(සුමිත් පොතුපිටිය)
පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.
එකී ශරීර ඇප වලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලදි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබිණි.
නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.
නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැදවීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු විකුණන මිනීමරුවෝද මනුෂ්‍යයෝය.
ඔය තියෙන්නේ පුනරුදේ. ඕකට තමයි ලංකාවේ හරක් ඡන්දේ දුන්නේ. දේශබන්දු යුක්තිය කරනකොට පුදුම අමාරුවක් ඔය ජෙප්පන්ට තිබුනේ. කාලකන්නි, රට ඉන්දියාවටයි, කොටින්ටයි පාතාලෙටයි අයිති වෙලා දැන්...
කුඩ්ඩො අරගල කරලා ගෝඨා එලෙව්වේ ඕවා දිනාගන්න තමයි. අදටත් සමාජ මාධ්‍ය වල මාලිමා කමෙන්ට් කුඩ්ඩන්ගේ සහ පාතාලයේ බව ප්‍රසිද්ධ රහසක්...!
2025 පෙබරවාරි 10 දා නඩුව කැඳෙව්වාම, බෙලාරුස්වලට වරෙන්තු නිකුත් කරන්න බැරි ඇයි? එක මිටට කුඩ්ඩන්ට රට! පුනරුදයට ජය වේවා..!
මාලිමාවේ බලවත් ඇමැති කෙනෙක්ගේ රැකවරණය ලැබිලා ඇති...
මිනීමරුවන් නිදහස් කරන්න එපා. මිනීමරුවන්ගේ නමින් අහලා වැරදි නම් මරණ දඬුවම දෙන්න. නැතිනම් මේ අය තවත් මිනී මරනවා...