පානදුරේ තීනර් කාන්දු වු තීන්ත කම්හලේ හිමිකරුවන් , සෞඛ්‍ය නිලධරයන් , ප්‍රාදේශවාසින් , ප්‍රාදේශිය සභාව, පොලිසිය ඇතුළු නියෝජ්‍ය පිරිස් සමඟ පානදුර ප්‍රාදේශිය ලේකම් කේ.ජි. විජේසිරි මහතා අද (23) සාකච්ජාවක් පැවැත්විය.
කෙසෙල්වත්ත,නිරියවත්ත,වේරවත්ත, වත්තල්පොළ යන ග්‍රාම සේවා වසම් හි පදිංචිකරුවනට සිදුවන පිඩා හා පරිසර හානි ගැන සාකච්ජා පැවැත්විණි.
එක් ගැමියෙක් ලංකාදිප එසැණ මාධ්‍යවේදියාට ඒ අසල නළ ළිඳක් පෙන්වීය.ඔහු එහි ලිවරය ක්‍රියාත්මක කළේය.එම නළ ළිඳෙන් ආ ජලයට තිනර් මුසු වී ඇති බව පෙනිණි. ප්‍රාදේශිය ලේකම් සමඟ සාකච්ජාවේදී බලධරයන් එකඟ වුයේ සමාගමේ වියදමින් නිරියවත්තට නළ ජලය සපයන බවයි.
කාණු ක්‍රමවත්ව ඉදිකිරිම ඇතුළු ක්‍රියාමාර්ග වලින් පරිසරය සුරකිර බවට එකඟවු බවත් පොරොන්දු වු පරිදි ක්‍රියා කරන්නේ ද යන්න සොයා බලන්නට ආපදා කළමනාකරණ කමිටුවක් පත් කළ බවත් ප්‍රාදේශිය ලේකම් කියයි.
කම්හල අවට ගැමියන් අද උද්ඝෝෂණයකට සුදානම් වෙද්දී මේ සාකච්ජා ඇති විය.
ජායාරූප හා විඩියෝ සිරිමහ බෙල්ලන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සමාගම නමක් නැති සමාගමක්ද? (ස)
මෙච්චර කලක් බලධාරීන් සිටියේ නින්දේද? (නි)