IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පන්දුවට පහරදීමේ අවස්ථාව ගැන ගත්ත තීරණය වැරදුණා

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පාකිස්තානු පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කිරීමට ගත් තීරණය වැරදී ගිය බවත් එයින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල නොලැබුණු බවත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය. තරගයට නැවතත් අවතීර්ණ වීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ පළමු ඉනිම ඉතාමත් වැදගත් වන බවත් ශී‍්‍ර ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය. "ටෙස්ට් තරග කියන්නේ දින පහක් පුරා පැවැත්වෙන කී‍්‍රඩාවක්. මේ තත්ත්වය සඳහා අප හොඳින් ප‍්‍රතිචාර දැක්විය යුතුයි” යයිද සෙනසුරාදා කී‍්‍රඩාවෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ෆෝඞ් මහතා පැවසීය. ශී‍්‍ර ලංකා පිල කාසියේ වාසිය දිනාගත් නමුත් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට පැවරීම නිසා තරගයේ පළමු දිනය නිමා වන විට පාකිස්තානු පිල කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් නොදැවී ලකුණු 172 ක් ලබා සිටි අතර අසාර් අලි නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය. "පැහැදිළිවම, අපට එය වැරදුණා. ලකුණු පුවරුව දිහා බැලූවාම ඒ බව පේනවා” "අපේ කණ්ඩායමේ පළපුරුදු කී‍්‍රඩකයන් බොහෝ දෙනෙක් සිටිනවා. මේ තණතීරුව ගැන ඔවුන් බොහෝ දේ දන්නවා. ඒත් මේ තණතීරුව මේ ආකාරයට ප‍්‍රතිචාර දක්වයි කියා ඔවුන් කිසිවකු සිතන්න නැතිව ඇති.” යයි පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට පැවරීම සම්බන්ධයෙන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය. "තරගයේ පළමු හෝරාවේ, නැතිනම් ඊට ටික වේලාවක් පසුවන තුරුත්, මේ තණතීරුවේදී පන්දු යවන්නන්ට කිසියම් වාසිදායක තත්ත්වයක් තිබෙනවා කියන එක  ඕනම කෙනෙක් දන්න දෙයක්.” "ගාල්ල ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම හොඳ ආරම්භයක් නොගත් පාකිස්තානු පිලේ කඩුල්ලක් දෙකක් වේලාසනින්ම දවාගන්න අපට පුළුවන් වුණා නම්, තත්ත්වය වෙනස් වෙනවා” යයිද ග‍්‍රැහැම් ෆෝඞ් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පන්දුවට පහරදීමේ අවස්ථාව ගැන ගත්ත තීරණය වැරදුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site