පසුගිය සැප්තැම්බර් 16 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා තිරගතවූ අනුරුද් රෝයිගේ ‘පින්ක්’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් පෙන්වාදී තිබෙනවා.
මෙම චිත්‍රපටය තිරගතවී දින 15ක් තුළදී ඉන්දියාවෙන් පමණක් රුපියල් කෝටි 61ක්ද, ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 98ක මුදලක් උපයා ගැනීමට සමත් වුණා.
මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 23ක් වැනි අඩු මුදලකින් නිර්මාණය කර තිබෙන අතර, දැනටමත් ඔවුන් සියයට 250කට වඩා වැඩි ප්‍රතිශතයකින් ‘පින්ක්’ චිත්‍රපටය ලාභ ලබා ඇති බව සඳහන් වේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් විසින් පණ පොවන ලබන අතර, ටප්සි පන්නු, කීර්ති කල්හාරි හා අන්දේරා ටැන්ග් සෙසු ප්‍රධාන චරිත සඳහා එක්ව සිටිනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd