිය පැපොල් කොළ යුෂවල පවතින බව කොළඹ විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී තහවුරු කරගත් බව මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.
මෙම පර්යේෂණය ඇමරිකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සඳහාද තෝරාගෙන ඇත. ඒ යටතේ ඇමරිකාවේ බොස්ටන්හි ජූලි මාසයේදී පැවැත්වෙන ‘ඩ්‍රග් ඩිස්කවරි ඇන්ඩ් තෙරපි‘ සැසිවාරයේදී මෙමම විද්‍යාත්මක පර්යේෂණයේ තහවුරු කර ගැනීම් පිළිබඳව ඉදිරිපත් කිරීමට ඇරියුම් ලැබී ඇත. සම්මානනීය මහාචාර්ය ඩබ්ලිව්. ඩී.රත්නසූරිය මහතාද මේ පර්යේෂණයට සහාය විය.
ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශනවේදී උපාධි අපේක්ෂිකා හා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චානිකා ජයසිංහ මහත්මිය එම දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
පැපොල් කොළ යුෂ මඟින් රුධිර පට්ටිකා වැඩීවීමක් සිදුකෙරෙන බව මීට ඉහතදී විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබිණි.
කථිකාචාර්ය චානිකා ජයසිංහ
මහාචාර්ය ප්‍රීති උඩගම




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතල හිඹුටු පේටන්ට් අයිතිය විදේශිකයන්ට ගියා.ඩෙංගු වලට සාර්ථක බෙහෙතක් දේශීය තාක්ෂණයෙන් සොයා ගත්තත් ප්‍රවර්දනය සඳහා ඉදිරි අනුග්‍රහය නොලැබුණොත්??? මේකටවත් ලංකාවේ නම ලෝකයට ගෙනයන්න බාධාවක් නොවුණොත් හොඳයි ! (නි)
1980 ට පෙර පැපොල් කිරි ප්‍රධාන අපනයන කර්මාන්තයක් වෙලා තිබුණා. පැපොල් කිරි ඒ කාලේ ඖෂද සදහා යොදාගෙන තියෙනවා. පපොල් කිරි භාවිතය විෂ සහිතයි කියා තහනම් කරලා (අ)
කරුණාකර ජනතාව දැනුමුවත් කරන්න නැත්නම් පැපොල් කොළ යුෂ බොන්න පටන් ගෙන වෙන ලෙඩ හදා ගනී (අ)
අපගේ එදිනෙදා ජීවිතයට මෙය පාවිච්චි කරන්නේ කොහොමද? (නි)
ඩෙංගු වලට දේශීය ප්‍රතිකාරය මේක තමයි (නි)
සොයාගත් දෙය ඉහළින්ම අගයමින් අපගේ ප්‍රණාමය සහ ගෞරවය පුදමි. ඔබ සොයාගත් දෑ සොරා ගැනීමටත් සුළු මුදලකට කොල්ල කා ගැනීමටත් සැදීපැහැදී සිටිනවුන්ගෙන් එය ආරක්ෂා කරගන්න. (නි)
දොස්තර කෙනෙක් කිව්ව නිසා දැන් මේක පිළිගන්නවා. දැනට බොහෝ කාලයකට පෙර වෙද නෝනා කෙනෙක් මේකම කිව්වා. එතකොට කට්ටිය හිනාවුණා (නි)
දැන් ඔන්න බටහිර වෙදුන් මේක පිළිගනීවි. මොකද එයාලට එහෙන් ආවොත් තමා හොඳ දකින්නේ. අපේ පාරම්පරික දේවල් වහකදුරු වගේ. (නි)
මේවා ආයුර්වේදයේ හාස්කම්. දැන් ඉන්න අය ඕවා දන්නේ නැහැ. පැපොල් කොළ ඉස්ම මීපැණි එක්ක අපි පොඩි කාලෙත් බීලා තියෙනවා. (නි)
දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නා එක්තරා ශිෂ්‍යාවක් මේ පිළිබඳ කලින් ප්‍රකාශකොට එය උපයෝගී කොටගෙන ලෙඩ සඳහා ප්‍රතිකාර පවා කළා. මාධ්‍ය තුළින්ද එයට ප්‍රචාරයක් දුන්නා. පසුව එතුමියගේ අඩුපාඩුවක් දැක දැඩිලෙස එතුමියව විවේචනය කොට සම්පුර්ණයෙන්ම එය විනාශකොට දැම්මා. ඔන්න ඔහොමයි අපේ රටේ හැටි. (නි)
කුමාර් හරි අනේ අපේ රටේ මිනිස්සු කියල තමයි කියන්න වෙන්නේ. ටෙනිසන් මේක මෙයා හොයාගත්ත දෙයක් නෙවේ. ඕක හොරකමක්. (නදී)
ඇත්තට ඔබල වගේ අය රටට සම්පතක්. සොයාගත් දේ විකුනන්න එපා වෙන රටකට. මීට කලින් සොයාගත්ත දේවලුත් ඒ වෛද්‍යවරියට පේටන්ට් දුන්නෙත් නැහැ ඒක අගේ කෙරුවෙත් නැහැ. මේකයි ශ්‍රී ලාංකියන් ගේ හැටි. නමුත් බය නොවී මේකෙන් ලෙඩ්ඩු ගොඩ දාන්න. ඔබලාට බුදු සරණයි (නදී)
හොඳයි (බ)
අපේ හෙළ වෙදකමේ අසිරි ගුණ - ලොවට හෙළිවන හෙට දින... (නි)
ඔබ වැනි අයෙක් අපේ රටට වාසනාවක්. සුබ පැතුම්! (නි)