හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුදුකොඩි නඩුවෙන් වැරැදිකරු ලෙස මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය බෙදුණු තීන්දුවකින් ප්‍රකාශ කෙළේය. ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය හා ඒ ඉෂෙඩ් රෂික් විනිසුරුවරු ඔහු පළමු චෝදනාවට පමණක් වරදකරු කළ අතර ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව මහතා ඔහු සියලු චෝදනා වලින් නිදහස් කෙළේය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ යැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. දෙවැනි තෙවැනි චෝදානා වූයේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා මහජන කැලැඹිලි ඇති කිරීමයි. මුල් චෝදානවට වසර තුනක සිරදඩුවම්ක් ද රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ විනිසුරු දෙපොළ දඩය නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිරදඩුවමක් ද නියම කරන බව කීහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න
viruwanene.where ever are you going we are with you.we bless you.do not worry be happy.
අපි ඔබ සමගයි. ඔබයි අපේ වීරයා
අපේ රට බේරාගත් ජාතියේ පියාණෙනි. ඔබට සුබ උපන්දිනක් මෙවන් දිනක ජයගැනීමට ලැබීම අප කාගේත් ජයක්. ජනාධිපතිතුමනි ඔබට දීර්ඝායුෂ
රජෙක් වගේ ඉන්න තිබුණ කෙනෙක් දේශපාලනයට ඇවිත් නිකන් අමාරැවේ වැටුණා
කර්මය බොහොම ඉක්මණට විසදෙයි. පිරිබාකරන්ට ඔහොම වෙයි කියලා කවුද හිතුවේ?
මම එකගයි
කවදාවත් අනුමත කරන්න බැරි දෙයක්
මේවා මහා වංශයේ ලියවේවි
ඡ.වි.පෙ හා එ.ඡා.ප ලනු නොකා හිටියානම් අද ඔබ රඡසැප විදිනවා .දැන් ඒ කවුරුවත් ඔබ ගැන බලනවාද?.බොරුවට ඉදල හිටල කෑ ගහනවා විතරයි.ඒත් ඒ අයට දේශපාලන වශයෙන් අවාසිවෙන එක නවතා .
රටට වින කළොත් කාටත් සමාන බව ඹප්පු කරනවා. යුද්ධය කාගෙවත් තනි ජයග්‍රහනයක් නෙවෙයි. ඒක තනිව කෙරුව බව කියලා මමත්වයක් පෙන්වන්න හොද නෑ. මේ අදහස දේශපාලන අතකොලුවකුගේ නෙමෙයි. රටට ආදරය කරන රණවිරුවකුගෙ අදහසක්.
කොටි එළියේ යුද්දෙ දිනන්න මග පෙන්නපු අය හිරේ
නොදන්න දේශපාලනය නොකර හිටියනම් අද රජ සැප
අපේ ශක්තිය ඔබයි. අපේ ජය. කණගාටු දිනයක් අද සෙන්පතියාණෙනි. ඔබට කවදා හරි ජය නියතයි.
අපේ තාත්තා නැතිවුන දවසේ වගේම හිතට දුකයි.
අප ඔබ සමගයි සැමවිටම. ඔබ උසස් පුද්ගලයෙක්. අප සැමදා ඔබ සමගයි.
කවදාවත් අනුමත කරන්න බැරි දෙයක් .අපි ඔබ සමගයි. ඔබයි අපේ වීරයා.විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න
කට හිනදලු මාළුවත් නහින්නෙං
නොදන්න දේශපාලනය නොකර හිටියනම් අද රජ සැප
යුද්ධය කාගෙවත් තනි ජයග්‍රහනයක් නෙවෙයි. ඒක තනිව කෙරුව බව කියලා මමත්වයක් පෙන්වන්න හොද නෑ.
දිට්ඨධම්මවේදනීය කර්මය
මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.
අපි සාධාරණ විදියට හිතන්න අවශ්‍යයි. ජනාධිපති සැපසේ. පොන්සේකා දුකසේ. දිට්ඨ ධම්මවේදනීය කර්මය...
මේකට වග කියන්න ඕන යූඇන්පී එකයි ජේයීපී එකයි
අපේ රටේ හිටිය වැදගත් කෙනෙකුට මොලේ පාවිච්චි නොකිරිම නිසා කරගත් දෙයක්. මින් පස්‌සෙවත් එකා වගේ ඉන්න ඉහෙන ගන්න, පොදු සමාව යටතේ කලින් නිදහස් විමට ලැබේවා.
විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.
ඔබ වගේ සෙන්පතියෙක් ජාතියට ලොකු සම්පතක්. ඔබ සමග මුලු රටම අත්වැල් බැදගන්න දවස වැඩි ඈතක නෑ. ඔබට නිරෝගී සුව
ඔබ සැබෑ රණවිරුවෙක්
ලෝකෙ කොහෙවත් දෙවියෝ නෑ කියල දැන්වත් මින්ස්සු තේරැම් ගනීවි.
රට වෙනුවෙන් තම ජීවිතයම කැප කර යුධ වැදී රට බේරාගත් ජෙනරාල් සරත් ෆොන්සේකාව අවරුදු 3 කට හිරේ දමා.... මිනීමරු කරුණා, KP වැනි කොටින් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් ඔබතුමා මේ කරන දේ අතීතය මතක කිසිම සිංහලයෙක් අනුමත නොකරයි... කොහොම වුනත් අද ඔබට ගොඩාක් සතුටින් උපන්දිනය සමරන්න පුළුවන්....
මේ ගැන අදහස් ප්‍රකාශ කල හැක්කේ සුද්ද සින්හලෙන් බැවින් කිසිවක් නොකියමි