ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ අවමගල්‍ය සභාවට මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
පවුලේ උදවිය මතක වස්ත්‍ර පූජා කිරීමෙන් පසු පැන් වැඩීම ආරම්භ විය.
උන්නමේ උදකං වට්ටං ආදී ඝාථා මහා සංඝරත්නය සජ්ජායනා කරද්දී පවුලේ ඥාතීහු පැන් වත්කළහ.
අමරදේවයන්ගේ දේහය අවමංගල සභාවට
2016 නොවැම්බර් මස 05 15:14:02 | . , ඩයනා උදයංගනී නිදහස් චතුරස්‍රයේ සිට
හෙළයේ මහා ගාන්ධර්වයා යන විරුදාවලිය ලත් පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට වමංගල්‍ය උත්සව සභාවට ගෙන ඒම ආරම්භ කළේය.
සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු සහ සිසුහු දේහය ගෙන ආහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් තව ස්වල්ප වේලාවකින් අවමංගල්‍ය සභාව ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයම සොසයුරක ගිල්ව ඔබ අපෙන් සමුගත්තද දැය ඔබෙන් සමු නොගනී ! ඔබ සදා අමරණීයයි (අ)
සසර වසනතුරු නිවන් දකිනතුරු... පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා! (නි)
ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ..... කුමට නැටුම් කෙළි කවට සිනාදා... මරුට නොමැත කිසි දිනකදි බාධා... ඔබට නොදන්වා මරු මෙහි ආ දා... යන්නට සිදුවන්නේ, ඉන්නට බැරිවන්නේ... නොතිර සසර සාගරේ....... (නි)
එතුමා අප හදවත් තුළින් කිසිදා මියනොයනු ඇත (නි)
මෙතුමා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ලොකු මෙහෙවරක් කළා. ඒ වගේම තමා තත්පරයක් පාසා අපේ ආයුෂත් ගෙවිල යනවා. මේ ලැබුන මනුෂ්‍ය ජීවිතේ සීමිත කාලය තුළ සිත කය වචනය සිහියෙන් වීර්යෙන් සංවර කරගෙන යහපත් ක්‍රියා (කර්ම) කරගන්න ඇත්නම් කොයිතරම් නම් ලාභයක්ද? ඔබට නිවන් සුව! (නි)
පිං පැමිණවීමකින් තොරවම අජරාමර නිවන් සැප ලබන්න මේ යුග පුරුෂයා හුදු තමාගේ මාධුර්ය හඬ පෞර්ෂයෙන් පමණක් පිං කර ඇත. එතුමා අපට දුන් ආදර්ශය හරහා අප යහපත් ජීවිතයක් ගතකිරීම තුළින් පමණක් අපට එතුමාගේ ආධ්‍යාත්මය ස්පර්ශ කිරීම කළ හැකිවනු ඇත. (නි)
ඔබ අමරණීයයි. ඔබට නිවන් සුව! එතෙක් ඔබට සුබ ගමන්! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මේ දෙරණේ යළි ඉපිදේවා කියා පතමි. (නි)
අමරණීය අමරදේවට ප්‍රණාමය! (නි)
යහපත් පවුල් ජීවිතයක් ගතකළ හේතුවෙන්ම ඔබ දෙවි කෙනෙකි. අනෙකුත් සංගීත ලෝකයේ අය මෙතුමා අනුගමනය කෙරේවා! (නි)
සැමදා අප ඔබ දුටුවේ තැන්පත් මිනිසෙකු ලෙසයි. ඒ උගත්කමයි. නිහඬව ඔබ කියාදුන් ආදර්ශය අපේ ජීවිත වලට ආශීර්වාදයක්ම වේවා! ඔබතුමන්ට නිවන් සුව පතමි. (නි)
මා සාමාන්‍ය පෙළ හදාරද්දී මගේ ඉංග්‍රීසි ගුරුතුමා ගීයක් මුමුණනවා ඇසුවෙමි. එහෙත් එම ගීය ඇසීමට මට එකල ගුවන් විදුලි යන්ත්‍රයක් නොවුයෙන් මේ ගැන විමසිලිමත් වුයෙමි. මේ ගායකයා කවුද යන්න ගීය සවන් වදිනවිට මා දැනනොසිටියත්, එදා හද බැඳගත් ඒ ගී රාවය අදත් මගේ මනසේ රැඳවීමට තරම් මේ ගායකයා සමත් විය. මගේ හද බැඳගත් ඒ අමරදේවයන් මගේ හදවතේ සදා රැඳෙනවා ඇත. මේ අසහාය ගායක අමරදේවයාණන්ට නිවන් සුව පැතීම මිස වෙනත් දෙයක් මට දැන් නැත. (නි)
හෙළ රන්කෙතේ මහා පින්කෙත ඔබතුමාය. ශ්‍රාවක හුදී ජන මනස සතපාලු ඔබ කරගත්තේ මහා මෙරක් සමාන පින් රැසකි. ඔබ යළි අප අතර ඉපිදේවා!!! (නි)
ඔබට අජරාමර නිවන්සුව පතමි.(හේ)
නිවන්සුව ලැබේවා ! (අ)