මසට මැරීම සඳහා රැගෙන යද්දී පලා ගිය බව කියන ගවයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කටුගස්තොට කළුවානේදී පුද්ගලයෙකුට හදා ගැනීම සඳහා පිනට දී තිබියදී වසරකට පමණ පසුව ඔහු නැවත එම ගවයා මසට විකිණීමේ සිද්ධියක් පිළිබඳව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි පොලිසිය පවසන්නේ මේ වන විට එම ගවයා මස් කරන්නට ඇති බවට සාක්කි ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පුද්ගලයා කරපු වැඩේත් ඒ තිරිසනාගේ තිරිසන් ආත්මයත් අතර වෙනසක් මට නොපෙනේ (දී)
ලංකාවේ ඉන්න හරක්ගේ වුනත් යම් පාලනයක් ඇති කළ යුතුයි. නැත්නම් මිනිස්සුන්ට ජීවත් වීමේදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද? (දී)
අනුර, ඒක තමයි. අපේ අය කවදාවත් ඒක තේරුම් ගන්නේ නැහැ නේ (දී)
ඇයි මිනිසුනේ හරක් මරණවට කෑ ගහනවා මිනිස්සු මරා ගන්නවට කිසිම සද්දයක් නැහැ.(නදී)
පිටබැද්දර, බැරිද හරකෙක්ව අරගෙන පිනට හදාගන්න.(නදී)
ඇයි ගවයෙක් මැරුවා කියලා මෙච්චර දගලන්නේ? ගවයව වික්කේ කව්ද? (නදී)
නිල රනා, අර ගව පට්ටිය කිවුවේ කොහාටද? (දී)
අනේ මන් දැන් නැහැ , මේ ගවයෝ මැරිල්ල නවත්තන්න කලින් මිනි මැරීම නැවත්තුවොත් හොද නැද්ද මන් අහන්නේ ? තේරෙන් නැති නිසයි අහන්නේ.?(නදී)
එළදෙනෙක් දුන්නත් කමක් නැහැ හරකාව තියාගෙන මොනවා කරන්නද? අනේ අපේ මෝඩ අයට මේවා තේරෙන්නේ නැහැ නේද? (අ)
කාරණය පරීක්ෂා කිරීමට අර කට්ටියට දෙන්න.(නදී)
ඔක කරපු කෙනාව අල්ලලා උයන්ඩ තියෙන්නේ.(නදී)
මසට ගවයෙක් විකිණීම තහනම්ද? අපරාද දණ්ඩ නීතියේ මොන වගන්තියද මේකෙන් කඩ වෙන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (දී)
මේ මනුස්සයා කළ මේ දේට පාඩමක් උගන්වන්න හයිය තිබුණ මිනිහෙක් හිටියේ නැද්ද ඔය පැත්තේ? (දී)
සත්ව ඝාතනය නවත්වන එක මේ පළාත් සබා ඡන්දෙ තේමාවක් කර ගනිමු. (දී)
සාන්ත ලාල් ඔය 150 බස් එකේ අන්තිම හෝල්ට් එකෙන් බහින්න. ඔයාගේ අමාරුව හරි යාවි.(නදී)
හරක් මස් රසට මිනිසුන් ගිජුයි (දී)
හරකත් එක්ක පමණක් මෙච්චර මිනිස්සු තරහ ඇයි මන්දා? ඒත් බලන්න. ලංකාවේ දවසකට කුකුල්ලු, ඌරන්,එළුවන් මාළු කොපමණ මරනවද? මේවත් අපරාධ නේද? (දී)
පද්මිණි, ගෙදර ප්‍රයෝජනය ගන්නවා නම් මරන්න හොඳ නැහැ. එතකොට ගෙදර ප්‍රයෝජනයට ගන්නේ නැත්නම් මරන්න හොඳයිද? එහෙමද ? මාර තර්කයක් නේ... (නි)
ශාන්ත ලාල් ,අපි දන්නවා ඔයා මොකටද එන්නේ කියලා. ඒ කට්ටිය නිසා තමයි වැඩක් වෙන්නේ. ඒක මතක තියාගන්න. (දී)
අනේ! ඒ මනුස්සයට මොන ප්‍රශ්නයක් ආවද කියලා අපි දන්නෙය නැහැනේ (දී)
අද ලංකාවේ මිනීමැරුම් කීයක් වෙනවද? අවශ්‍ය දේ ගැන බලන්නේ නැහැ අපේ මිනිස්සු (දී)
අහමඩ්, හුසේන්,ගවයා යනු අපේ ගෙවල් වල ප්‍රයෝජනයට ගන්නා සතෙක්. මෙතන ආගමික ප්‍රශ්නයක් නෙමෙයි නේද තියෙන්නේ? (නි)
ඕක කරපු කෙනාව නම් තියන්න වටින්නෙ නැහැ (දී)
ඔහුට දඬුවම් ඉබේම ලැබේවි. (දී)
මේ වැඩේ කරපු කෙනාට නම් ලගදීම ප්‍රතිපල අනිවාර්යෙන්ම ලැබෙනවා (දී)
සොබා දහමෙන් උපරිම දඬුවම් ලැබේවි මෙයාට (දී)
මෙතැනදී ගවයා ආපසු බාරදෙන බවට පොරොන්දු පත්‍රයක් නැත්නම් ඔහු නිදහස්. සමහරක් හිතන්නේ හරකෙකුට කන්නදී නඩත්තු කරන එක පහසු කටයුත්තක් කියලයි. මහරගම, නාවින්න වැනි දිවයිනේ බොහෝ ප්‍රදේශවල මහා මාර්ග දිගේ අයාලේ යවමින් හරක් පට්ටි පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කළයුතු අතර එවැනි අයාලේ යන හරක් දුටු තැන ඉවත්කර රජයේ ගව පට්ටියකට යොමු කල යුතුයි. (දී)
අහමඩ්, අපි ඉස්සෙල්ලාම ගව ගාතනය සහ ගව මස් කෑම නවතමු. ඊළඟට ඌරා,එළුවා, කුකුලා ලෙසින් කරමු. (දී)
එහෙනම් නිල්- රනා, ඔයාටත් ටිකක් කල්පනාවෙන් පාරේ යන්න වෙයි (දී)
කැලේ නීතිය ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි (දී)
අනේ! මට නම් මේකට මොකුත් ලියන්න බැහැ. හිතට ගොඩාක් දුකයි (දී)
ගව ගාතනය නැති කරන එක හොද වැඩක්.නමුත් ලංකාවේ සිදුවෙන මිනිස් ඝාතන පිළිබදවද මීට වැඩිය සැලකිලිමත් වියයුතුයි.රටේ නිතිය වල් වැදී ඇති නිසයි මෙතරම් විනාශයන් වෙන්නේ (දී)
බෞද්ධ ආගමේ විදියට නම් හැම සතෙක්ම මරනවට විරුද්ධ විය යුතුයි. එහෙම නේද ? නිකන් මේ එක ආගමකට පමණක් ගහන්න එපා හැම තිස්සෙම. අපේ අයත් මස් කෑම අඩු කරන්න බලනවා නම් හොඳයි. හැබැයි කනමදයෝ වගේ බොන අය අපේ අය අතරේ නැහැ. ඒක නිසා අපිට ටිකක් ආඩම්බර වෙන්න පුළුවන්. (දී)
ඉස්මෙල්, මොහොමඩ් - එහෙම හිතුවට කුඩු ගහන කෙනාගේ සිට කසිප්පු ගහන අයත් ඔයාලා අතර ඕනෑ තරම් ඉන්නවා. අනික හරක් මරණ එක විතරක් නෙමේ අනික් ඒවත් පව් තමා. ඒත් කෙරෙන ක්‍රමය තමා මේක. ඒකයි මුලින් ගව ඝාතනය නවත්තන්න හදන්නේ.(නදී)
මෙන්න මම දන්නා සත්‍යක් කියන්නම් මගේ මිතුරියකුගෙන් ඇසුවා ඔයා හරක් මස් කනවද කියලා, අනේ මට ලැබුන පිළිතුර " චිකේ හරක් මස් කන්න පව් නොවැ නමුත් පීකුදු නම් ඉදලා හිටලා කනවා " කියලා.(නදී)
තමන් සතුව හිටපු ගවයා මසට විකිණීම පාපයක් තමයි. ඒත් ඒක නීති විරෝධීද? පොලිසිය මේකට මැදිහත් වුනේ මොකටද? (අ)
තහනම් කරන තරමට හරක් මස් මිල අඩු වෙනවා. (අ)
මනුස්ස ජිවිතයට වඩා ගව ජිවිතයට සලකන අපේ සදාචාරය ගැන කවර කතාද ?(නදී)
අයියෝ මොන දේටත් ආගම ගාවගෙන මරා ගන්නවා.මෙතන බලන්න ඕන, පිනට හදා ගන්න දීපු හරකා ව මස් කරපු මිනිහගේ තිරිසන් කම,නීතිය කොයි හැටි වුනත් (දී)
මේ අයට හරකෙක් මෙරුවොත් තමයි ඔචචර අඩන්නේ,බලපල්ලා අද මිනිස්සුන් මරා ගන්න හැටි, උරන්ට පන නැද්ද මන් අහන්නේ? මේ මාළුන්ට ඇහෙම? අනේ මොකද මෙච්චර මෝඩ? (දී)