(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේදි පසුගිය දා සම්මත කෙරුණු පනත් කෙටුම්පත් පහකට කතානායකවරයා අද සිය සහතිකය  සටහන් කළේය.

කතානායක වරයා මෙසේ සහතිකය සටහන් කළේ සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) , මැතිවරණ (විශේෂ විධිවිධාන), ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) සහ සිවිල් ගුවන්සේවා (සංශෝධන ) යන පනත් කෙටුම්පත්වලටය

මේ අනුව මෙම පනත් කෙටුම්පත් ඊයේ සිට බලාත්මක විය