මොරගහහේන තල්ගහවිල සිසිර විලේජ්හි පින්තාරුකරුවකු වන දමිත් නිශාන්ත මහතා රුපියල් 9500ක මුදල් පසුම්බියක් මොරගහහේන නගරයේ දී අහුලා හිමිකාරියට බාර දුන්නේය.
ඉංගිරිය පහළ මල්වතුරවත්තේ කෝවිලක් ඉදිකිරීමට ගොස් එද්දී සුබ්‍රමනියම් චන්ද්‍රකුමාරිගේ (42) පසුම්බිය එසේ පාරේ වැටී තිබී ඇත.
නගරයේ රාජකාරී කළ එල්.කේ.බණ්ඩාර හා සුසිල් ශාන්ත කොස්තාපල්වරුන්ට දැනුම්දී පැය එක හමාරක් ඇතුළත අයිතිකාරිය සොයාගෙන මුදල් පසුම්බිය බාරදුන් බව පොලිස් ස්ථානාධිපති චන්දන විදානගම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd