රුපියල් පන්ස් තුන් ලක්ෂ හැටහතර දහස් එකසිය විසිහතරක් වටිනා චෙක් පත් වංචාවක් සමිබන්ධයෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු කොළඹ යොන් වීදියේ පදිංචි 55 හැවිරිදි ගොඩනැගිලි කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයෙකි.
මොහු ආපසු මුදල් ලබා දෙන බව පවසා රුපියල් පන්ස් තුන් ලක්ෂ හැටහතර දහස් එකසිය විසිහතරක් වටිනා චෙක් පත් ව්‍යාපාරිකයෙකුට ලබා දී ඒවා අගරු වීමට ඉඩ හැර ඇත.
මේ පිළිබදව ලැබුණු පැමිණිලි මත මොහු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍ය පුද්ගලයෙකු බැවින් ඔහුගේ විදේශ ගතවීම් වලක්වන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ඉල්ලීමකට අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට ලබා දී තිබූ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 125 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය භාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීහු සැකකරුගේ ලියවිලි පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසිට බාර දෙනු ලැබූහ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී ඉන්න බොහොම දෙනෙක් බිස්නස් කරන්නේ රෝල් ක්‍රමයට. එක්කෙනෙකුගෙන් ගත් චෙක්පත තව කෙනෙකුට දෙනවා. ඕක අතින් අත යනවා. චක්‍රය ඇතුලේ එකිනෙකාව විශ්වාස කරගෙන. කා අතින් හරි අගරු වුනොත් ඒ චක්‍රය බිඳෙනවා. නමුත් නඩු දාන තුරු මුදල නොපියවූ නිසා මේක නම් වංචාවක්. (නි)
හිතන්න ඇති ඉන්දියාවට ගියාම වැඩේ හරියි කියල.(ස)
ඉන්දියාවේ යන්නේ නැතුව සිංගප්පුරු ගිහින් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා "මුකුත් මතක නැහැ" කිව්වා නම් තමයි හරි (නි)
මම අහන්න කැමතියි අර සුධර්මන් රදලියගොඩව අල්ලන්න බැරි ඇයි. නීතිය හැමෝටම පොදු දෙයක් විය යුකතුයි. අනේ ඉතින් අපේ බල්ලටත් නැති නීතිය.(නදී)