කුමන කුරුළු අභය භූමියේ සියලු වැව් සිඳී සතුන්ට ජලය අහිමි වී ඇතැයි නිලධරයෝ කියති.
අක්කර 65000ක් වන වනාන්තයේ සතුනට ජලය සැපයීම සඳහා ඇත්තේ බවුසර දෙකක් පමණි.
ජලය නැති කමින් බොහෝ සතුන් මැරී යතියි වනජීවී නිලධරයෝ පවසති.
පානම කුඩිංබිගල තත්ත්වය ද එසේම බව ඔවුහු කියති.
යාල ජාතික වනෝද්‍යානය ද සැප්තැම්බර පළමු වැනි දා සිට 30 වැනි දා දක්වා වැසීමට තීරණය කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න දානපති පරම්පරාව පුළුවන් විදිහට වතුර බව්සර් ටිකක් සපයන්න දායක වෙන්න. නැතිබැරි අපි දුක් වෙනවා හැර වෙන මොනවා කරන්නද ? (නදී)
අනේ ඉක්මනට වහින්න ඕනෑ, දෙවියනේ.වාරිමාර්ග ක්‍රමයක් හදන්න බැරිද මේ රටේ හැම ප්‍රදේශයකටම වතුර දෙන්න පුළුවන් විදියට? (නි)
මේ දේ හැමදාම වෙනවා මේ පාර නියගය ටිකක් වැඩියි මේ ප්‍රස්නය මේ කාලයේ කතා කරනවා පසුව වැස්ස ආවම අමතක කරනවා කිසිම විසදුමක් නැහැ බලධරියෝත් නිහඩයි පාලකයොත් නිහඩයි කතාව නම් සංචාරක ව්‍යපාරය දියුණු කරන්න ඒ උනාට එන සංචාරකයෝ බලන්න එන සත්තු ටික වත් රැක ගන්නේ නැහැ (දී)
මම කොහොමද උදව් කරන්නේ? පුළුවන් විධිහක් යෝජනා කරන්න මම ඉන්නේ නුවර. වතුර ගිහින් දාන්න වනජීවී දෙපාර්තමේන්තුවට උදව් කරන්න කියලා පත්තරේ ලිපියක් තිබ්බා. කවුරු හරි ක්‍රමයක් යෝජනා කරනවා නම් මම උදව් කරන්න මම ඉන්නවා. (නදී)
කාට කියන්නද මේ දුක (දී)
වන ජීවී ඇමති තුමනි අරමුදලිකින් සල්ලි ගෙන වහාම ගුවන් මගින් හෝ බව්සර් තොගයක් ගෙනල්ල බෙදා දෙන්ඩකෝ (දී)
පව් සත්තු ටික (නි)
දළදා සමිඳුන්ගේ පිහිටෙන් ඉක්මනින් වැස්ස ලැබේවා (දී)
වැස්ස වලාහක දෙවියනි දිවැස් කරුණා වැඩමවන්න (දී)
මම ප්‍රදේශවල නළ ළිං හැදුවොත් ඉදිරි කාලයකදී වතුර නොමැති තත්ත්වයකට පත්විය හැක. නළ ළිං මඟින් මතුපිට ජලය යටට බහිනවා.මේ ප්‍රදේශවල ජලය රඳන ශාක වැවිය යුතුයි (නි)
මෙච්චර දෙයක් වෙනකන් බලධාරීන් කොහෙද හිටියේ?(අ)
අපි වතුර බෝතල් තොගයක් පිටත් කරන්න කටයුතු කරලා තියෙන්නේ.(දී)
කරන දෙයක් ඉක්මනින් කල යුතුයි. කෝ මේ ඇමති තුමාලා? (දී)
ජල බව්සර දෙකකින් ඔය වැව් කවදා පුරවන්නද ?ජවයක් ඇති මී හරකුන් මෙසේ මියන්නේ නම් අනෙක් කුඩා සතුන්ට කාගේ පිළිසරනක්ද .විකල්ප ජලයෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකමකි. (දී)
අහිංසක සත්තු (දී)
පව්. වගකිවයුත්තන්ට මේවා පේන්නෙ නැද්ද ??? (දී)
වතුර පුරවන්න ටැංකියක් වගේ හැදුවනම් තාවකාලිකව (දී)
අද ඕනෑම වෙලාවක වස්සන්න , වැස්ස නතර කරන්න තාක්ෂණය දියුණුයි. ඒවගේම අපේ රටට ඉහළින් දුම් කරත්ත වගේ යානා යනවා ඔයාලත් දැකලා ඇති. ඊට පස්සේ වලාකුළු දෙපැත්තට යනවා. හොඳට අහස බලාගෙන ඉන්න ඔයාලටත් මේ දේ දැකගන්න පුළුවන්. (නි)
සතෙක් බඩ ගින්නේ ඉන්නවා දැක්කාම පුදුම දුකක් ඇති වෙන්නේ (දී)
මෙහෙම හෝ වතුර ටිකක් දෙන්න පුළුවන් නම් කොයි තරම් දෙයක් ද (දී)
වෙනසකට තියෙන්නේ සත්තු මැරෙනවා, බලධරයෝ බුදි. (නදී)
වතුර විතරක් නොවෙයි කන්න දේවල් පවා නැහැ (දී)
ඇයි හත් දෙයියනේ ඩෝසරයක් දාලා මේවා හෑරුවනම් හරිනේ. (අ)
පුළුවන් හැටියට උදවු කරමු (දී)
සතුන් පව් (දී)
වන ජීවී අමාත්යාංශය , වන ජීවී දෙපාර්තමේන්තු ඒවාට අනුයුක්ත නිලධාරීන් හිටියට වන ජීවීන් මේ වගේ අවස්ථාවක රැකගන්න වතුරටිකක් වනන්තරේ තියෙන කුඩා ජලාශ වලට ගිහින් දාන්න වැඩ පිළිවෙලක් නැහැ.එක අතකට මාරයි. මිනිස්සු ගැන බලන්න ඉන්න අයත් සත්තු ගැන බලන්න ඉන්න අයත් බලාගන්නේ තමන්ගැන විතරක් වගෙයි පෙනෙන්නේ.(දී)
ලංකාවේ අර පිටින් තියෙන අයිසින් තට්ටුවට යටින් ඇති සත්‍ය තමයි ඔය පෙනෙන්නේ.... ආණ්ඩුවේ හැමදේම මාධ්‍ය වලින් පුම්බනවා මිසක් ලංකාවට වෙන්නේ මොකක්ද කියල කව්රුවත් හොයන්නේ නැහැ. මේතරම් වතුර තියෙන රටේ සතෙක්වත් වතුර නැතිව පිපාසයෙන් ඉන්න පුලුවන්ද? අලස, දුෂිත නිලධාරීන් සහ දේශපාලනය ලංකාවේ හදවත සිදුරු කරමින් ඉන්නවා. ලංකාදීපෙට ස්තුතියි මෙවැනි දේ ප්‍රචාරය කරනවට..!!(දී)
දිනුක ඔබේ අදහස හොඳයි. එකතු වෙලා යමක් කරන්න පුළුවන් නම්.... (දී)
මේ සත්තු පෙන්නලා පිටරටින් සංචාරකයෝ ගෙන්නන සමාගම් මේ සත්තු අසරණ උනහම මොනවද කරලා තියෙන්නේ .ඔබත් මේ ආයතන වලින් සේවාවන් ලබාගන්න පෙර මෙගනත් හිතන්න . (දී)
ඊලගට මෙ තත්වය මිනිසුන්ට නොබෝ දිනකින් උදා වේ ( මිනිසුන් කරන අකුසල්(පවු ) වල ප්‍රතිපල මෙ....( පවු අහිංසක සතුන්) (දී)
මේවාට දීර්ඝ කාලින විසදුම් අවශ්‍යයි (දී)
පිට රට ඉන්න මටත් දුකයි (නදී)
නල ලින් තාක්ෂනය යොදා නොගන්නේ ඇයි දන්නේ නැහැ (දී)
සතුන් වෙලා ඉපදුනේත් කරුමෙට මේ විදිහට දුක් විදින්නත් මොන තරම් පවක් කරලා ඇතිද (දී)
පුළුවන් හැටියට උදව් කරමු. හරිම නරක කාලයක් ලඟා වෙලා වගේ තමයි පේන්නේ. (දී)
කව්රු හරි මුලිකත්වය අරන් වැඩසටහන් පටන්ගන්න - අහිංසක සත්තු ටික බේරගන්න (දී)