දෙවැනි ජුවාම් පාවුළු හා විස් තුන් වැනි ජුවාම් හිටපු පාප්තුමන්ලා දෙදෙනා ශාන්තුවරයන් වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශයට පත් කළහ.
වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දහස් ගණන් බැතිමත්හු අත්පොළසන් දෙමින් ‘ආමේන්‘ යනුවෙන් කියමින් ආසිරි පැතූහ.
හිටපු පාප් වහන්සේ දෙනම විසිවන සියවස ආලෝකවත් කළ යුග පුරුෂයන් දෙදෙනකු බවත්, ඔවුන් නිර්භීත පුරුෂයන් බවත් සිය කෙටි දේශනයේ දී ෆැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.
වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රයේ පැවැති මෙම උත්සවයට සොළොස් වැනි බෙනඩික් පාප් වහන්සේ ද පැමිණියහ.
පාප්වහන්සේලා දෙනමක් දේව මෙහෙයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ද, හිටපු පාප් වහන්සේලා දෙනමක් එකවර ශාන්තුවරුන් වශයෙන් ප්‍රකාශයට පත් කැරුණු ප්‍රථම අවස්ථාව ද එය විය.
මේ අවස්ථාවට ස්පාඤ්ඤ රැජින ඇතුළු රාජකීයයෝ ද, සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඇතුළු රාජ්‍ය නායකයෝ ද කාදිනල්වරු 150ක් හා බිෂොප්වරු 700ක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහසකුත් ජනී ,ජනයාගේ ආත්මික සහජීවනයට මග පැදු,ඔබ දෙපලට ,සුදතුම්ගේ වරම් නොඅඩුව ලැබේවා !!! (ත)
දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සියල්ල සිදු වේවා. ජේසු පිහිටයි. (ස)
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. (ස)
මම ඉතාමත් වගකීමෙන් මේ වැදගත් ඓතිහාසික කටයුත්ත අගය කරමි. ජේසු පිහිටයි! (නි)
යහපත් දේ සිදුවෙන විට සිතට සැනසිල්ලක් දැනෙනවා. අදහන ආගම එයට අනුපාන සපයනවා. (නදී)
ජේසු පිහිටයි! (නි)
ජේසු පිහිටයි! (නි)
වඩාත් හොඳ වන්නේ ආගම අනුව ජීවත් වෙන්න මිනිස්සුන්ට කියාදීමයි (නි)
ඔබතුමලගෙන් ලොවටම සෙතක් වේවා. (ස)
සියලු දෙනාටම ජේසු පිහිටයි (ත)
ඔබ දෙදෙනාට අල්ලාහ් දෙවි රැකවරණයි. (ස)
මේ නව ශාන්තුවරයන් වහන්සේලාගෙන් මුළු ලොවටම පිහිට අත්වේවා! (නි)
බුදු සරණයි! (නි)