අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක් හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අලුයම අත්අඩංගුවට ගත්තේය.
කැබ් රියේ තිබී වෙඩිබෙහෙත් වයර් රෝල් 4 ක්, ඩෙටනේටර් 7 ක් හා ඇමෝනියා කිලෝ 50 ක් අත්අඩංගුට ගත් අතර සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කවුද ත්‍රස්තවාදීන් වෙන්න ඇති (නි)
පොළොන්නරුව හරහා මඩකලපුවට වගේ. පෙරනිමිති හොඳ නැහැ (නි)
අනේ ඔවු අපට හොඳට නින්ද යනවා.මොකද හොරු, මිනීමරුවන්ට නින්ද නොයන බව අපි දන්නවා. යහපාලනයේ නිදහස අයුතු විදිහට භාවිතා කළොත් ප්‍රතිඵල භයානක වෙයි (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද? යහපාලනය නිසා මොකුත් කියන්න බැහැ (කෞ)
මේ අයව අත් අඩංගුවට ගත්ත අයට හෙට ස්ථාන මාරු ? (කෞ)
තිලක් ඩුබායි, කියන්නෙ නැද්ද මේ ගැන මොකුත් මහින්දට විරුද්ධව? (නි)
ඊයේ පෙරේදා ලොකු අවවාදයකුත් නිකුත් කරලා තිබුන නේද ? ගරු ජනපති තුමනි ප්‍රවේශමෙන් , බණඩාරනායක මැතිදුන්ට කළ විනාශයම ඔබටත් කරන්නයි මේ දත කන්නේ , ජනතාව අතරට නොයා සිටින්න ප්‍රවේසම් වෙන්න ඔබට අනතුරක් කළ පසු ඔවුන්ගේ සියලුම සිහින සැබෑ කර ගනු ඇත (බ)
මේවා නිධානයක් ගන්න ගලක් පුපුරවන්න ගෙනාව ඒවා වෙන්න ඇති(කෞ)
ඔය මහා ජාතිය සුලු ජාතිය කියලා එකක් නැහැ. ඉන්නේ එකම ජාතියකි. (නි)
කොහොමත් රටේ මහා ජාතියේ කියන ගොඩක් දෙනා නිදාගෙන තමා ඉන්නේ. යහපාලනයේ අනුහසින් හොරු කෙසේවෙතත් රට පුරා මිනීමරුවෝ නැගිටින එකවත් පෙනෙන්නේ නැත්තේ ඒකයි. නිදහසේ ප්‍රතිඵල හොඳට භුක්ති විඳිනවා උතුරු නැගෙනහිර කට්ටිය. යහපාලනයේ පිවිතුරු හාවුන් දිනුම් කණුව අසළට විත් නිදාගනිද්දි ගල් ඉබ්බන් පෙඩරල් වලට පාර කපන ගමන්.... තාරකා ඉබ්බන් රක්ෂිත පුළුල් කරමින් ජනපද ඇති කරගෙන යනවා. අන්තිමට පළුවක් නැති බෙරයක් පමණක් ඉතිරිවේවි. (නි)
ප්‍රබාකරන්ගේ ,කොන්ත්‍රාත් කාරයෝ තවත් ඉන්නවා වගේ , මේවා පොළොන්නරුවට රැගෙන යාම නම් සැකසහිතයි ,(හේ)
ආයෙත් පටන් ගන්නද? මේ කාගේ උදවුද? (නි)
මෙය කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
යහපාලනයට පින්සිද්ධ වෙන්න අයෙත් ලංකාව අංගසම්පුර්ණ රටක් වෙන්න යන්නේ. තුවක්කුකාරයෝ හැමතැනම වෙඩි තිය තියා ඇවිදිනවා. බෝම්බකාරයෝ විතරයි අඩුවට තිබුනේ. ඒකත් පටන්ගන්න වගේ හදන්නේ (නි)
ආයෙමත් රට අරාජික වෙන්නයි යන්නේ. යහපාලනය. (නි)
නිමල් නිදාගෙන ඉඳලද නැගිට්ටේ....දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා මරාගනිද්දී....එයාලත් හිමින් සීරුවේ වැඩ පටන් ගන්නවා වගේ....කොටි වලිගෙ ඇත හරිනකොට මොලේ තියන මිනිස්සු කිව්වා ඕක වේවි කියල ..(කෞ)
පොළොන්නරුවේ ගොවි ජනතාවට බෙදාදෙන්නද දන්නෙ නැහැ (නි)
මේ යහපාලනයේ සැබෑ වෙනසද? (නි)
ඔන්න ආයේ පටන්ගත්තා (නි)