විදුලි බිල වැඩි කිරීමට විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා පා ගමනක් අද (07) උදෑසන පැවැත්වීය.
බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට පන්දම් දල්වාගෙන සටන් පාඨ කියමින් පළාත් සභා කාර්යාලය දක්වා පැමිණියහ.පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනක් පැමිණ විරෝධය පළ කළහ.
විපක්ෂයේ මන්ත්‍රීවරුද ඔවුහුද බහින් බස් වුහ.ඇතමෙක් අතින් පයින්ද විරෝධය පෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට ඡන්දය දුන් අපිට ගහන්න ඕන. (ස)
ඔහොම විරෝදතා කරන එක හොදයි. නැත්නම් චන්දෙත් අරන් අපිටම වද දෙනවා.(නදී)
මේ කොළ පාට සාරිය ඇදගෙන ඉන්නේ නිතිංඥ ඈන්.(නදී)
කෝ ඉතින් ගහ ගන්නෙ නැහැනේ. අපරාදෙ ලස්සන හින්දි චිත්‍රපටියක් හදන්න තිබුන.(ස)
ජීවන්ත මහත්තයා, ඔබතුමා ලෝකේ දකින්නේ බොහොම පටු විදියකට කියලා මට හිතෙනවා. ජනතාවට ආදරේ නායකයෝ විරෝධතා පවත්වනවා, නමුත් මෙහෙම නෙමෙයි ජීවන්ත මහත්තයෝ. 88/89 ොලේ ගැන මම ඔබතුමාට කියන්න ඕනෑ නැහැ කියල මම හිතනවා. ලංකාවේ දේශපාලනේ කෙරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව කියන එක ඔයාට නොතේරුනාට අපිට නම් හොඳට තේරෙනවා. අපේ මෝඩ මිනිස්සු බලන්නේ බොහොම පොඩි දුරයි. කවුරු හරි දේශපලුවෙක් ඇවිල්ල උදුබුරලා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වම අපේ අයියලා උඩපැනලා විසිල් ගහනවා. අන්න ඒ දේශපාලනේ තමයි අද අපේ රටේ තියෙන්නේ. පාට කන්නාඩි වලින් හැමදෙයක් දිහාම බලන්න එපා. රටකට නායකයෙක් පත් කරන්නේ රටේ තියෙන ප්‍රශ්න විසඳලා රටට නායකත්වයක් දෙන්න. අපේ රටේ තිබුන යුද්දේ රටේ එක ප්‍රශ්නයක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ දෙවැනි බලවේගයක් නැහැ දැන්. මොකද ඔක්කොම එක වල්ලේ පොල් දැන්. (නි)
කොළ පාට සාරිය ඩාන්ස් කරන්න යනවද? දෙන්නම සන්තෝසෙන් නේ ඉන්නේ. පොලිස් මාමටත් හිනා .(නදී)
මේකේ ප්‍රතිචාර දක්වන අය ගැන කලකිරීමක් ඇති වෙන්නේ. මහ ජනතාවට පොදුවේ වෙන අසාධාරණයක් ගැන කොටසක් පාරට බැස්සම අපිත් ඒකට සහයෝගය නොදී ඒ විරෝධය කරපු විදියටයි, හැසිරෙන රටාවටයි දොස් කියා කියා ඉන්න මහාම මහා කම්මැලි ජාතියක්. (නි)
මේ හැමෝම පන්දම් පාලි යන්නේ ජනතාවට ආදරේ නිසා නම් නෙමෙයි. ජනතාවට ආදරේ නායකයින් ඔහොම විකාර කර කර පාරවල් ගානේ යන්නේ නැහැ. ඔය කවුරු ආවත් ජනතාවට වෙන සෙතක් නැහැ. (නි)
අසාධාරණ වැඩ කරන්න හොඳයි, විරෝධය පාන්න හොඳ නැහැ. පුදුම නීතියක්නේ. (නි)
මෙයාලටනේ ජන්දේ දුන්නේ කියලා හිතෙනවා හෙසිරෙන විදිය දැක්කම.(නදී)
මෙහෙම අයටනේ අපි ජන්දේ දුන්නේ කියලා හිතෙනවා හැසිරෙන විදිය දැක්කහම (නි)
5, 6, 7 පින්තුර වල පේන හැටියට මෙයාලා ටිකට හරි ජොලි වගේ (නි)
තවත් ඉතින් දීපල්ලකෝ ඡන්දේ.. (නි)
කොහොමත් ආණ්ඩුවේ ඉන්නේ ලයිසන් චන්ඩි නේ.(නදී)
එන පාර අපි දෙන්නම් ඔය විදුලි බිලට කැමති මන්ත්‍රී වරුන්ට. කරුණාකර නම් ප්‍රසිද්ද කරන්ඩ. (නදී)
ආණ්ඩු පක්සේට දරාගන්න අමාරු වගේ..
හරියට සත්තු වාගේ...මේ වගේ මිනිසුන් නිසා කොහොමද ඉතින් රටක් දියුණු වෙන්නේ ?(ස)
මෙතන ඉන්න වෑඩිහරියක් හොරෙන් ආන්ඩුවට පන්දම් අල්ලල වෑඩ කරගන්න අය බව රටම දන්නවා. නමුත් අර පින්තූරයේ කොලපාට සාරිය ඈදගෙන ඉන්න කෙනා ලගට යන දර්ශනය අනුමත කරන්න බෑ.(නදී)
ඔය පන්දම් ටික මහ පාරේ අපරාදේ, පොඩි ළමයි වගේ. මම හිතුවේ අවුරුදු උත්සවයක් කියලා. (රටට ගිය කලක්). මෙයාලව පුළුස්සන්න ඕන ගිනි පන්දම් වලින්.(නදී)
මහා දවල් පන්දම් පත්තු කරගෙන ඉන්නේ නැතිව, ඔය පන්දම් පත්තු කිරිල්ල අත අරින්නකෝ. (නදී)
ධම්මික, ජනතාවට ආදරේ නායකයෝ විරෝධතා පවත්වන විදිය කියලා දෙන්නකෝ. අර 90 ගණන් වල ජනඝෝෂා , පාදයාත්‍රා කරපු විදියටද, එහෙම නැත්නම් ඒ කාලේ වගේ සීටීබී ඩිපෝ , ට්‍රාන්ෆෝමර්, සමූපකාර, තැපැල් හල් ගිනිතියපු අයට වක්‍රව උදව් කරලද. ඔය දෙවිදියටම නොවේ නම් මෙවැනි රටක බලය ගන්න පක්ෂයක් ක්‍රියා කළ යුත්තේ කෙසේද ? ආයුද බලයෙන්ද? මේ වෙනකොට ඔබ අත් විඳින සෙත ලැබුනේ කාගෙන්ද? සියල්ල ඉබේ පහල වුයේද? (නි)
මේ විදිහට ගියොත් ආයෙත් ලාම්පුතෙල් ගණන් වැඩි කරාවී නේද ? (ස)