රාත්‍රී නවාතැන් ඉල්ලා හලාවත කොක්කාවිල මහා බෝධි විහාරයට පැමිණි තරුණයකු අද උදෑසන පන්සලේ තිබූ රුපියල් 4060.00 ක මුදලක් සොරගෙන පලා යද්දී ගැමියන් එක්ව අල්ලා ගස් බැඳ තමන්ට බාරදුන් බව හලාවත පොලිසිය පවසයි.
මේ තරුණයා ගාල්ලේ සිට පැමිණි බවත් ණයක් ගෙවීමට මුදල් සොරකම් කළ බවත් පොලිසියට කියා ඇත. ඔහු නවාතැන් ගත් සදුදා රාත්‍රී දායකයකුගේ නිවසින් ආහාර පවා ලබා දීමට කටයුතු කළ බව ද හිමියෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුමෙන්ම හිතාගන්න පුලුවන් ගොඩක් දේවල් (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කන්න දුන් අත සපාකෑ ඔහුට උපරිම දඬුවම් දෙන්න (නි)
මෙහෙම මිනිසුන් ගැන කුමක් පවසන්නද? (නි)
අනේ හැබෑට මෙහෙමත් අධම සමාජයක්? (නි)
දායකයා රෑට කන්න දෙන්න ඇත්තේ මොනවද දන්නෙ නැහැ. (නි)
සමාජ සංරක්ෂණය ඉහලින්ම තිබෙන රටවලත් හොරකම් සිද්ද වෙනවා, එහෙම එකේ ඒ මොකවත් නැති අපේ රටේ මහා එවුන් මහා හොරකම් කරලත් තාමත් නිදැල්ලේ ඉන්න මේ රටේ තරුණයෙක් අද කාලේ හැටියට ඉතාම සුළු මුදලක් හොරකම් කළා කියල පන්සලක් ඇතුලේ මේ වගේ දස වද දෙන එකනම් අනුමත කරන්න බැහැ. (ස)
මින් අනතුරුව තරුණයාට ඇතිවිය හැකි තත්ත්වය වගේම, ඔහුව මේ තත්ත්වයට යොමුකළ සමාජ, ආර්ථික වටපිටාව පිළිබඳව අවධානය යොමුකිරීම තමයි වැදගත් වෙන්නේ (නි)
පොඩ්ඩක් හොයලා බලන්න මේ මනුස්සයාගේ තත්ත්වය. එකපාරටම උපරිම දඬුවම් දෙන්න කියලා කියන්න එපා. සමහරවිට ගොඩක් දුක් කම්කටොලු මැද දිවිගෙවන්නෙක් වෙන්නත් පුළුවන්. මට මතක් වෙනවා මනුතාපයේ ජනවර්ජන පල්ලියෙන් බඩු හොරකම් කර පොලිසියට අහුවෙන සිද්ධිය. (නි)
සුළුවෙන් කලත් ලොකුවෙන් කලත් හොරකම හොරකමමයි., එය කිසිසේත් අනුමත කරන්න බැහැ., හොරකම් නොකර කුමක් හෝ රැකියාවක් කරන්න පුළුවන් සිරුරක් තියෙන්නේ ඉතින් ඇයි මේ දඩුවම් විදින්න වෙන වැඩ කරන්නේ? මොහුට කුමක් හෝ රැකියාවක් ලබා දෙන කෙනෙක්ට ගොඩක් පින් ලැබෙයි. අපරාදේ තරුණ ජිවිතයක්නේ. (ස)
වරක් මීගමුවේ ප්‍රදේශයක කඩේකට පැන සොරකම් කල සොරෙකුට කඩකාරයා ඇතුළුව ප්‍රදේශවාසින් සොරාගේ ඇස්වලට මිරිස් කුඩු ගැසුවා මතකයි.මේ තරුණයා සොරකමක් කර තිබේ නම් එයට දඬුවම් කල යුතුයි,නමුත් ගෝත්‍රික ක්‍රමයට නොව රටේ පිළිගත් නීති පද්ධතියට අනුව යමින්.රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා කන උන් යහමින් වැජඹෙද්දී පොඩි මිනිසාට මෙසේ නොකර පොලිසියට බාරදෙන්න. (ස)
දන්තනාරයනල ඉන්නේ ගාල්ලේ .මේ තරුණයත් ගාල්ලේ !! අනේ මන්ද? (ස)
මිලියන 4ක් හොරකම් කළ විදියට සළකන්න එපා. බොහෝවිට අසරණකමට කළදෙයක් වියහැකියි. (නි)
ලංකාවේ බෞද්ධයන් ගැන දුක සිතෙනවා ,මේවා දැක්කම. (ස)
දන්තනාරායන ඔය හරි, මමත් ඔය ටිකම හිතුව, ජනවර්ජන ට පල්ලියේ පියතුමා කොච්චර ආදරේ කලාද, පොලිසියට අල්ල දුන්නේ නෑ. (ස)
බිලියන ගණන් හොරකම් කරපු අයට ඡන්දෙ දෙනවා, මේ කොල්ලව ගස් බඳිනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දන්තනාරායන, මේ මුදල් මත දුවන සමාජයට අමතක වූ දෙයක් මතක්කර දුන්නා. (නි)
මේ තරුණයා අනාගතයේදී සමාජයේ මොනවගේ තත්වයකට පත්වෙයිද කියලා කවුද දන්නේ? (නි)