පානදුර බස්නැවතුම්පොළ අසළ දී ජනතා විමුක්ති පෙරමුණේ විදි නාට්‍ය කණ්ඩායමක් සහ බස් නැවතුම් පොළේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පානදුර පෞද්ගලික බස් නැවතුමේ සේවකයන් දෙදෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනකු ඇප මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේ ස්ථානාධිපති විරාජ් ජිනේන්ද්‍රහේවා සහ වේලා සටහන්කරු සම්පත් සිල්වා රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිනු ලැබූහ.
ජනතා විමුක්ති පෙරමුණේ වීදි නාට්‍ය කණ්ඩායම් සාමාජිකයන් වන කිත්සිරි කොඩිතුවක්කු, සමන් කුමාර, ගයාන් චතුරංග, සමීර හර්ෂනාත් ද, පළාත් මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂකයන් වන ධර්මසිරි පෙරේරා සහ සමන්ත සිල්වා ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජේ. වී. පී. එක්ක සම්බන්ධයක් නැතත් මෙතන පොලිසිය ක්‍රියා කරලා තියෙන හැටි නම් ප්‍රසංසනීය නැහැ. (දී)
ඇත්ත කතා කරනවට බොරුව ප්‍රෝඩාව කරන අයත් එයට උල්පන්දම් දෙන අයත් බයයි තමා. මේක තමා ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය. (දී)
වසන්ත පෙරේරා , නැහැ, බලන්න යන්න !!!! (දී)
දැන් පක්ෂවලටත් නාට්‍ය කණ්ඩායම් තියනවද, අපි හිතුවේ නළුනිලියෝ විතරයි කියලා, ඕන් එහෙනම් දැන් මඩ ගහගන්න බෑ හොඳද මොකද හැමෝගෙම පක්ෂවල නළුනිලියෝ/නාට්‍ය කණ්ඩායම් තියනවනේ... (දී)
මෙයාල මෙයලටම ගහගෙන . (දී)
ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා. එක හින්ද කරුණාකර මාවත් හිරභාරයට ගන්න. මොකද "දෙපැත්තම" වැරදි කාරයොනේ. අනෙක් අතට කඩා පැනල පහර දෙන එක නාට්‍යයේම කොටසක් කර ගත්තහම නඩුත් නැහැ පැමිණිලිත් නැහැ (දී)
අපි මේවා ජිනීවා වලට දන්වමු නේද? (අ)
ඊළඟට කොහෙද දන්නේ නැහැ තියෙන්නේ ! (අ)
අයිත් ගහන්නද? ඉන්දික එහෙම අහන්නේ (දිල්)
දැන් මේක වාර්තා වෙන්නේ දෙපර්ශවක් අතර ගැටුමක් විදියටද? හා හා හා හොඳයි හොඳයි. (අ)
ගහපු අයට මොකුත් කරන්න එපා ගුටි කපු අයව අත් අඩංගුවට ගන්න.පස්සේ ඇප දෙන්න බලන්න. ඔහොම් යං.ජනතාවට චන්ද එපා වෙලා තියෙන්නේ ඉස්සර තරම් ජනතාව උනන්දුවක් නැහැ (දී)