බණ්ඩාරවෙල පූනාගල මහ විදුහලේ සිසුන්ට හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලබාදුන් බෙහෙත් පෙති වර්ගයක් ගැනීමෙන් පසු රෝගීවූ සිසුන් 14 දෙනකු පමණ රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

තවත් අසනීප වූ සිසුන් සිටින බවත් ඔවුන් රෝහල් කරා රැගෙන යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නැතැයි ද කියති.

එම සිසුන්ගේ වමනය, ක්ලාන්තය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන බවත් දැනට අනෙකුත් පාසල්වලට ද සිකුරාදා (4) ලබාදීමට නියමිත බෙහෙත් පෙති නතර කිරීමට කටයුතු කරන බවත් එහි වෛද්‍යවරයා පැවසීය.