ඇල්පිටිය අම්පේගම වෑ නියරවල ගලහේන් කන්ද පාසලේ හය හත පන්ති ඉවත් කළැයි මව්පියෝ පාසල ඉදිරිපිට මහ පාර හරස් කැර තෙපැයක විරෝධයක් පැවැත්වුහ.
ඇල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම් ඒ මානෙල් මහත්මිය එහි පැමිණ සතියකින් විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.
ඉන්පසු උද්ඝෝෂණය අවසන් විය.
වසර අනු හතක් පැරැණි මෙම පාසලේ වසර තුනක සිට හය හත අට පන්ති අහිමි කිරීමෙන් ගමේ දරුවනට බලවත් අසාධාරණයක් වු බව මව්පියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අදහස් දාන්න තරම් මම ඉගෙනගෙන නැහැනේ. (අ)
මේ පාසල ද්විතීක පාසල් වැඩසටහන යටතේ පවතින පාසලක්. මෙම පාසල අම්පෙගම මහ විදුහලට අයත් පෝෂක පාසලක්. ඒ නිසා තමයි මෙම පාසල ප්‍රාථමික පාසලක් ලෙස සංවර්ධනය කර මෙහි 6 ශ්‍රේණියෙන් ඉහල සිසුන් අම්පෙගම මහ විදුහලට යොමු කර ඇත්තෙ. මෙම පාසල් 2 අතර දුර කි. මි. 3 ක් විතර ඇති. ඒ පාසලේ දරුවන් අඩු පහසුකම් මැද 6 ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලබනවාට වඩා ද්විතීක පාසලක් ලෙස සංවර්ධනය වන පහසුකම් ලැබෙන පාසලකට යොමු කිරීම හොඳයි. (අ)
ප්‍රසාද්ගේ කතාව හරියට හරි. ගම්වල කුඩා පාසල්වල 6න් ඉහළ සිසුන් අඩු ගණනක් ඉන්න විට එම සිසුන්ට අවශ්‍ය ගුරුවරු ලබා දීම, පුස්තකාල ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම, විද්‍යාගාර ලබා දීම රජයකට දුෂ්කරයි. අනිත් අතට එය සම්පත් නාස්තියක්. එනිසා තමයි ද්වීතියික පාසල් 1000ක් පිහිටුවීම මගින් මෙයට විසඳුමක් හොයන්නේ. මෙය ගම්බද සිසුනට යහපතක්. මෙය නොතේරෙන අය තේරුම් ගත්තත් රජයට විරුද්ධ මත දරන අයත් මීට විරුද්ධව කටයුතු කරනවා. කන්නන්ගර ඇමිතිතුමගේ මධ්‍ය විදයාල සියල්ලම ද්වීතියික පාසල් බව දන්නවාද? පකිස්තානේ තලිබාන් සටන්කාමීන් (ත්‍රස්තවාදීන්) එරට දරුවන්ට පෝලියෝ ප්‍රතිශක්ති බෙහෙත් දීමට විරුද්ධ වීමත් මෙයට සමානයි. (නදී)
අද දේශසපාලුවෝ රටත් ජනතාවත් අනාගත පරපුරත් සමග සෙල්ලමක් කරමින් වින්දනයක් ලබනවා. සිතීමට පවා නොහැකි සිදුවීම් එක දිගට සිදුවන්නට මාර්ගය සලසමින් නිහඬව දෑස් කන් නැති වුන් සේ ඉන්නේ හිස්ගෙඩියෙත් මුකුත්ම නැති උන ගානට. සමහර විට මුන් අලුතෙන් සොයාගත්ත ග්‍රහ ලෝකයක ගිහින් ජිවත් වන්න බලාපොරොත්තුව ඉන්නවද දන්නේ නැහැ. ඒකත් කරන්න බැරිකමක් නැහැ. මේ කරන හොරකම් දුෂණ ක්‍රියා වලින් මංකොල්ල කන හැටියට. (නදී)
ලොක්කාගේ තවත් මුට්ටිය දමා බැලීමක්ද කියලා හිතෙනවා.කොහොම උනත් පාරේ ගින්දර පත්තු කරන එක නම් හොඳ වැඩක් නොවෙයි. 9නදී)
මේ පළාතේ අයට කියන්න තියෙන්නේ දේශපාලන වාසි තකා විවිද අයගේ බස් වලට රැවටෙන්න එපා කියලයි. මේ වැඩ පිළිවෙල හොදයි. හැම දාම එකතැන පල් වෙන්න එපා. ළමයින්ගේ අනාගතය සරු කරවන්න දෙමාපියන් බුද්දීමත්ව හිතන්න. ළමයින් මොට වෙන තරමට සමහර පක්ෂ වලට අනාගතයක් තියෙනවා. ඔවුන් තමා 88/89 කාලේ බිලි දුන්නේ. (නදී)
මේ දේශපාලුවන්ගේ මෝඩ වැඩක් නොවේ. ප්‍රථමික පාසල වෙනම සංවර්ධනය කල යුතුයි. ඉහල පන්ති ඒ ළඟ පිහිටි අම්පේගම මහා විදුහලේ තියෙනවා. .දෙතැනක දරුවන් ටික දෙනෙකුට ගුරුවරුන් හා සම්පත් නාස්ති කිරීම පාසල් දෙකේම දියුණුවට බාධාවක් හා රටට අපරාධයක්, තම දරුවනුත් තමන්ගේ මට්ටමී ම තියන්න හදන නුගත් මෝඩ මිනිස්සු කාගෙ හරි උසිගැන්වීම් වලට රැවටෙනවා (අ).
ප්‍රසාද් ඔබට විතරයි හරි දේ තේරිලා තියෙන්නේ,හොඳ දේවල් වලට විරුද්ද වීම වැරදියි, මේක ළමයිනට වෙච්ච හොඳක් (අ)
මේක නම් මහාම මහා අපරාදයක්,බලධාරීන්ගේ ඇස් ඇරේන්න උද්ඝෝෂණ කරන්නම ඕනේද.මේක ගම්බද පාසල් වලට විතරයි.කොළඹට කිරි ගානට කැකිරි??(අ)
රටේ අධයාපනය කනවා. දැන් දරුවන් දිවිනහ ගන්නවා. මොනවද මේ කරන්නේ? (නදී)
බන්දුල කියන පෞද්ලික පන්ති කාරයාගේ තවත් විනාස කාරී වැඩක් (අ)........
මේ සියලුම උදඝෝෂණ එක දිනයක මේ සියලුම අසාධාරණ කම් වලට එරෙහිව කරන බලවත්වූ එකම උද්ගෝෂණයක් වේවා! (අ)
මේ වගේ මහජනයාට අයති පාරවල් අවහිරකිරීමෙන් එති පලය කුමක්ද? ඔන්න ලොක්කෙක්ගේ ගෙදරට යන පාරවල් ටික අවහිර කළ නම් මොකක් හරි ප්‍රථිඵලයක් එයි.(නදී)
මේවා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුවෙන දේවල්.යමක් කරද්දී ඒ බව ප්‍රදේශයේ දෙමාපියන් හොඳින් දැනුවත් කොට කලානම් මෙහෙව් උද්ගෝෂණ ඇතිවෙන්නේ නැහැ.දෙගොල්ලොම රැස් වෙලා සමගියෙන් තීන්දු තීරණ ගත්තානම් තමයි වඩා හොඳ. (අ)
ප්‍රාථමික පාසල් හා ද්වීතක පාසල් වෙන වෙනම දියුණුකළ යුතුයි. (අ)