විගණන පනත සම්මත කිරීම පමා කිරීම නිසා විගණන කොමිසම තනිකරම සුදු අලියෙකු බවට පත්ව ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා චෝදනා කරයි.
මසකට ලක්ෂ විස්සක පමණ පිරිවැයක් දරමින් මේ වනවිටත් මාස එකොළොහක් තිස්සේ නිකරුණේ කොමිසම නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ ද මහජන මුදල් නාස්තියක් වීම කනගාටුවට කරුණක් යැයි කීය.
කලක් තිස්සේ පුරුද්දක්ව තිබූ බලය අපහරණය තවදුරටත් කරගෙන යෑමට කැමැති නිලධාරින් අතලොස්සක් නිසා පනත සම්මත කිරීම පමා වීම රටේ අවාසනාවක් යැයි ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් නාස්තියක් නම් කොමිසමට අදාල ගෙවීම් විගණනය කර වගකිවයුතු අයට විරුද්දව විගණන පනතට අනුව නීත්‍යානුකූල පියවර ගන්නේ නැත්තේ ඇයි? අඩුම තරමේ විගණන විමසුමක්වත් කළේ නැතිද ? ඔබලා පළාත් පාලන ආයතන නිලධාරීන්ට පමණක් විරුද්ධව අධිබාර පැනවීම සාධාරණද ? (අ)
රටේ මුල ඉඳලා පහළටම හැම තැනම ඉන්නේ හොරු, වංචාකාරයෝ. එසේනම් විගණකාධිපතිට විතරක් සේරම අවංකව කරගෙන යන්න බැහැ. පනත් සම්මත කරන්න ඉන්නේත් හොරුනේ. (නි)
අද සියලු බුද්ධිමතුන්, සිවිල් සංවිදාන, ජවිපෙ එකතුවී මේ පනත සංශෝධනයකින් තොරව ගෙන්නා ඒ සඳහා කැපවිය යුතුයි. මෙමඟින් පමණි දේශපාලකයන් හා නිලධාරීන්ගෙන් රටේ සිදුවන වංචා දුෂණ පාලනය කළහැක්කේ. මේ අය මේක වැළැක්වීමට හැකි හැම දෙයක්ම දැන් කරමිනුයි සිටින්නේ. මෙය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා බලපෑම් කිරීම කාගේත් වගකීමක්. (නි)
වැඩි හරියක් කොමිසම් රටට කිසි වැඩක් නැති සුදු අලි තමයි. නිර්පාක්ෂිකයි කියලා දේශපාලක පත්වීම් දීලා පවතින රජයට ඕනෑ විදියට සියල්ල කරන ඔය කිසි කොමිසමකින් රටේ මිනිසුන්ට වැඩක් නම් වෙන්නේ නැහැ. නිකන් තව තවත් මුදල් නාස්තියක් මිසක්. (නි)
කේ.එම් බාලසුන්දරමුනියම් මහතානණි. විගණන පනත නැති කොට විගණන පනත අනුව කටයුතු කරන්නේ කොහොමද? විඟණන කොමිසම බලාත්මක වෙන්න විගණන පනත ක්‍රියාත්මක විය යුතුමයි. (අ)
පරිපාලන සේවයේ දුෂිත නිලධාරීන්ගේ විරෝධය නොතකා පනත සම්මත කළයුතුය. (නි)