
(අංජුල මහික වීරරත්න)
දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් හමුවේ පැවසීය.
අග්‍රාමාත්‍යවරිය සහ අග රදගුරු තුමන් අතර හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. ලියෝ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වන යෝජනාව පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය එම යෝජනාව පිළිගනිමින් සඳහන් කළේ පාප් වහන්සේට විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කරන ආරාධනාව අගය කළ යුතුයි. ඒත් දැන්ම ඉදන්ම පාප්තුමාගේ පැමිණීම ක්‍රිස්තියානි කාරයින්ගේ කුමන්ත්රණකාරී ආක්‍රමණයක් කියලා කෑ මොර දෙන්න ලෑස්ති වෙන එවුන් ගැණත් ඊට යටින් උදව් කරන ඉස්ලාම්වාදීන්ට උත්තර දෙන්නත් රජය කටයුතු කළයුතුයි.