
ශ්‍රවණය කළ හැකි අයුරින් සැකසූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සංගෘහිත වෛත්‍යරාජයණ් වහන්සේ නමක් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කැර තිබේ
නෙස්ලි රංජිත් රාජසේකර මහතාගේ සංකල්පයක් අනුව නිමැවූ මෙය දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසානාවඅනුව සිදු කැර ඇති අතර මෙහි පළමු සෑ රදුන් දුරුතු පොහොය දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට නියමිතය
තොරතුරු දැනගැනීමට 011 3091793 - 0770035840 - 41
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන මද වත් කුසලච්චන්දය ඇති පිරිස වෙනුවෙන් කල ඉතා හොද වැඩක් (දී)
මේකේ මිල කියද (දී)
හරිම සතුටු විය යුතු කියාවක් කොහොම කිවත් අපේ රටේ ගොඩක් දෙනෙක් දැන් ධර්මය ගැන හොයනවා මමත් ගොඩක් දුරට රොකිට එකඟයි එත් මොනවා උනත් අපි විද්‍යාවේ ජිවත් විය යුතයි සමහර විට සිසුවාට කනේ පහර ගහන්න හේතුවක් තිබිය යුතයි මම උනත් ඉස්සර පන්සිල් ගන්න මොහොතේ ලග ඉන්න යාලුවට මොනවා හරි කරනවා මම හිතන්නේ සමහර විට සිසුවාට නරක හේතුවක් හිතේ තියන කරපු වැඩක් නොවිය යුතුයි ඔය දේවල් නිසා දෙමව් පියන් හොදින් හොයා බලා තීරණයක් ගත යුතුයි මොකද ඒ දරුවාගේ ඉදිරිය වෙනුවෙන් නුවන මද වත් කුසලච්චන්දය ඇති පිරිස වෙනුවෙන් කල ඉතා හොද වැඩක් කියල මමත් දකිනවා බුදු සරණයි (දී)
ශ්‍රද්ධාවේ පරිමාව ශුද්ධ ලාභය විසින් තීරණය කරනු ඇත.(දිල්)
එක සිතින් සාධු කියන්න පුළුවන් වටිනා වැඩක් (දී)
තව තවත් මිනිසුන් අතරට ධර්මය ගෙනයා හැකි විශිෂ්ට ක්‍රමයක් සුභාපතනවා (දී)
සමස්ත සමාජයටම එක ලෙස සතුටු වෙන්න පුළුවන් කාරනාවක් (දී)
මුදල මත යැපෙන්නේ නැතුව ඔය හඬ පටය අන්තර්ජාලේ ප්‍රචාරය කලා නම් ජාතක කතා වස්තුව ගැන වැඩි දෙනෙකුට දැනගන්න ඉඩකඩ තිබුන.මට බයබලය කියවන්න පුළුවන් පහසුකම තිබුනත් බුදු දහම ගැන ඉගෙන ගන්න තියෙන ඉඩකඩ අවමයි.(දී)
බෞධයින් ලෙස සතුටුයි අපිට (දී)
සරත්! පහත දැක්වෙන ඔබගේ කියමන අප ඉතාමත් අගය කරනවා. "මට බයබලය කියවන්න පුළුවන් පහසුකම තිබුනත් බුදු දහම ගැන ඉගෙන ගන්න තියෙන ඉඩකඩ අවමයි" (නදී)
සාදු සාදු සාදු.(නදී)
බුද්දිමත් බෞද්ධයෝ මේ වගේ වැඩ කරලා මිනිසුන්ට බුද්දාගම කියාදෙන එක අගය කලයුතු වැඩක්. (නදී)
නමස්කාර වේවා.සාදු..සාදු..සාදු..(නදී)
අගය කල යූතූ හොද වැඩක්. සැමට තෙරුවන් සරණයි.(නදී)
අනේ සාදු සාදු මෙය ඇති සාර්ථක වී මගේ රටට සෙතක්ම වේවා (දිල්)
සරත් හොද අදහසක් මමත් ඒකට එකගයි. බුදුහාමුදුරුවො ධර්මය විකුනන්න කියල නෑ.(නදී)
සිංහල ගැමි බෞද්ධයෝ බෞද්ධ පොත් පත් හැඳින්වුයේ පොත් වහන්සේ කියා. ඒ අනුව ජාතක කතා පොතද වසර දහස් ගණනක් තිස්සේ "ජාතක පොත් වහන්සේ" වීය. මෙවැනි සංස්කෘතියක් තුල හදුනා වැඩුන අප කුඩා කාලයේ අපට ඉගෙන ගැනීමට උපකාරීවූ පොත පත ට වඳින්න පවා පුරුදු වී සිටියා. චෛත්‍යයක ආකෘතියක් උඩින් තිබුනද යට ඇත්තේ එම්.පී 3 වාදන ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයකි. මෙවැනි යන්ත්‍රයක් මිළදී ගැනීමට ගැමියෙකුට තව කොපමණ කල් ගතවේද කියා සිතිය නොහැක. කළ යුතුව ඇත්තේ මුළු රටම වෙළාගෙන ඇති මත්පැන් හා මත් කුඩු මාරයාගෙන් මෙන්ම කුඩා දරුවන් ලිංගික අපචාර වලින් වළක් වා ගැනීමට බුදු දහමේ පණිවිඩය දේශපාලනයෙන් හා වානිජත්වයෙන් තොරව නියම් ගම් පුරා පැතිරවීමයි. මෙවැනි යන්ත්‍ර හොඳ වායු සමීකරණය කළ කාමර වල සිට සවන් දෙන්නය. (දී)
ඉතාමත් හොද වැඩක් (දී)
බුදු සසුන බැබලේවා (දී)
ඔය මොන මොනවා කෙරුවත් අපේ බෞධයින්ගේ අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඇත්තම කියනවානම් අපේ බොහොම දෙනා කටින් විතරක් බෞද්ධ "පන්සිල් ගනිමින් සිටි සිසුවාට කනේ පහරක්" කියල පුවතක් මේ පිටුවේම තියෙන්නේ! මුළු ත්‍රිපිටකයම ජීවම් කරලා බෙල්ලේ එල්ලුවත් අපේ අය්යලා ඔහොම තමයි. යාන්. ඔහොම යාන්! (දී)