IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පනත් තුනකට කතානායක සහතිකය

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා  ඊයේ  සිය සහතිකය සටහන් කළ  බව  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව, සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත  සහ  ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන්  කර ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත්  කෙටුම්පතේ මූලික අරමුණ වූයේ  2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමයි.  2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර  ඇති අතර  එමගින්  ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම අරමුණු විය. ඒ අනුව, පනත් කෙටුම්පතට කරන ලද සංශෝධන සියයට දහයක ප්‍රතිශතයක් වන  දළ එකතු 2023 අප්‍රේල් 1 සිට 2025 ඔක්තෝබර් 1 දක්වා වන කාල සීමාව සඳහා පමණක් අදාළ වන පරිදි සිමා කිරීම, බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් දළ එකතුව මත  බද්ද 2025 ඔක්තෝබර් 1 සිට සියයට දහඅට දක්වා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන පුද්ගලයින්ගෙන් කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත.

 



අදහස් (0)

පනත් තුනකට කතානායක සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site