පැනමා රාජ‍්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ ආධාරයෙන් බදු ගෙවීම් පැහැරීම කළු සල්ලි සුදු කිරීම ඇතුළු නීති විරෝධී මූලය කටයුතුවල නිරත වූ ලෝක නායකයන්, ප්‍රකට පුද්ගලයන් , ව්‍යාපාරිකයන් සහ සමාගම්වල විස්තර ප්‍රසිද්ධියට පත්කිරීමට ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සන්සදය නව වැනිදා රාත්‍රී (ලංකා වේලාවෙන්) පියවර ගත්තේය.
ඒ අනුව ලාංකිකයන් 21 දෙනකුගේ නම් එහි පැහැදිලිව ඇත. එහෙත් ශ්‍රී ලංකාව ලිපිනය වශයෙන් දුන් සෑහෙන පිරිසක් ද එහි සිටින බව කියති.
එම පිරිස අතර පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම් ද සඳහන්වී තිබේ. ප්‍රසිද්ධ ආරක්ෂක සමාගමකට සම්බන්ධ බව කියන හතර දෙනකුගේ නම් එහි දක්වා තිබේ.
සමාගම් තුනක ද, අතරමැදියන් බව කියන හත් දෙනකුගේ හා ලිපින 53ක තොරතුරුද එහි ඇතුළත්වේ.
ඉන්දියාවේ පුද්ගලයන් 1046 දෙනකුගේ ද, ලිපින 828ක ද විස්තර එම ලැයිස්තුවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි පැනමාවේ කෝටි ගණන් මුදල් තැන්පත් කළැයි කියන ශ්‍රී ලාංකික ගිණුම් හිමියන් 60 දෙනකුගේ තොරතුරු හෙළිවී ඇති හෙයින් වහාම පරීක්ෂණ අරඹන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ කීර්ති තෙන්නකෝන් කියයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමාගමක්, හෝටල රන් අබරණ ඇඟළුම් හා බුකී කර්මාන්ත වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ ගිණුම් හා ලිපින 51 ක් එහි ඇතැයි ඔහු කියයි. හිටපු සංස්ථා සභාපතිවරයකුගේ නමක්ද එහි ඇත.
රට සල්ලි පිළිබඳ ශ්‍රී ලංකා නීතියෙන් රිංගා ශ්‍රී ලංකාවේ මහත්වූ ධනස්කන්ධයක් හොරෙන් පැනමාවට යැවූ පුද්ගලයන් සොයා බලන අතර එම ධනස්කන්ධය රටට ලබාගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු කියයි.
(අයිසීඅයිජේ වෙබ් අඩවිය ඇසුරෙනි)
https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e=&j=&q=&utf8
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අපේ දේශපාලඥයින් කීදෙනෙක් ඉන්නවද? (නි)
මම මේ බයේ ඉන්නෙ මගෙ නමත් ඕකේ තියෙයිද කියල (බ)
අයියෝ! 65 ද? අපි හිතුවේ 100 කට වඩා ඉන්නවා ඇති කියලයි. (නි)
නම් එළියට නොදාන්න ඒවා හංගාගන්න උවමනා අය නොකරන දෙයක් නැතිවෙයි (නි)
මම නම් හිතුවේ මීටවඩා ඉඳියි කියලා (නි)
අපිට කුකුසක් ඇතිනොකර මේ නම් එළිදක්වන්නකෝ (නි)
මගේ නමත් තියනවද දන්නෙ නැහැ. මට නම් බයේ බැහැ (නි)
මෙන්න අවශ්‍ය ලින්ක් එක. තමන්ට අවශ්‍ය නම දාලා හොයාගන්න. https://offshoreleaks.icij.org/ (නි)
අහනකොටත් පුදුමයි. අපි නම් හිතුවේ අඩුම තරමේ දෙතුන්දාහක්වත් ඇති කියලා (නි)
බලාගෙන යද්දී ලංකාව අපි හිතන තරම්ම දුප්පත් නැහැ (නි)
පැනමාව කියන්නේ සල්ලි හංගපු එක තැනක් විතරයි (නි)
ආණ්ඩුව හොරු මන්තරය ජප කරමින් අවුරුදු එකහමාරක් ඇද්දා. පැනමා ලැයිස්තුව ජප කරමින් තවත් එකහමාරක් දෙකක් අදින්නද මේ ලෑස්තිය. අනේ මගේ ඡන්දේ! (නි)
එකත් හොදයි දැන් වැට් බැට් ඔක්කොම අමතක වෙන්න මේක මාසයක් විතර හොදයි.(හේ)
අනේ අපොයි අබ සරණයි, කාට කාටත් කටඋත්තර නැති වෙයි. (හේ)
අපි බලයට පත් කර ගත්තු කොන්ද පන නැති වුදවිය ගැන මම අද විශාල ලෙස දුක් වෙනවා.(හේ)
අහල පුරුදු නමකට තියෙන්නේ එක නමක් විතරනේ. (ර)
එක නමක් විතරයි දන්නා නමක් තියෙන්නේ අනිත් ඒවානම් හරියට දන්නෙ නෑ කාගෙ කව්ද කියලා. (ර)
ආරක්ෂක සමාගමක් නම් ඉතින් ඇවන්ට්ගාර්ඩ් තමයි.(හේ)
මේ අයගේ නමුත් කිව්වානම් නේද හොඳ?(හේ)
ධම්ම, එහෙම කියන්නේ මොකද? (ර)
අප්පුහාමි කියනවා වගේ පැනමාව එක තැනක් විතරයි. අපොයි ඔයිට වඩා හොඳ තැන් ඕන තරම් ඇති. තැන් තැන් වල ටික ටික දාල තිබ්බහම හොර එලිවීමේ අවදානම අඩුනේ. (ර)
මම විදේශයක අවුරුදු 30 පමණ ජීවත්වන්නේ. නියම විදිහට බදු ගෙවන ගමන් මමත් ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය සමාගම්වල මුදල් ආයෝජනය කරනවා. අවුරුදු 25ක් මේ රටේ හොඳ රැකියාවක් කරන නිසා මට සැහෙන ඉතිරියක් තිබෙනවා ඒ වගේම ලංකාවේ අපේ පවුල් වලටත් ඇති තරම් උදවු කරනවා. මේ විදිහට මුදල් ආයෝජනය කිරීම තහනම් නැහැ නීත්‍යානුකුලව උපයපු දේ නම්. දැන් ලංකාවේ කියවෙන විදිහට මේ මුදල් ආයෝජනය කරපු ලංකාවේ අය හැමෝම හොරු වෙලා. හැමෝම හොරු නොවෙන්න පුළුවනි. සමහරක් දෙනෙක් පමණක් හොරු වෙන්න පුළුවනි. ඒ නිසා දේශපාලකයින් කියන හැම දේම ගිලින්න එපා. (ර)
කිත්සිරි , නෙත්දල්වා බලා සිටි කෙනෙක්ගේ නම තියෙන්නේ කොහොමද.? කිසිම ලොක්කෙක් තමන්ගේ නමින් ව්‍යාපාර කරන්නේ නැහැ ,මේ සරල දේවත් දන්නේ නැද්ද.? (ර)
ශ්රී ලංකාවේ එකම දේශපාලඥයෙක්වත් නැහැ කියලා තමයි ආරංචි. බලමුකෝ. (නි)
මේ නම් සඳහන් පුද්ගලයින්ට දැන් මොනවා හිතිලා තියෙනවා ඇද්ද? (නි)
නමුත් මෙම ලැයිස්තුවේ සැමදෙනාම නෙත්දල්වා බලා සිටි කෙනෙක්ගේ නම නොමැතිවීම අපිට පුදුමයක් (නි)
ඇයි ඉතින් ලැයිස්තුව තියනවනේ ඕනෑ කෙනෙකුට පෙනෙන්න. ඉතින් බයනැතුව ඔය කියන 'වැඩි කතාබහට ලක්වූ' අය ගැන දැනගන්න පුලුවන්නේ. (නි)
අපොයි! මගේ හිතේ තිබෙන කෙනාගේ නම නම් ඕකේ තියෙන්න එපා දෙවියනේ (නි)
බලනකොට ඉන්දියාවෙනේ සල්ලිකාරයෝ ඉඳලා තියෙන්නේ (නි)
මේවා අපි ලංකාවේ මිනිසුන්ට හංගන්නේ නැතුව කියන්න ඕනෑ. (නි)