පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් (57) මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මිය ගියේය.
ගායක ප්‍රින්ස්ට ලොව පුරා සංගීත ලෝලීහු දම්පාටින් ප්‍රණාමය පුදමින් සිටිති.
ඔහුට ගෞරව පිදීම පිණිස ලොව පුරා බොහෝ රටවල ගොඩනැගිලි, පුවත්පත් මුල් පිටු සහ වෙබ් අඩවිවල වර්ණය දම්පාටින් සරසා තිබේ.
ඔහුගේ මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත.
පපල් රේන් සහ සයින් ඕ ද ටයිම්ස් ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ.
ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බව ප්‍රකාශ කළේය.
(ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මොහු මීටකලින් දැකලා නැහැ (නි)
මෙවන් චරිත සදා අමරණීයයි (නි)