පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි, පෙරහැරවල් ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා ලබා දීමට හැකියාව ඇති බව රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා කොළඔ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
වනජීවී දෙපාර්තමෙන්තුවට බැදී ඇත්ගොව්වන් ලෙස සේවය කිරීමට පුහුණුව ලබා සිටින කාන්තාවන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන් රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා මේ වන විට කාන්තාවන් කිහිප දෙනෙකුම ඇත්ගොව්වන් ලෙස සේවය කරන බවද අධිකරණයට දැන්ම් දුන්නේය.
කෑලෑ වලින් හොර රහසේ අල්ලා ව්‍යාජ ලේඛන මත අලි පැටවු තබාගෙන සිටින බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර අනේ අහිංසක පින්නවල අලි ටිකටත් වද දෙන්නයි සුදානම..ඉස්සර කිරිබොන අලි පැටියෙක් හිටපු රජ්ජුරුවෝ පින්නවලින් උදුරගෙන් ගිහින් පුජ කළා. දෙවියන්ගේ නාමෙන් ඔය සත්තු ටිකට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න බැරිද අම්මප? (අ)
සමහර හීල නැති අලි කකුල් හතරටම දම්වැල් දාල කිලෝමීටර ගානක් පෙරහරේ යන විදිහ දැක්කම හරිම දුකක් හිතෙනවා. අඩියෙන් බාගයයි තියන්න පුළුවන්. මේක සත්ව හිංසාවක්. කාටද පුළුවන් මේ ගැන පියවරක් ගන්න. ලොකු පිනක්. (අ)
උසස් කුල හතරට අයිති අලි විතරයි ඉස්සර පෙරහරේ අරන් ගියේ. මම කියන්නේ කරඬුව අරගෙන යන අලි ගැන නෙමෙයි. සල්ලි දීලා පෙරහරේ දිග පෙන්වන්න ගෙනියන අහිංසකයෝ ගැන. (නි)
උපාලි, එතකොට ඉදිරියට පෙරහැර වල ගෙනයන්න වෙන්නේ කාවද? (නි)
අලි ඇතුන් කියන්නේ අනාදිමත් කාලයක සිට බුදු දහම හා බැඳුන සත්ව කොට්ඨාශයක්. සමහර මිනිසුන්ට නොතේරුනාට ඒ සතුන් දන්නවා බොහොම අපුරුවට තමන් කරන රාජකාරියේ තිබෙන වගකීම. ඒ නිසාම කරඬුව වඩම්මන ඇතුන් පාවඩ එළනතුරු අඩියක් ඉස්සරහට තියන්නේ නැහැ. මේ තීන්දුව බොහොම හොඳ තීන්දුවක් (නි)
අලි අනාතාගාරේ හිරවෙලා ඉන්න අලි පෙරහරේ ගියාට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු විඳින දුක් වීදනා දසුනිට නොපෙනීම මට නම් දුකක්. (බ)
අලින්ව පෙරහරේ ගෙනයාමට මමනම් තදින්ම විරුධයි .... පව් අහිංසක සත්තුන්ට කැලේ නිදහසේ ඉන්න දෙන්නේ නැතුව.. (ම)
ලංකාවෙ අලිඇතුන් යටත්විජිත සමයේ දී වඳනොවී බේරුනේ ඔවුන් පූජනීය සත්වයෙක් ලෙස සැලකීම නිසයි. ඒ කාලෙ අලි ඇතුන් විනෝදයට දඩයම් කරන විට එය නැවතුනේ සිහලුන්ගේ විරෝධය නිසා. අනාදිමත් කාලයේ සිටම අලිඇතුන් පෙරහැරවල් වල යොදාගත් සත්වයෙක්. දැන් දැන් ඊනියා සංවිධාන අවිහිංසාවාදය පෙරටදමා කරන්න යන්නේ සංස්කෘතිය විනාශ කිරීම වගේ පෙනෙන්නේ. (ර)