සහකාර පොලිස් අධිකාරීවරුන් 60 දෙනකු පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් කොමිසම කියයි.
ඒ අතරින් විනය පරීක්ෂණ පැවැත්වෙන සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනකුගේ උසස්වීම් තාවකාලිකව අත්හිටුවා ඇත.
පොලිස් කාන්තාවන් දෙදෙනෙක් ද පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් කරනු ලැබ සිටිති.
පොලිස් කොමිසමේ නිර්දේශ මත එම උසස් වීම් ලැයිස්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ පොලිස් පණිවුඩයකින් ප්‍රසිද්ධියට පත් කළේය.
මෙම උසස්වීම් 2016 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද උසස් වීම් ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස්වීම් විතරක් මදි, පොලිසියට පහසුකමුත් දෙන්න. වාහන නැහැ, ලිපිද්‍රව්‍ය නැහැ, නින්ද නැහැ. (නි)