පාන් රාත්තලක මිල රුපියල් 4 කින් ඉහළ ගිය ද අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරිමට ක්‍රියා නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති.එම්.කේ.ජයවර්ධන මහතා පවසයි.
අඩු ආදායම් ලාභි ජනතාවගේ ප්‍රධාන ආහාරය තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන නිසා තම සංගමය පාරිභෝගික ජනතාව කෙරෙහි අවධානය යොමු කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ජනතාවගේ බඩට ගැහුවා . ජනාදිපති මෙය දන්නවද දන්නේ නැහැ.(කෞ)
බේකරි නිෂ්පාදන වල මිල වැඩිවෙන්නේ නැහැ, බර ටිකක් අඩුවෙයි. එච්චරයි. (බ)
මදැයි පාන් ගෙඩියත් වැඩි කරා නේද.? (ර)
අන්තිමට වෙන්නේ මහජනතාවට බර පැටවෙන එක තමයි. ගිය ආණ්ඩුව වගේ පෞද්ගලික සුබසිද්දිය වෙනුවෙන් මහජනතාවට බර පැටුවොත් මේ ආණ්ඩුවටත් ගෙදර යන්න පුළුවන් වෙයි. සෑමදෙනාම දැන ගත යුතුයි අවසාන තීරකයා වන්නේ ජනතාව බව. (ර)
ලංකාවේ අඩු ආදායම්ලාභීන් කන්නේ පාන් නැතුව කේක්ද එතකොට? (නි)
දුප්පත් ජනතාව කන්නේ පාන් තමයි. ,නැතුව බනිස් කනවද ? (ර)
ඇමතියන්ගේ පඩි වැඩි වෙනකොට මෙහෙම වෙනවා තමා කොහොමද යහපාලනේ. (ර)
මිල වැඩි නොවුණත් අනෙකුත් බේකරි නිෂ්පාදන වල ප්‍රමාණය එන්න එන්න කුඩා වෙනවා. (නි)
අනිත් බේකරි නිෂ්පාදනවල මිල වැඩිවෙලා නැහැ කියන්නේ කොහොමද? මම දැන් කඩේකට ගිහින් බනිස් වගයක් ගත්තා. මිල රුපියල් දෙකකින් වැඩි කරලා. කළුතරට සමීප බේකරියකින් කඩේට බඩු දාලා තියෙන්නේ. මිල පාලනයක් නැද්ද? අපිව හූරගෙන කනවා. හැමපැත්තෙන්ම අවාසි වෙන්නේ පාරිභෝගිකයන්ටයි! (නි)
මිනිස්සු පාන් ගෙඩිය 4න් වෑඩි උනාට කෑ ගහනවා. ඒත් බස්වල කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල් 5 ගන්නෙ නෑතුව බෑහෑල යනවා. අනේ මන්දා... රුපියල බාල්දු වෙලාද? මිනිස්සු බාල්දු වෙලාද? (ර)
පහුගිය ආණ්ඩුව යනකොට භාණ්ඩාගාරය පුරවල ,සියලු ණය පියවල අනෙක් රටවල් වලටත් ණය දීල ගියේ.මහින්ද මහත්තයාට ඡන්දෙ දුන්න ඕන එක්කෙනෙක්ගෙන් අහන්න, ඒ අය පිළිගන්නවා ඇති. එහෙම තිබ්බ ආර්ථිකයක් තමයි මේ ගොල්ලේ එක අවුරුද්දෙන් වට්ටල තියෙන්නේ (බ)
කමක් නැහැ. පාර්ලිමේන්තුවේ කෑමවල ගණන් ඉහළ යන්නේ නැහැනේ (නි)
යකෝ මේ කතාව මොකක්ද ? හරියට පාන් නැතුව කේක් කාපන් කිව්වා වගේ කතාවක් නේ මේක. කොහොමද වෙනස? (හේ)