ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ආධාර හා ඒවායින් කළ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපාලි සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සිව් පුද්ගල කමිටුවක් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පත්කරනු ලැබ ඇත.
නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ලේකම් වශයෙන් කටයුතු කරන මෙම කමිටුවට බී. එම්. කේ. මොහොට්ටාල (හිටපු සහකාර විගණකාධිපති) හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී එස්. පී. විජේරත්න යන මහත්වරු ඇතුළත් වෙති.
අදාල විමර්ශන කටයුතු සති 2ක් ඇතුළත නිමකර එම වාර්තාව කී‍්‍රඩා ඇමතිවරයාට බාරදිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් අපරාදේ කාලය මුදල් හා ශ්‍රමය අපතේ යවන්නේ කුමටද?මීට පෙර සිදුකළ මුල්‍ය අක්‍රමිතා වලට අසුවුණු පුද්ගලයන් කී දෙනෙකුගෙන් එම වංචා කරපු මුදල් නැවත ගෙවන්න කියා නියම කර ඔවුන්ව හිරේට යවා තිබෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)