අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් මෙසේ පාන් මිල වැඩි කිරීමට සිදුවන බව කී ජයවර්ධන මහතා තිරිඟු පිටි ආශ්‍රිත අනෙක් නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් මිල තව වැඩි කරලා හාල් මිල අඩු කලානම් තාමයි හොද එතකොට තුන් වේලටම බත් කන්න පුලුවන්.(ම)
කිව්වේ ලගදි ගහපු බදුවලින් දුප්පතාට පාඩු නැහැ කියා. ඇත්තනේ දුප්පතාට කොහෙද පාන් කන්න සල්ලි නේද ? (ර)
ඩුබායි තිලක්ලා කොහෙද දන්නේ නෑ. (ර)
බඩු මිල වැඩි උනාට කමක් නැහැ අපිට ඕනේ වෙනසක් ඔව් දැන් වෙනස සැපයි. (ර)
පාන් වෙනුවට කේක් කන්න කිව්වෙත් මේ කට්ටියේම කෙනෙක් තමා. (ර)
පාන් ගෙඩිය කීයවුණත් කමක් නැහැ. අපිට මේ ආණ්ඩුව හොඳයි (නි)
"තීරුබදු රහිත වාහන ගෙන්වීමේ වාසනාවන්ත යෝජනාවද පසුගිය පෙබරවාරියේ දී කැබිනෙට්‌ටුවට ඉදිරිපත් විණි. මේ වන විට එම වාහන පර්මිට් ලබාදීමද සිදුකර තිබේ. අලුත් යෝජනාවට අනුව මෙතෙක් ඩොලර් 50,000 ක් පමණ වූ ආනයන බලපත්‍රය වෙනුවට ඩොලර් 62,500 ක තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයක් (පර්මිට්) හිමිවේ. මෙම වාහන පර්මිට් මේ වන විට රුපියල් ලක්‌ෂ 180 සිට රුපියල් ලක්‌ෂ 200 දක්‌වා වූ මිල ගණන්වලට අලෙවි වන බව කියති."ඒ වුනාට අසරණ දුප්පත් මිනිස්සු කන පාන් ගෙඩියම තමයි මිල වැඩි කරන්නේ. (ර)
පාන් මිල තව වැඩි කන්න එතකොට වෙනස හොදට පේනවා. (ර)
ඔබ ඉල්ලුවෙනස මේයයි. දැන් ඉතින් ඔබ පැතු වෙනස කණගාටුවෙන් හරි බාර ගන්න වෙනවමයි, විකල්ප නැත. (ර)
දවල්ට පාන් රෑට පාන් ඔන්න වෙනස. (ර)
අලුතෙන් වැඩි කරන්න දෙයක් නැහැ. බනිස් ඇතුළු අනෙක් කෑම වර්ගත් රුපියල් 3-4 කින් වැඩිවෙලා ඉවරයි. (නි)
මදැයි කළා! දුප්පතාගේ එකම ආහාරයත් වැඩිවෙලා (නි)
මා පදිංචි රටේ ඉස්සර කාලේ හිටපු රැජිණක් කිවුවා වගේ, දැන් ශ්‍රී ලංකාවේ ඔය අයට (මිල වැඩි නිසා) "පාන් නැත්නම් කේක් කාපල්ලා " කියන්නේ කවුද? (නි)
උනුත් එකයි, මුනුත් එකයි, දෙගොල්ලන්ම එකයි. ඒක හොඳටම දැනගෙන කතාවට, බොරු පොරොන්දු වලට රැවටිලා කතිරය ගහන අය තමයි ලොකුම මෝඩයෝ (නි)
අපිට නම් ඔය ටික වෙනබව හොඳට පෙනුනා. ලංකාවේ ජීවත්වෙන රට ගැන නොහිතන තමන් ගැන විතරක් හිතන සිංහල ජාතිය නිසා තමයි අද දුක්විඳින්න වෙලා තියන්නේ. පිටරටක ජීවත්වුණත් අපි අපේ ළමයින්ට ලංකාව ගැන හරිම ආදරයෙන් ආඩම්බරයෙන් තමයි කියලාදීලා තිබුනේ. එ්ත් ඔය රටේ ඉන්න අයට එහෙම කිසිම වටිනාකමක් නැහැ (නි)
මේවට ආණ්ඩු වලට බැනලා වැඩක් නැහැ. බහුතර ජනතා ඡන්දයෙන් රට කරන්න බලය දී ඇති නිසා, පාන් නැත්නම් කේක් කාපල්ලා කියා තමයි කියන්න වෙන්නේ (නි)
තව වැඩිවීම් සිදු වී මට ඉඩ ඇත (අ)
කණගාටුයි. ලංකාව යනු තව දුරටත් ජීවත් වීමට සුදුසු රටක් නෙමේ. අවුරුදු ගානක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක්. තාමත් රට යන්නේ පස්සට. ඉගෙනගත්තු අය වෙන රටවලට යනවා.. දේශපාලුවෝ රට කනවා. (අ)
රට හරියට කළමණාකරනය කරන්න මේ යටත් නොතේරෙන හැඩයි (අ)
ලංකාවේ ඇතිවී තිබෙන මේ අලුත් වෙනසට ජයවේවා. මේකටත් රාජපක්ෂගේ සම්බන්දයක් තිබේද (අ)
අමා, ඒක තමයි. ළඟක ඉඳලා ඩුබායි තිලක් නැහැ වගේ! (නි)
ලෝකයේ සෑම රටකම භාණ්ඩයන්ගේ මිල වැඩිවෙනවා. ආදායමද වැඩිවෙනවා (නි)
අමා, ඩුබායි තිලක් මේ දවස් වල බේකරියක් දාලාලු අඩු ගණනට පාන් විකුණන. (නි)
යහපාලනය දොරේ ගලනවා. (ර)
ඉන්දු, මට ආරංචිවුණේ තිලක් ඩුබායි මේ දවස වල ඉතාමත් කාර්යබහුල පරීක්ෂණයක යෙදී ඉන්නවා කියලා. එයා දැනටත් කන පුන්නක්කු වලින් පාන් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා යහපාලන හිතවතුන්ට දෙන්න. (නි)
දියවැඩියාව අඩු කරන්න වෙන්න ඇති සමහරවිට(අ)
කමක් නෑ මන්ත්‍රීලගේ පඩිය වැඩි කරනේ.. දුප්පතාගේ ඡන්දෙන් තේරිලා දුප්පතාම පාගන දෙස පාලුවෝ අපේ රටට නොවාසනාවන් . (ර)
රටක් වුනහම නීතියක් රීතියක් කියල දෙයක් තියෙන්න ඕනේ.රට කන්න පුළුවන් ඒකාල හුරගෙනම කාලා රුපියල් කෝටි ප්‍රකෝටි වලින් පිට රටවල බැංකු පුරවද්දී ඒ පව් ගෙවන්න වෙන්නේ අසරණ මිනිස්සුන්ට (ම)
අන්තිමට දුප්පත් මිනිහටත් දුන්නා ගානට. පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීල වැඩට ගිය දුප්පත් මිනිහටත් බෙල්ලට තොන්ඩුව දැම්මා. අපරාදේ කියන්න බැහැ අද යහපාලනෙට ඡන්දෙ දීපු අයත් හොයාගන්න නැහැ. (ර)
යහපාලනය නැඟලා යනවා! (නි)
දැන් චූන් පාන් වෑන් වල කිඹුලා බනිස් හරියට හූනා බනිස් වගෙයි (නි)