IMG-LOGO

පානම ගොවියා ගොවි දුක උසාවියට කියයි

පානම  ඉඩම් එහි විසූ මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පානම ප‍්‍රදේශයේ ගොවියකු ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමේ ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති , ඇතුළු වගඋත්තරකරුවන්ට  ඔක්තෝබර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරු හමුවේ පෙත්සම සලකා බැලිණි.

පානම  පුංචිරාළ සෝමසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

1998  දී ත‍්‍රස්තවාදී කටයුතු වලින්ද ,2004 සුනාමි ව්‍යසනයෙන් ද ඔවුන්ට විවිධ බාධක සිදුවී ඔවුන් ගොවි බිමි අතහැර ගියත් , යළිත් සිය ජීවන තත්ත්වය නඟා සිටුවීමට සමත්වූහ.

සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම් යම් බාධා කිරීම් සිදුවූ අතර පසුව වගඋත්තරකාර බලධාරීන්ගේ අනුදැනුම මත පොලීසිය විසින් ඔවුන් පලවා හැරීමටද උත්සාහ කළ බව පෙත්සම්කරු කියා සිටී.

පානම ඉඩම් එහි මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමටත් අක්කර 25 ක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහාත් රජයේ අනුමැතිය ලැබිණි.



අදහස් (0)

පානම ගොවියා ගොවි දුක උසාවියට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site