‘බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනවුත් දානවා.පෙරහරකට ගෙන ආ අලියන් සමඟ සිටි අලි පැටවකු පන්සලේ දමා ගිහින් තිබුණා. වසරක් පමණ ඒ පැටියා මම ආදරයෙන් කවාපොවා හදාගත්තා. දැන් මගෙන් එම අලියාගේ බලපත්‍ර ඉල්ලනවා. මං මේ බව ඒ කාලේම වනජිවි ඇමැතිටත් කිව්වා. මේ අලි පැටියා නිසා මා අත්අඩංගුවට ගන්න යනවා. එයට මම සුදානම් . මම නිතියට ගරු කරනවා’. පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ වැඩ වාසය කරන හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.
“බන්ධනාගාර ගත විමට තමා සුදානම් බවත් බන්ධනාගාර රෝහලට නොයන බවත් වාට්ටුවේ සිරකරුවන්ට දෙන දානය වළදන බවත් පැවසූ ධම්මාලෝක හිමියෝ නඩුවට වියදම් කිරිමට අඩු ගණනේ රුපියල් දහය බැගින් හෝ පුජා කරන ලෙස දායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
තමන් වහන්සේ සියලු සත්ත්වයන්ට ආදරය කරුණාව දක්වන බවත් බොහෝ අය තම පන්සලේ අලි තැබීමට ප්‍රියතාවයක් දක්වන බවත් උන්වහන්සේ කීහ. ආදරයෙන් කරුණාවෙන් සතකුට සැලකීම බලවත් වරදක් බව යම් පුද්ගලයකු හෝ සංවිධානයක් පවසන්නේ නම් ඒ මගින් තමන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ දරන්නේ නම් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට නිහතමානීව, උපේක්ෂාවෙන් හා මෛත්‍රියෙන් ඉදිරිපත් වන බවද ධම්මාලෝක හිමියෝ පැවසූහ.
ප්‍රශ්නය - අත්අඩංගුවට ගැනීමට යන බව අසා දේශපාලනඥයකු හෝ වෙනත් බලවත් කෙනෙක් මේ ගැන ඔබ වහන්සේගෙන් විමසුවාද?
පිළිතුරු - ඔව්. ජනපති ජනවාරි මාසයේදී මට කථා කළා. මේ සිදුවීම දැනගෙන සිටියේ නෑ කිව්වා. මේක වහාම සමථයකට පත් කරන්න මැදිහත්වනවා කිව්වා. ඔබවහන්සේ වැනි පිළිගත් නමක් තිබෙන භික්ෂූන් වහන්සේ නමකට කරදරයක් වෙන්න දෙන්නේ නෑ කිව්වා.
ප්‍රශ්නය - ඔබ වහන්සේට එරෙහිව මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක්ද ? දේශපාලන පළිගැනීමක් ද ?
පිළිතුරු - මම කාටවත් චෝදනා කරන්නේ නෑ. ලංකාවේ අලි වඳකරන කුමන්ත්‍රණය යටත් විජිත යුගයේ සිටම එන එකක්. මම ජනතාව එක්ක ඉන්න හාමුදුරුනමක්. එකට යම් බලවේග හරි තරහින් ඉන්නවා. අලි පෙරහරවල්වලින් අයින් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. දැන් ක්‍රමය අල්ලලා රිමාන්ඩ් කරලා නඩු අහන එක. ඒ නිසා මේ සියලු දේ මම උපේක්ෂාවෙන් දරාගන්නවා.
ප්‍රශ්නය - ඔබ වහන්සේ හෝ ඔබේ පන්සලේ වෙනත් කෙනෙක් මේ වනජීවී බාරයට ගත් අලිපැටියාට ව්‍යාජ බලපත්‍රයක් පෙන්නුවාද ?
පිළිතුරු - නෑ. කිසිම බලපත්‍රයක් පෙන්නුවේ නෑ. අලි 20ක් 30ක් ආපු පිංකමකදී මේ අලි පැටවා දමා ගොස් තිබුණා. මම ඌට කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තා. ඒ කාලේ වනජීවි ඇමතිටත් මේ ගැන කිවාම ‘අපි මොකක් හරි විසඳුමක් දෙන්නම්. ඔබවහන්සේ ළඟ අලියා තියාගන්න‘ කිව්වා.
ප්‍රශ්නය - ඔබ වහන්සේ අත්අඩංගුවට පත්වීමට සූදානමින් බලාගෙන ඉන්නේ ඇයි ?
පිළිතුරු - මම මේ දේ උපේක්ෂාවෙන් පිළිගන්නවා. පසුගියදා පුවත්පතක සඳහන් වුණා මා අත්අඩංගුවට ගන්න නීතිපති උපෙදස් දීලා කියලා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා මම හිතුවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න මම ලෑස්තියි. මුගලන් හාමුදුරුවන්ට වුණ දේ මට මේ වෙන්නේ කියලා හිත හදාගන්නවා. කැළණිතිස්ස මහරහතන්වහන්සේට වුණ දේ වෙන්නේ කියලා මම හිත හදාගන්නවා. මගේ තරහක් වෛරයක් නෑ. මම මෑතදී කිලෝ 12ක රන් කරඬුවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළා. ඒ ආශිර්වාදය මට තියෙනවා.
ප්‍රශ්නය - ඔබ වහන්සේගේ නමත් සමග තවත් ලංකාවේ ජනප්‍රිය ස්වාමින්වහන්සේලාගේ නම් කියවෙනවා මේ අලි ගැටළුව සම්බන්ධයෙන්. ඔබ වහන්සේ ඒ ස්වාමින්වහන්සේලා ව්‍යාජ අලි ළඟ තබාගෙන සිටින බවට විශ්වාස කරනවාද?
පිළීතුරු - මම ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්නේ නෑ. මොකද මේක අධිකරණ ක්‍රියාවලියක්. ඒක නිසා ඒ ගැන කථා කරන එක සුදුසු නෑ.
ඇලන් මැතිණියාරාමයේ දැනට සිටින අලියා
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බුද්ධාගමටත් මේවා ලැජ්ජාවක්. (නි)
කොහොමද විමල් ගේ මොලේ. ඕවා ලෝ පොයින්ට් නැද්ද හාමුදුරුවනේ. ඇත්ත තමයි බුදු හාමුදුරුවොත් ලංකාවේ තමයි ,ඉපදුනේ නේද හාමුදුරුවනේ. (බ)
කවුරුහරි උපාසක අම්මා කෙනෙක් ළමයෙක් අසපුවේ දාලා ගිහින් තිබුනොත් එයත් හදා වඩා ගන්න බාර ගන්නවද සද්ද බද්ද නැතුව? (නි)
සාරධර්ම වලින් විනාශ වෙිගන යන අපේ රට නැවත සාරධර්ම අැති කිරිමයි හාමුදුරැවන්ගේ වගකිම අලි පැටවුන් අැති කිරිම නොව අලිපැටියා අයිති ඹහුගේ අමිමටයි කැලැවටයි හමුදුරැ වරැත් අද මුදලට බලයට යට වෙලා (බ)
කමක් නැහැ, අපි මේ කියන දේ පිළිගන්නම්කෝ (නි)
දළ වෙනුවෙන් අලි මරණ රටේ මේ හාමුදුරුවෝ කරලා තියෙන්නේ අලි පැටවෙක් රැක බලාගන්න එකක්. බුද්ධ පුත්‍රයන්ට ඕනෑම සතෙකුට කරුණාව දයාව දක්වන්න අයිතිය තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් සතෙකු කරුණාවෙන් දයාවෙන් ඇතිදැඩි කිරීම බුදු දහමට අනුව කුසලයක් නම් මේ හාමුදුරුවන් වැරැද්දක් කරලා නැහැ යන්න මගේ විශ්වාසයයි. (නි)
මේ ගැන කලබලවෙලා කෑ ගහන්න ඕන නැහැනේ. (ර)
අපි මේවට කියන්නේ අලි මුසා... (නි)
අවසර අපේ හාමුදුරුවනේ, අපිට අපි ගැනම කලකිරෙනව මේව දැක්කම.(අ)
බලන්න කොච්චර හොඳ හාමුදුරු කෙනෙක්ද? (නි)
එහෙමයි අපේ හාමුදුරුවනේ. එහෙයි. එහෙයි. (නි)
ලංකාවේ තරම් මෝඩයෝ වෙන රටවල නැතුව ඇති (නි)
මුසාවාදා සිල්පදය කඩන්න එපා හාමුදුරුවනේ (නි)
ජීවිතේ පළවෙනි වතාවට තමා මෙහෙම සුරංගනා කතාවක් ඇහුවේ. පෙරහැර වලට අලි පැටවුත් ගේන බව අපි නම් කොහෙවත් දැකලා නැහැ. බල්ලෝ,බළල්ලු නම් පන්සල් ළඟ ගෙනවිත් දමනවා කියලා අපි දන්නවා. අනේ අනිච්චන් මේ ධර්මද්වීපයට යන කල දසාව. (නි)
තව ටික දවසකින් මොන කියයිද දන්නේ නෑ (ම)
උඩ අදහස් දාල තියන කට්ටිය එතකොට මොකද උනේ කියල දැක්කද ?(අ)
සංඝයා වහන්සේ නමක් මේ විදියට කියන එක හරිද ,අලි පැටියෙක් පන්සලේ දාලා යන්නේ කවුද බල්ලෝ පූසෝ ගානට අලි ඉන්නවද? (ම)
ඇතින්න ඇවිල්ලා ශාසනේට පූජා කරලා යන්න ඇති හාමුදුරුවනේ (නි)
"මුසාවාදා වේරමණී සික්කාපාදන් සමාදියාමි " (ම)
පෙරහෙරට ආපු ඇතින්නක් බිත්තරයක් දාල යන්න ඇති. (අ)
මේක හරිම හිනා යන කතාවක්, පැටව සමඟ අලි සහස් ගානක් ගෙනාවත් අලි පැටියාගේ කාගේද කියලා හොයන්න අමාරු නැහැනේ පෙරහරට අලි සපයපු කට්ටියගෙන් ඇහුවාම අලි පැටියාගේ අයිතිකාරයා හොයාගන්න පුළුවන්. (ම)
පන්සලේ වෙන මොකුත් දාලානොගිය එක හොඳයි (නි)
හරි වැරැද්ද කවදාහරි ඔප්පුවෙන්නේ නැතෑ (නි)
උතුම් හිමිවරු අතර ඔබවහන්සේගේ තැන කුමක්ද හාමුදුරුවනේ? (නි)
මෙන්න පන්සිල් පද පහෙන් එකක් කඩලා.. (නි)
හාමුදුරුවෝත් අපිට කොකා පෙන්නන්නද හදන්නේ (නි)
පව් පුරවා ගන්න එපා. ඔය අලියා ගැන අපි දන්නවා (නි)
බල්ලන් බළලුන් පන්සලට දාලා යනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් අපේ හමුදුරුවනේ. නමුත් අලි පැටියෙක් දමා ගිහින් කියන එක නම් විශ්වාස කරන්න බැහැ (නි)
විස්තරේ ඇත්ත නම් මුලදීම කියන්න තිබුනනේ මෙතරම් හිර වෙනකම් ඉන්නේ නැතිව (රේ)
ඇත්ත කිව්වා නම් ඉවරනේ බොරු කතාවක් දිගට ගොතනවාට වඩා. බුදුන්ගේ බණ මීටපස්සේ හොඳට තේරුම් ගන්න. (නි)
අනේ මන්දා හාමුදුරුවනේ. මම මේ මේවට හිනාවෙන්නේ කොතනින්ද කියලා බැලුවේ (නි)
මමත් රුපියල් විස්සක්ම දෙනවා (නි)
අනේ අපේ ගෙදරටත් ගෙනත් දාන්න කවුරුවත් නැහැනේ. (නි)
අනිච්චේ දුක්කේ ..... අලිපැටියා කාටහරි පැගුනානං !(රේ)
ඔය අලි පැටියා සිරිකොත ඉස්සරහට ගිහිල්ලා දැම්මා නම් හොඳයි (නි)
අලි පැටියා පව් නේද? (නි)
සමහර අදහස් වලින් ඔවුන් පවු පුරවාගෙන ඇති තරම්....? (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී........ (නි)
අපේ රටේ චාමර, ගැමුණු , වගේ මිනිස්සුත් ඉන්නවනේ . අනික අර පින්තුරේ ඉන්න චූටි අලි පැටියා නම් පෙරහරේක යන සයිස් නෙමෙයි. මිනිස්සු පැටියව දාලා ගියත් ඇතින්න තම පැටියා අමතක වෙලා යයිද?(රේ)
ඔබවහන්සේට අපි තව අලි පැටවු ගෙනල්ලා දෙන්නම් හදාගන්න (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ' මම කිසිවිටෙකත් තවෙකෙක් නොමඟ යවන අයුරින් මගේ බස නොහසුරවමි'. (නි)
එඩ්වඩ්, කෙනඩි, රොක්සි, ඩෙන්සිල්, ඇන්ටන්, කින් බෙනට්, ජර්මි කියන නම් වලින්ම පේනවා සැදැහැවත් බෞද්ධයින් කියලා. (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශික්ෂාපදය දන්නෙම නැද්ද මෙවැනි ප්‍රකාශයක් කරන්න කලින්. බෞද්ධයෝ වන අපිට නින්දා කරන්න එපා හාමුදුරුවනේ... (නි)
මේ බොරුව නීති තර්කයක් විදිහට හරියන්නෙත් නෑ. එහෙම දාල ගිය අලි පැටියෙක් හිටියනම් පොලිසියට හෝ වන ජීවි එකට දැනුම් දෙන්න ඕන.(රේ)
මෙම අලි පැටවා දමාගිය පුද්ගලයා සොයාදෙන්න. මමත් කැමතියි නිකන් දෙන අලි පැටියෙක් හදාගන්න (නි)
සතෙකුට කරුණාව දක්වන එකට දඬුවම් කරනවා නම් ගව ඝාතකයන්ට, කුකුල් ඝාතකයන්ට, ඌරු ඝාතකයන්ට, එළු ඝාතකයන්ට දෙන දඬුවම මොකක්ද? පළමුව රටෙන් මෙන්න මේ වගේ සත්ව ඝාතන නවත්තලා ඉන්න. (නි)
දැන් රටේ ලොකුම ප්‍රශ්නය මේකද? මේ විදිහට හාමුදුරුවන්ට මඩ ගහන්නේ ඇයි? මේවා මඩ. ඔය අනෙක් අය හොර වැඩක් කරලම නැද්ද? (නි)
හාමුදුරුවනේ, පන්සලේ අලි පැටියෙක් දාලා ගියා කියන්නේ පන්සලේ පූස් පැටියෙක් දාලා ගියා වගේ වැඩක් නෙමෙයි නේද? පොලීසියේ පැමිණිල්ලක් දැම්මා නම් අලි පැටියෙක් පන්සලේ දාලා ගිහින් කියලා, පොලීසියෙන් අලි පැටියාව වනජීවී එකට භාරදෙනවා නේද? (නි)
ගහට නැග්ගේ තණකොළ කපන්න කිවුවා වගේනේ මේ කතාව (නි)
අනේ, මගේ කට අවුස්සා ගන්නේ නැතුව ඉන්නවද? (නි)
කෙසේ හෝ හදාගත්තු අලිපටිය ආඉති මේ හමුඋරුවන්ට. . ඛලේට ගිහින්දල ගම වෙදුනහම වෙඩි කපුවහම තමි ඔක්කොටම නින්ද යන්නේ.(රේ)
කුරු වෙච්ච අලි පැටියෙක් වෙන්න ඇති. බලු පැටියෙක් විතර ඇති නේද හාමුදුරුවනේ? හාමුදුරුවෝ හොඳට කන්න දීලා ලොකු මහත් කළාට පින්. (නි)
අනේ මේ කාවද රවට්ටන්න හදන්නේ? (නි)
බලු පැටව් සහ බළල් පැටව් පන්සලේ තියාගෙන ඉන්නවාට නඩු දමන්නේ නැත්තේ ඇයි? (නි)
වෙන්න ඇති. ඔය පන්සල් වල බල්ලෝ බළල්ලු දාලා යන්නේ. ඒ වගේ අලි පැටියාවත් දාලා යන්න ඇති. අනේ අපේ ගේ ඉස්සරහ කවුරුවත් දාලා යන්නේ නැහැනේ අලි පැටියෙක්. මාත් ආසයි අලි පැටියෙක්ව හදා ගන්න. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු, අර බළල් පැටවුන් තැන තැන වල ගිහින් දානවා වගේ අලි පැටවෙකුත් පන්සල ළඟ ගිහින් දාලනේ. දාගෙන ගිය සිලි බෑග් එකකුත් තිබුනලු එතන. (රේ)
හාමුදුරුවනේ, වැරදි දෙකක් කරන්න එපා, එක වැරැද්දක් හදාගන්න ගිහිල්ලා (නි)
හාමුදුරුවනේ ඕක කොරන්න තිබුනේ බලධාරීන්ට දන්වලානේ. දැන් සුරංගනා කතා කියල පලක් නැහැනේ.(රේ)
මේ උන්නාන්සෙ බුද්ධ පුත්‍රෙයක් නේද? කාටද මේ බොරු පිළිගන්නන්න හදන්නේ (ම)
පන්සලේ අලි පැටියෙක් දමා ගිහින්? අහන්නත් පුදුමයි (නි)
මෙවැනි හාමුදුරුවරු ඒකාලයේ සිටියානම් මේ වෙනකොට බෞද්ධ ධර්මයත් "හැදී ගැවිලා" ගිහින්.(ම)
හොඳ වෙලාවට නීතියේ මූලික මූලධර්මයක් තිබුනේ, නීතිය නොදන්නා කම සමාවට හේතුවක් නෙමෙයි කියලා.(රේ)
ලජ්ජා නැතිව කියන ලස්සන විතරක්. (ම)
මට මතක නෑ අංක 2 අතරමංවූ අලිපැටිය හා ඇලන් මැතිනියාරාමය (බ)
අලියෙක් පන්සලේ දාලා ගියේ කවුද එතකොට? (නි)
ධම්මික කිසිම ප්‍රශ්නයක් නහැනේ සිවුරක් දාගෙන අලි මුසා කියන්නේ නැතුව වරදක් වුණා ලංකාවාසී හැමෝගෙන්ම සමාවෙන්න කිව්වා නම් දැන් ඉතිනන් ඇදගෙන නාලා ඉවරයි (බ)
දැන් බලන්න ලංකාව කොච්චර පුදුම රටක්ද කියලා. අලි පැටව් දාලා යනවා. පුදුමය කියන්නේ පන්සලේ සෙරෙප්පු හොරකම් කරන රටේ අලි පැටියව ගෙනිච්ච නැති එක. (නි)
ඇයි මිනිස් පැටව් මග දාල යන කාලෙක මෙහෙම වෙන්න බැරිද? දන්නේ නැත්නම් ගිහින් බලන්න ළමා නිවාසෙකට කොච්චර ළමයි මහා මග දාල යනවද කියල. අපිට පේනවා මේවා වෙන්නේ කාගේ දේශපාලන උවමනා වලටද කියල.(බ)
කරුණාකරලා මේ සතුන්ට උන්ගේ දෙමාපියන් එක්ක ඉන්න දෙන්න. මේ පැටවුන් වගේම උන්ගේ දෙමාපියනුත් කොච්චර දුකෙන්ද ඉන්නේ? (නි)
මේ කොමෙන්ට් හරියට මුදල්ගෙවා ප්‍රචාරය කල ඒවා වගේ .අලියා නීරෝගිමත්ව සැපෙන් ඉන්නවනම් දැන් මොකද්ද වැරැද්ද .පන්සල් වල අලි ඇත්තු අතීතයේ සිට හිටියනේ (රෝ)
ඔය පන්සලට බණ අහන්න ගියාම තමන්ගේ දු වරු ,බිරින්දෑවරු , මතක ඇතුව ගෙදර ගෙනියන්න ..නැත්නම් මෙයා ගැනු පරාන දරුකමට හදා ගනීවි ....(බ)
හාමුදුරුවනේ, තව තවත් මුසාවාද නොකියා සත්‍යට නීතියට මුහුණ දෙන්න. බලු පැටව්, බළල් පැටව් වගේ අලි පැටව් කොහෙද හාමුදුරුවනේ එහෙම දාලා යන්නේ? එහෙම දාලා ගියා නම් ඔබ වහන්සේ මේ වෙනතුරු ගත් ක්‍රියාමාර්ග ලිඛිතව ඇතිනේ. දැන් දායක සභාවේ පොකට් එකට බහින්න එපා. (නි)
ඇත් දල එහෙම දාල ගියේ නැත්ද ?(බ)
සුදුලෝගු වන්දනා කාරයෝ ගිහින් තියෙන උඩ ....(බ)
එතකොට ඇතින්නියොත් පැටවූ පන්සල් ළඟ දාල යනකලයක් මේක අනේ හාමුදුරුවනේ බොරු කියන එකෙත් සීමාවක් තියාගන්න (රේ)
බුදුරදුන් වදාරා තිබෙනවා, කිසිවිටෙකත් පුද්ගලයෙක් විවේචනය නොකරන්න. ක්‍රියාව පමණක් විවේචනය කරන්න කියලා. (නි)
ඕනෑම කෙනෙකුට තේරෙනවා මොනවද මේ වෙන්නේ කියලා (නි)
ධම්මික , ගරු සංඝරත්නය ආරක්ෂා කිරීම සියලු බෞද්ධයන්ගේ යුතුකමයි . (ර)
මුසා වාද වේරමණී සික්කාපදං සමාදියාමි .....සාදු...සාදු ...සාදු ...(රේ)
හොඳ වෙලාවට පන්සලට අලි පැටියෙක් ගෙනල්ලා දැම්මේ (නි)
කවුරුහරි පින්වතෙක් අලි පැටියාව සාංඝික කරන්න ඇති. (නි)
අපෙ හාමුදුරුයන්ගෙන් පව් නැහැ මම මෙහෙම ඇහුවට. දම්වැලකින් බැඳලා “ආදරෙන්“ අලියෙක් හදන්න පුළුවන්ද? කූඩුවක දාලා ආදරෙන් ගිරවෙක් හදන මගේ පොඩි එකාට ඔබ වහන්සේ අහවල් දහමක්ද දෙසන්නෙ මගේ හාමුදුරුවනේ. (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)
ලංකාවේ පන්සල් ළඟ මෙච්චර කාලෙකට දාලා ගියේ බලු පැටව්, පූස් පැටව්. දැන් ලංකාව කොච්චර දියුණුද කියනවා නම් පන්සල් වල අලි පැටව් දාලා යන්න පටන් අරන්. අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපි මෝඩයෝ කියලා හිතුවේ නැහැ නේද...? (නි)
මුළු ඉතිහාසයටම අලියෙක් පන්සලක අතරමං කරලා ගිය පළමු අවස්ථාව. හිනාවෙලා බඩත් රිදෙනවා. (නි)
රුපියල් සියේ අනිත් එක දැන් දහය, නඩු කියන්න සල්ලි නැත්නම් රජයේ ගැනේ නොමිලේ නීති සේවය ලබාගන්න පුළුවන් ඕනෑම පුරවැසියෙකුට,ඔබ වහන්සේට නම් සල්ලි නැහැ කියන එක නම් තවත් බොරුවක්, අලියෙක් නඩත්තු කරන්න පුළුවන් තමන්ගේ නඩුවට සල්ලි නැහැ,තව බොරු කියන්නේ නැතුව අලියව භාර දුන්න නම් ඉවරනේ, කීදෙනෙක් ඔහොම භාරදුන්නද පහුගිය ටිකේ,(රේ)
බුද්ධ චීවරයට නිගා නොකරන්න (නි)
අලිපැටියා හදාගත් වරද පිළිගත්තොත් අපේ බෞද්ධ සමාජය ඔබව පිළිකුල් කරන එකක් නැහැ. නමුත් බොරුව උසාවියෙදි අහුවුණොත් සිදුවන ආත්මහානිය පූර්ණය කළ නොහැකිය. තීරණය ඔබේ අතේ. (නි)
අලි පැටියා කාගෙද දන්නෙ නැහැ (නි)
මේකෙනුත් රුපියල් දහය ගානේ එකතු කරන්න කල්පනාව. කොහොමද ටිකිරි මොළය? (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා. (නි)
හාමුදුරුවන් සඳහා වෙනම බන්දනාගාරයක් හදන්න වෙනව මෙහෙම ගියොත් . අපිට දුක උඩුවේ හාමුදුරුවන් මේවට පැටලෙන එකට. (ර)
අපි මේ හාමුදුරුවන්ට මොනතරම් ගරුකළාද? (නි)
මේ කියන දේවල් අපි විශ්වාස කරන්නේ කෙහොමද? (නි)
ධම්මික,එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු,නෙක තරු රසින් එලෙසට නොම වේය දුරු. කියල ඇහැල නැද්ද. (ර)
හාමුදුරුවෝ කියන්නේ ඇත්ත නම් වරදක් කරලා නැහැ නේද? (නි)
අනේ අනිච්චං! අපේ ශාසනයට ගිය කලක්. මෙහෙම භික්ෂුන් වහන්සේලාද ජනතාවට බණ කියන්නේ? උදේ හවස පස් පව් නොකරන්න පොරොන්දු කරවන්නේ? (නි)
මේ හාමුදුරුවන්ට මමත් ඉස්සර ගරු කළා. දැන් මට අපේ පන්සලත් එපාවෙලා වගේ. (නි)
මේ වගේ අයට වඳින අය තවත් ලංකාවේ ඉන්නවානේ. (නි)
හාමුදුරුවෝ කියන දේ ගැනත් අපි සිතාබැලිය යුතුයි (නි)
වනජීවී ඇමතිට කියන්න ඕනෑ නැහැ. වනජීවී කාර්යාලයට දැනුම් දුන්නොත් වහාම බාරගන්නවා. (නි)
සමහරු උන් වහන්සේගේ ප්‍රකාශය හරියට නොකියවා නොදැමිය යුතු අදහස් දමනවා. කරුණාකර උන්වහන්සේ කළ ප්‍රකාශය හරියට අහන්න බලන්න (නි)
පාර්තිපන්ට තේරෙන දෙය සිංහල අයට තේරෙන්නේ නැතිබවයි පෙනෙන්නේ (නි)
මේ වගේ හාමුදුරුවරුන්ටනේ අපිත් වඳින්නේ (නි)
එහෙම දාලා යන්න තරම් අලි පැටියා නොවටිනා එකෙක්ද? (නි)
දමා ගොස් තිබුණා?? එහෙනම් ඒ බව පොලිසියට දන්වා, අලියාව වනජීවි එකට බාරදෙන්න තිබුනා වගකිවයුතු හාමුදුරු නමක් විදියට. තිබුනු දෙශපාලන සම්බන්ධකම් මත කාගෙන්හරි අලියෙන් නීතිවිරෝධිව අරගෙන දැන බොරු කියනවා වගේ තමා මට නම් හිතෙන්නේ. (නි)
මගේ අම්මෝ කියන බොරු! (නි)
මේ කතාව පිළිගන්න පුලුවන්ද? කවුරුහරි පන්සලේ අලි පැටියෙක් දාලා ගිහිල්ලා තිබුනා නම් ඒ සඳහා අනුගමනය කළයුතු මුලිකම ක්‍රියාව වියයුත්තේ ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීම නේද? හාමුදුරුවෝ මීට කලින් ඔය වගේ කතාවක් කිව්වා කියලා නම් මාධ්‍ය වල කියවුණේ නැහැ. (නි)
පටන් ගත් ගමන් මුසාවාද වේරමණී සික්කපදම් සමාදියාමි කියනා පොරොන්දු කඩලා (බ)
දැන් මේ රටේ සිද්ධවෙන ලොකුම හිංසනයද පන්සල් වල ඉන්න අලි ඇත්තු ටික? තවමත් දිනපතා මේ රටේ මසට හරක්, ඌරො මරන්නේ අන්තිම ම්ලේච්ඡ තිරිසන් විදියට. ඒවා නැති කරන්න කිසිම වැඩපිළිවෙලක් පෙනෙන මානයකවත් නැහැ. (නි)
හාමුදුරුවනේ ටිකක් ඔලුව පාවිච්චි කරන්න. බොරු කියනවා කියල ඔහොම කියන්න හොඳ නෑ. අනික සිවුරකුත් දාගෙනම...(බ)
මොන විදියෙන් හරි හාමුදුරුවෝ අලි පැටියා ලොකු කරගෙන ඉන්න එකත් පිනක්නේ. (ම)
සාධාරණය ඉටු වේවා.! (ර)
ඉතින් අයිතිකාරයෝ පස්සෙ මතක්වෙලා ආවේ නැද්ද අලි පැටියා ගෙනියන්න? (නි)
මාර කතාවක්නේ මේක?(හේ)
අපේ ගේට්ටුව ගාවත් අලි පැටියෙක් දාල ගිහිල්ල තිබුන මේ ළඟදි. මේ ඇතින්නියෝ රට පුරාම පැටවූ දම දමා යනවද කොහෙද. තව ටික දවසක් යනකොට බලු පැටවූ පූස් පැටවුන්ට වඩා අලි පැටව් වැඩි වෙලා පාරවල් අයිනෙයි පන්සල් ගාවයි ගේට්ටු ගාවයි දාල යාවි. ඇත්තු මද කිපෙන කාලෙට හෝ ගාල ඇතින්නියෝ පස්සේ යාවි අපේ ගෙවලුත් පෙරලගෙන. ඔය පාරේ යන අලි ඇත්තු ටික නගර සබාවෙන් අරන් ගිහිල්ල එන්නත් කරලා දැම්මොත් නේද හොඳ. (බ)
දාලාගිය ළමයි හිටියොත් හදා ගනීද? (නි)
මඩගහන්න සූදානමින් ඉන්න අය කෙතරම් ඉන්නවද? (නි)
හරි පුදුම කතාවක්. බල්ලන් බළලුන් වගේ අලි පැටවුන්වත් මහමඟ දාලා යන මිනිස්සු ඉන්නවද? පස්සේ කියයිද දන්නෙ නැහැ අලි අම්මා එයාගේ ළමයා පන්සලේ දාලා ගියා කියලා. (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ මුසාවාදා වේරමණී කියලා මිනිසුන්ට පන්සිල් දෙනවා නේද? නමුත් මෙපමණ කාලයකට අපි කිසිදිනක නුදුටු දෙයක් පෙරහරට ගෙනා අලි පැටියෙක් පන්සලේ අමතකවෙලා දාලා ගිහිල්ලා කියන එක (නි)
අනේ පවු අලි පැටියා (නි)
කෝසල,එත කොට තොප්පියට මොකද වෙන්නේ. (බ)
සමහර අන්‍ය ආගම්වල අය මේ පිටින් බුද්ධාගමට පහර එල්ල කිරීම කණගාටුවට කරුණක්. (බ)
අනේ මෙහෙමත් කතා? (නි)
අනේ අපේ හාමුදුරුවෝ, අනේ සාදු! (නි)
බලු පැටවු, පූස් පැටවු වගේ නෙමෙයි නේද අලි පැටියෙක් කියන්නේ? මැති ඇමතිවරු දැනුවත් කරන වෙලේ, ළඟම තිබෙන පොලිසියට පැමිණිල්ලක් දාන්න තිබුනා නේද? (නි)
ස්වාමීන්වහන්සේ නමකගේ සුළු අඩුපාඩුවකට මඩ ගහන්න ඇතැම් පිරිස් නිලමැස්සන් රැලක් මෙන් එකතුවන්නේ බුදු දහම කිසිම තර්කයකින් බිද නොහැලිය හැකි සදාතනික සත්‍යය කියාදෙන ආගමක් නිසයි. ස්වාමින්වහන්සේලාත් පෘථග්ජන උදවිය. උන්වහන්සේලාත් තාම මාර්ගපල ලබල නැහැ. නමුත් සිවුරක් දරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අපේ බුදු දහම රැකිලා තියෙන්නේ ගරු සංඝරත්නය නිසයි.අඩු පාඩු සිදු වුනත් ඒවා හදාගෙන උන්වහන්සේලා ආරක්ෂා කරගැනීම සෑම බෞද්ධයෙකුගේම පරම යුතුකමක්. (බ)
ලංකාවේ ගව ඝාතන තහනම් කරගැනීමට සියලු දෙනා පෙළගැසිය යුතුයි. (බ)
අපේ ගෙවල් ළඟ මෙහෙම එකෙක් දාලා යන්නේ නැහැනේ (නි)
එතකොට ඔය පන්සල? ඒකත් කවුද ස්වාමින් වහන්සේ කෙනෙක් දාලා ගිය එකක්ද? (නි)
අනේ..සාදු..සාදු..! (නි)
පව් දුප්පත් හාමුදුරුවෝ ........ මහා ,ලැජ්ජාවක් බුද්ද ශාසනයටම...(ම)
හරි අපුරුවට කියනවා මම නීතියට ගරු කරනවලු (නි)
මැටිපහන කියලා තියෙන්නේ මැටි කතාවක් (නි)
මමත් දෙනවා රුපියල් 10ක් (නි)
කිලෝ 12 ක රන් කරඬුවක් පරිත්‍යාග කළාලු ඒ ස්වාමින් වහන්සේගේ නමින්. දැන් මේ නඩුවට යන වියදමට දුප්පත් මිනිසුන්ගෙන් රුපියල් 10 ගානේ එකතුකරන්න යනවා (නි)
සේනක, කෝසල, සැදැහැවත් බෞද්ධයෝ පන්සල් වල දාලා යන අලි පැටවූ නෙමෙයි, ගැහැණු දරුවන් පිරිමි දරුවන් පවා හදාගත්තට වරදක් නැහැ. නිසි අවසරයක් ඇතුව. මේක නම් වනයේ අම්මලා එක්ක ඉන්න අසරණ අලි පැටවූ හොරෙන් අල්ලලා විකුණන මිනිහෙක් දාලා ගිය එකෙක් වගෙයි. (නි)
මෙහෙම අයටනේ අපි දණගහලා වඳින්නේ! (නි)
අනේ අපොයි ලංකාවේ බුදු දහමට ගිය කලක් ,,,,,හාමුරුවෝ දන්නෙත් නැහැ පන්සිල් පද වල තේරුම ,,,,(ම)
කිතුලට නැගපු මිනිහටත් කියන්න කතාවක් තිබුනලුනේ. (නි)
අලි බොරුවක්! (ම)
මෙහෙම ගියොත් හොරු වුණත් කියාවි මම බලනකොට මේ බඩු අපේ ගෙදර ළඟ දාලා ගිහිල්ලා තිබුනා කියලා. අනේ බුදු හාමුදුරුවනේ, අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා. (නි)
මේ ස්වාමින්වහාන්සේට පැවිදිකම් කරන්න තිබෙන සුදුසුකම්වලට වඩා දේශපාලුකම කරන්න නම් තිබෙන සුදුසුකම් ඉහටත් උඩින්.(රේ)
ඔහොම වඩින්න (යමු) අපේ හාමුදුරුවනේ. මේ කාලයේ ඕවා සුලබ උත්තර. (නි)
බුද්ධාගමට ගිය කලක්? කාලයයි මේ සමිඳුනේ, දේශයයි මේ සමිඳුනේ, දීපයයි මේ සමිඳුනේ... (නි)
අහෝ දෙව්දත් නොදුටි මොක්පුර !!! (අ)
සාදු ! සාදු ! සාදු !!(අ)
බුදු දහම මහා ඛේදවාචකයකට මුහුණ දේ (බ)
අනිකකසාවෝ කාසාවන් - යෝ වත්තං පරිදහෙස්සති අපෙතො දමසච්චේන - න සෝ කසාව මරහති ධම්මපදය - යමක වග්ග තේරුම - කෙලෙස් කසට සහිත වූ ඉන්ද්රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් ඉවත් වූ යමෙක් කසාවත් දරන්නේද හෙතෙම එම කසාවත දැරීමට සුදුස්සෙක් නොවේ.(දෙව්දත් තෙර අරභයා රජගහ නුවරදී දේශනා කළ සේක) (බ)
අපේ හාමුදුරුවනේ කොළඹ පන්සලක අලි පැටව් දාල යන කතාව මම ඇහැව්වමයි (බ)
මතක් වෙන්නේ අලි බබා සහ හොරු හතළිහ (බ)
පිළිගන්න පුළුවන් කතාවක් එපායේ කියන්න. කිසිවක් නොකියාම හිටියානම් ඉතාමත් අගෙයි. ලක්ෂ ගණනක් වටිනා අලි පැටියෙක් නිකම් දාල යනවා කියල විශ්වාස කරන්න හැකිද? ජනතාවට ධර්මය දේශනා කරන අය බණ දහම් කඩකරනවා. (බ)
අනේ පව් (බ)
බොරු කීවහම අපාගතවන බව අපේ හමුදුරුවරුන්මයි දේශනාකරන්නේ පව් පලදෙන විට ගිහි පැවිදි බේදයක් නැහැ.මිට වසර කීපයකට පෙර රුසියාවෙනුත් බලු පැටව් දෙන්නෙක් ගෙනත් දාන්න හැදුව නේද උන් දෙන්නව රේගු නිලදාරීන් විසින් ආපසු යැව්වා මතකද? මිට මාස කීපයකට කලින් ඔබවහන්සේ වදාලේ ඔය අලි පැටවා හිතවත් මහත්මයකු විසින් ඔබවහන්සේට දුන් බවයි.දැන් කියනවා කවුද දාලගිය අලි පැටියෙක් කියා. (බ)
ඔබවහන්සේගේ බණ අහන අපිත් කදිම මෝඩයෝ වෙමු. (බ)
හාමුදුරුවනේ දේශපාලකයෝ කියන්නේ බොරු ලියන්න, බොරු පොරොන්දු දෙන්න රජවරුනේ. ඇත්තටම හාමුදුරුවෝ අලි පැටිය ලැබුන දවසෙම මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම් මෙතරම් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැනේ.හාමුදුරුවන්ගේ ප්‍රකාශ ඇත්තනම් දාල ගිය අලි පැටියව දැක්කහම ආසාවක් තණ්හාවක් ඇති වුණා නේද ? (බ)
බුදු අම්මේ...උඩුවේ හාමුදුරුවෝ චේතිය රජ්ජුරුවන්ගේ ළගම නෑයෝ කියල මම දැනන් හිටියේ නැනේ. (බ)
අපේ පන්සලෙත් හරක් පැටියෙක් දාලා ගිහිල්ලා තිබ්බා, ලොකු හාමුදුරුවෝත් දානේ ගිලන්පස එහෙම දීලා ආදරෙන් ඇතිකළා (බ)
කාව සතුටු කරන්නද හිමිවරු පස්සෙම පන්නන්නේ , සමහරු එළිපිට මහා හොරකම් කරනවා. වැඩි කල් බැහැ මේවා බලමුකෝ (බ)
ගරුතර සංඝරත්නය ආරක්ෂා කරන්න ඕනේ හැබැයි මේ වගේ අය ආරක්ෂාකිරීම මෝඩ වැඩකි. (බ)
සුපටිපන්නෝ භගවතෝ ගාථාවෙන් බුදුන්වහන්සේ අපිට කියලා තියෙනවා කව්ද ආර්ය සංඝයා කියලා. එහෙම අයට තමයි අපි නමස්කාර කළයුතු වන්නේ (නි)
අලි ගැන ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ බොහෝ වැරදි ආකල්ප. ලංකාවේ අලි මිනිස් ගැටුම් වලින් අලින් 150 කට වැඩිය අවුරුද්දකට මැරෙනවා. මිනිස්සු 100 ක් විතර මැරෙනවා. මෙතන අලින්ගේ දුකට වැඩිය මිනිස්සු විදින දුක ගොඩක් වැඩියි. මේ අසරණ මිනිස්සු ගැන කාගේත් හිත උණු වෙන්නේ නැහැ. අලින්ගේ බිම් වල පදිංචි වෙලා ඉන්න වරදට එය දඩුවමක් කියල හිතනවා. එහෙනම් දැන් තියන නගරත් කොළඹත් ඉස්සර අයිති අලින්ට තමයි. වල් අලි හතර පස් දෙනෙක් නගරයකට අවොත් බල ගන්න පුළුවන් තත්වේ. කෝච්චියේ හැප්පිලත් අවුරුද්දකට අලි 40-50 මැරෙනවා. එත් ලංකාවේ අලි ගහනය අඩු වෙලා නැහැ (සංගණන වලට අනුව). රජයට ආයෝජනය කරන්න පුළුවන් තරමට දෙපැත්තේම ආරක්ෂාව සැපයෙන පරිදි වන අලි සහ හීළෑ අලි ප්‍රමාණයක් නඩත්තු කිරීමයි කළ යුත්තේ. (බ)
නඩුවට දහය ගානේ ඉල්ලනවා. කිලෝ දොළහක රත්තරන් පුජ කරලා ළඟදි... අනේ හාමුදුරුවනේ...!! (බ)
මේ වගේ අයගෙන් අපිත් බණ අහනවනේ (බ)
ධම්මික මහත්තයාගේ කතාවට මම එකග වෙනවා. නමුත් ඒ කිසිදෙයක් මේ හාමුදුරුවන්ට ආදේශ කරන්න බැහැ. (නි)
දාලා ගිය ඇත් පැටවා රැකබලාගන්නවා කියන්නේ සසර මඟ දික්කර ගන්නවා කියන එකයි. (නි)
ඔයිට වැඩිය හොඳයි හාමුදුරුනේ " මම සැතපිලා ඉන්නකොට කළු ඇත් පැටියෙක් නම කියන්න බැරි පාටක කොඩියකුත් අරගෙන ඇවිත් මම සැතපිලා උන්නු ඇඳ වටේ කැරකිලා ඇඳ ළගින්ම නීදාගත්ත. ඉතින් මම ඌට කන්න බොන්න දීල පන්සලේම තියාගත්තා " කියල කිව්වනම්. (බ)
ඉහත ධම්මිකගේ අදහස හරියටම හරි. මෙතනදී හාමුදුරුවන්ට කවුරුහරි උපදෙස් දෙන්න ඇති බේරෙන්න මෙහෙම කියන්න කියලා. (ර)
සංජීව, ධම්මික හරි. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සුළු වැරදි තිබුණ හාමුදුරුවරු හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ අයව නිසිමඟට ගන්න උත්සහ කළා (නි)
මේ අහිංසක සතාගේ නිදහස නැති කරන්න ,මවු සෙනෙහස උදුරා ගත්තු හැම සතාම කුරිරු සත්තු....(බ)
මිනිස්සුන්ට මුසාවාද වේරමනී සික්ඛා පදං සමාදියාමී කියල පන්සිල් දෙන හාමුදුරුවෝ. එම සික්ෂා පදේ මහා දවල් කඩන කොට (බ)
අලියෙක් කොහෙද මා ළඟ... කඹේනේ අල්ලන් හිටියේ. (ර)
මේ ස්වාමින් වහන්සේ පැවසු දේ සත්‍ය විය නොහැකිද!ඇයි මේ සමහර අන්‍යාගමිකයින් වෙනත් නම් වලින් පෙනී සිට මෙසේ ගරහන්නේ.භික්ෂුවකට ගැරහිමද පාපයකි. එය හැම ආගමකටම පොදුය. (අ)
අලි සම්බන්දව නීති මාලාවක් තියනවා නේද ලංකාවේ ...හිල අලි පොතේ මේ අලි පැටියව ලියපදින්ච්චි කරන්න ඕනේ නේ ද ....අපි හැමෝම නිතිය තියන දේ ගැන කතා නොකට .... රවුමේ යනවා නේද මේ ස්වාමින් වහන්ස මන්ති කෙනෙක් වෙලා හිටිය නේද ....ඉතින් නිතිය ගැන දන්නේ නැහැ වෙන්න බැහැ නේද ....මේවා ගැන හිතන්න ඕනේ කාළේ ඇවිත් ...(අ)
මේ කතාවේ හැටියට ලංකාවේ දේශපාලකයින් කියන බොරු මොනවාද කියල හිතෙනවා (බ)
මැටිපහන, අම්මප තවම හිනාව නවත්ත ගන්න බැරි වුනා. මටත් බයේ බෑ උදේට පාන් ගේන්න යන්නත්. දොරකඩ ළඟ කවුරුහරි අලි පැටියෙක් දාල ගියොත් මාව අල්ලන් යයි කියල. (බ)
මැටිපහන ඔවැනි දේ ලිවීමට අති දක්ෂයෙකි.මැටිවල හැටි ඔහොම තමා. (බ)
උන්වහන්සේ හොඳ ධර්ම කථික ස්වාමින්වහන්සේ නමක්. කතෝලිකයෙක් වුනත් මා ඒවා ශ්‍රවනය කරන්නේ දැහැමි භක්තියෙන්.එය අප රටේ සංස්කෘතිය හා බැඳෙන දෙයක්.උන්වහන්සේ ආරක්ෂා වේවා ! (බ)
මේ බොරු වලට වෙනම ආපායක් හදන්න වෙයි (බ)
හාමුදුරුවන්ට විකට ප්‍රසංග අකැපයි නොවැ. (බ)
ඕවා ගිහිල්ල දෙසන්න කොන්ඩේ බැඳපු චීනුන් ට ... චීවරයක් දාගෙන හිටිය පමණින් වකුටු වෙලා දෙකට නැමිලා වඳින්න පුරුදු වෙච්ච අපේ ජනයා දැන් වීදි බහින්නකෝ මෙතුමා වෙනුවෙන් (බ)
ශ්‍රී මහා බෝධියට කිලෝ දොළහක කරඬුවක් පුජාකළා කියලා මුසාවාද සිල්පදය කඩකළාට සහ සත්ව හිංසාවට සමාවක් ලැබෙන්නේ නැහැ. කිලෝ දොළහක කරඬුවක් පුජාකරන්න ඔබවහන්සේට මුදල් කොහෙන්ද ලැබුනේ? (නි)
මට ආසයි ඔබවහන්සේ ගෙන්වලා අපේ පන්සලේ ධර්ම දේශනාවක් පවත්වන්න. (නි)
අවසරයි, අපේ හාමුදුරුවනේ. අලියා බලාගන්න කෙක්ක දාල ගිහින් නැද්ද? තිබුනානම් ඔබ වහන්සේ නිදහස් වෙන්න තිබුනා. (බ)
ඇඃ, චාමර මහත්තයෝ, එහෙමද කතාව? එලවන්නේ හාමුදුරුවරුන් පස්සේ නෙවි නීතිය උල්ලංඝනය කළ බවට සැක කරන පුද්ගලයන් පිටිපස්සේ. එ්ක වැරදියි කියලද කියන්නේ?"වැඩි කල් බැහැ මේවා"? ඔබ පාරම් බාන්නේ රජ වෙන්න හිතාගනද? හොඳයි, හොඳයි බලමුකෝ! (බ)
තිලත් ඩුබායි මොකද කියන්නේ (බ)