22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (15) පෙරවරු 10.40ට පමණ චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී ආරම්භ විය.
දෙස් විදෙස් මාධ්‍යවේදීන් 1036 දෙනෙක් සමුළුව වාර්තා කිරීමට පැමිණ සිටියහ. ඉන් 500ක් ම ශ්‍රී ලංකාවෙනි.
2011 දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ජුලියා ගිලාන්ඩ් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුවේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිට 2013 සිට 2015 දක්වා සමුළු සභාපතිත්වය හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙද මහත්තයා ගිහිල්ලා මුලින්ම දොස්තර මහත්තයෙක්ව මුණ ගැහෙන්න (නි)
අපරාදේ සල්ලි! (නි)
අපේ ජනාධිපතිතුමා ඕනෑ තැනක කැපිලා පේනවා! ආඩම්බරයි ඔබතුමා අපේ රටට ආදරය කරන,රටේ නායකයා වීම ගැන (නි)
මගේ රටට සියලු දෙවියන්ගේ පිහිටයි... හරිම ලස්සනයි (දී)
නීල්රනා කියන දෙය නිවැරදියි. එය වටහාගන්නට බැරි අය වැරදියි. (නි)
ජය වේවා! මගේ මාතෘ භූමියට අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි (නදී)
කෑම වේල ගැන පමණක් සිතන බඩගෝස්තරවාදීන් ටික දෙනෙක් මේ වෙලාවෙත් දුක් වෙනවා. දැනට අවුරුදු 4 කට ඉස්සර කාලය අමතක වෙලා බොහෝ ඉක්මනට. (නි)
අපේ රට ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා. ජය ශ්‍රී ලංකා..ඔබ සැමට අපගේ ප්‍රණාමය..(නදී)
අපි පොඩි කලේ තිබ්බ නොබැදි සමුලුව මතක් වෙනවා. ගඩාපි, මාර්ෂල් ටිටෝ, දැන් ඒ අය මේ ලෝකේ නැහැ. ඒ සමුලුවත් එක්ක රටේ වෙනසක් ඇති වුනා. නොහොම හරි අපේ රටට යහපතක් වෙනවා නම් හොදයි.(නදී)
අපිට හරිම සතුටුයි. ජය වේවා! (නදී)
අපේ ජනපතින්දුගේ සැලසුම් සමහර දෙනෙකුට නොවටෙහෙයි. අපිව විවේචනය කරන අයට කිට්ටුවීම තමයි කල යුත්තේ. ඔවුන්ට අපේ රට අපේ පැවතුම් බලා ගන්න ඉඩ දුන්නහම ඔවුන්ගේ සිත් වල තිබෙන කහට නැති වෙන්න පුළුවන්. (නදී)
චෝගම් එක තිබුන එකේ වැරද්දක් කියන්න යන්නේ නැ. එත් කව්රුහරි රටේ ප්‍රශ්න කතා කරද්දී එයාලට මෝඩයෝ, බඩගොස්තරවදියෝ කියන්න එපා. සතුටු වෙමු සතුටු වෙන්න ඕන තැනදී. යුද්දේ ඉවර කරපු වෙලාවේ ලංකාවම සතුටු උනා. එත්...... අපට පෙනෙන අපට පෙන්නන සංවර්දනය ඇත්තටම ලංකාවේ තියෙනවද. ඇය අපි මෙච්චර ණය වෙලා මේවා කරන්නේ. E1 එක හොදයි. එත් ණය අරන් කරපු එක හොද නැ. ඒ ණය ගෙවන්න තව අවරුදු 20 වත් යනවා. එක සංවර්ධනයද?. අනේ මන්ද. ලෝකෙට ණය නොවී කොහොමහරි ලංකාව ගොඩ දන්න බලමුද. (දී)
ලක් වැසි අප සැමට ලොකු ආඩම්බරයක්. ඇතැමෙක් මෙම සමුළුවෙහි දොස් දකින්නේ, මෙමගින් විදේශිකයින් තුල අප රට ගැන තිබුණු කහට ඉවත් වේදෝයි යන බිය නිසාය. එසේ ඉවත් උනොත් වක්‍ර මාර්ගවලින් පෝෂණය කර ගන්නා ඔවුන්ගේ බඩවල් වලට පහර වදිනු ඇත. (දී)
වෙදමහත්තයා.කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ (නදී)
මම ඔක්කොම ප්‍රතිචාර කියෙව්වා. කියවගෙන යද්දී හිතට දුකක් සහ කණගාටුවකුත් ඇතිවුණා. සමහරු දාන අදහස් දිහා බැලුවම මේ ආසියාවේ ආශ්චර්යය කරන්න යන්නේ මේ වගේ ලංකාවේ මිනිස්සු ටිකක් එක්කද කියලා. තමන් ඉන්න ලිඳ ඇතුලෙන් එළියට ටිකක් එබෙන්නේ නැතුව හැම දේම සර්ව අසුබවාදීව බලන මිනිස්සුත් එක්ක මොන ඉදිරියට යාමක්ද? ඒ මිනිස්සුත් හැමදාම එකතැන. රටට කරන හොඳකුත් නැහැ. වෙන කෙනෙක් කරනදෙයක් අගය කරන්නෙත් නැහැ. ඇත්ත ඇතිසැටියෙන් දකිනවා කියලා ඔලුවෙන් හිටගෙන හිටියොත් තමන්ගේ හෙළුව තමන්ට නොපෙනුනාට අනිත් හැමෝම දකිනවා කියලා තේරුම් ගත්තොත් හොඳයි. චෝගම් තුලින් ලංකාවට යහපතක්ම උදාවේවා! ලංකාවටත් සියල්ලන්ටමත් තෙරුවන් සරණයි. (නි)
අභියෝග ජය ගැනීමක්. ශ්‍රේෂ්ඨයි.. සාපලත් යුද්ධය ජය ගන්න වසර 25 ක් ගතවුනා. දුප්පත්කමත් අපි ජය ගනිමු. එයත් වැඩි ඈතක වෙන්න බැහැ. මෙතන අදහස් වගේම, ගල්..... මුල්..... මල් ඔක්කොම ලැබෙයි. (ස)
හෙටින් පස්සේ ඩීසල්, පෙට්රෝල්,සිනි ,පිටි කිරිපිටි,හාල්,බඩු ,බස් ගාස්තු ,මිල අඩුවෙනවද වැඩිවෙනවද ? (නදී)
ලක් වාසියෙක් විදිහට මෙවන් සමුළුවක් මෙරට පැවැත්වීම ගැන ඉතාමත් සතුටට පත් වෙනවා. එය අපට ආඩම්බරයක්. සැරදේවා !!! (ස)
ජය ශ්‍රී ලංකා !!!! (ස)
ගොඩක් ආඩම්බරයි අපිට අපේ රට ගැන. හදවතින්ම සුබ පතනවා.(නදී)
අර සමුහ ඡායාරුපය දකිනකොට, ජයලලිතා නෝනාටයි කරුනානිධි මහත්තයටයි ඇහෙට කටු අනිනව වගේ ඇති.(නදී)
අපේ සුබ පැතුම් එතෙර සිට... (ස)
ශ්‍රීනි විභූතික ලංකා බැබළේ සිංහ ධජය සෙවණේ.. (නි)
ජයවේවා !! සැරදේවා !! සදා මුළු ලොව තුල බැබලේවා. අපේ මහින්ද රාජපක්ෂ රජතුමා !! මගේ මාතෘ භූමියට දලදා සමිඳු පිහිටයි !!!! (ස)
ඉරිසියාකාරයෝ මොනවා කිවත් .රටට හොද ගෞරවයක්. මගේ සුභ පැතුම්.(නදී)
ජය ශ්‍රී ලංකා..ඔහොම යං ඉදිරියට...... (ස)
අට විසි බුදුවරුන් සිටි ලක් හෙළ ඉතිහාසේ.. පළමු වහල් යුගයයි ගෙවුණු සිව් සියවසේ.. සමරති වහල් බව විළි බිය කොහෙත් නැති ලෙසේ.. වගුරයි කඳුළු ලක්මව පෙර නොසිතු ලෙසේ.. (ස)
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන මම පුද්ගලිකව දරන මතය කෙසේ උවත් මෙතන පැහැදිලිව එක දෙයක් පෙනෙන්නට තිබේ. එනම්, මෙවර මහා සමුළුව අප යටත් විජිතයක් බව ලොවට පුන පුනා පැවසීමක්ම නොව ඉන් එහාට ගිය අපේ රටේ ශිෂ්ඨාචාරය අධිරාජ්‍යවාදීන් විසින් කෙලෙසීමක් යයි කියන හැගීම ලොවට අනියමින් දුන් පණිවිඩයක් බවට පත් විය. අපගේ සංස්කෘතික නර්තනය යොදාගෙන එය වක්‍රාකාරයෙන් පෙන්වා තිබීම අගය කල යුතුය. අනෙක් පසින් ගත් කල, ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන්නවුන්ට ලංකාවටම ඇවිත් එම චෝදනා වල සත්‍ය අසත්‍යතාවය නිරීක්ෂණය කිරීමට ඉඩ හසර සලසා දීමක්ද වේ. අපේ රටට ලෝකයට මෙය කියන්නට වෙනත් ක්‍රමයක් නැත. අප ගැන වැරදි චිත්‍රයක් පිටස්තර ජාතීන් හට මවා ඇති නිසා පුද්ගලිකව ඒ ඒ ජාතීන්ට අප කියන දෙය වැටහෙන්නේද නැත. එහෙයින් මේ සමුළුව වැදගත් ඉලක්කයක් විය හැක. ලෝකයේ ජනගහනයෙන් 3න් 1ක් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වේ. මිලියන ගණනකට අපේ රටේ වර්තමාන ස්වභාවය පෙන්වීමට මීට වඩා හොද තවත් අවස්ථාවක් ඇත්තේද නැත. එහෙයින් මීට වැය වන වියදම ගැන තර්කයක් නැත. (ස)
අනේ මන්දා. රටේ නැති දියුණුවක් ලෝකෙට පෙන්නන එකෙන් අපට වෙන්නේ වාසියක්ද අවාසියක්ද. පුද්ගලික දේශපාලනය මොකක් උනත් මමත් රට වෙනුවෙන් සුබ පතනවා. ජය වේවා......... ! (ස)
වෙද මහත්තයෝ ඔයාම ඒවා කන්න.ඒවා කන කට්ටිය වැඩි නිසා මෙහෙම වෙලා තියෙන්නේ.ශාන්තටත් ඉතාලියට පොඩ්ඩක් යවන්න. (ස)
ඕක පටන් ගත්තා කියලා බඩගින්න අඩු වෙනවද.නැහැනේ.(නදී)
අට විසි බුදුවරුන් සිටි ලක් හෙළ ඉතිහාසේ.. පළමු වහල් යුගයයි ගෙවුණු සිව් සියවසේ.. සමරති වහල් බව විළි බිය කොහෙත් නැති ලෙසේ.. වගුරයි කඳුළු ලක්මව පෙර නොසිතු ලෙසේ..(නදී)
නීල් රනා සෑමදාම වතුර වීදුරුවේ කුනාටු දකින කෙනෙක්. කිසිම දෙයක් සංවේදීව බලනා කෙනෙක් නොව. තමන් අනික් අයට වඩා උගත් සිතා විකාර ප්‍රතිචාර දමන කෙනෙක්. ආඩම්බර විය යුතු වෙලාවක දුක් වන මිනිහෙක්. නීල් රනා (ස)
රජින්ද, ඔබගේ අදහස් ඉතා නිවැරදිය. ඔබ මෙන් සිතන්නට පුළුවන් බහුතරයක් සිටි නම් පිදුරු සහ පුන්නක්කු අවම කර ගත හැක. අවාසනාවකට ඔබ මෙන් නොව බහුතරය පිදුරු කකා පුන්නක්කු බොන කොටසකි. (ස)
අයියෝ නීල් රණා කියන දේවල් ගණන් ගන්නෙ කව්ද . නීල් රනාගේ අය අංගොඩ ඕනෙ තරම් ඉන්නේ. (ස)
ජගත් වගේ අයට පිදුරු තමා කවන්න ඕනේ.(නදී)
නීල් රණ, "අට විසි බුදුවරුන්" හිටියේ ලංකාවේද නැතිනම් වෙන ලෝකයක තියෙන ලංකාවකද? නිකන් සාදක නැති බොරු පැල කරන්න හදන්න එපා. කුමාර් (දිල්)
හරිම කලාත්මක නැටුම් දර්ශන.ඒවා නරඹන විට හරිම ආඩම්බරයක් දැනුනා.එංගලන්තේ හිටියත් තාම චාල්ස් කුමාරයව දකින්න බැරිඋනා. ජනාධිපතිතුමාට පින් සිදු වෙන්න ලංකාවේ ඉන්න අයට ඒ වාසනාව ලැබුනා. (ස)
මගේ රටට ''දළදා හිමි සරණයි'' ජන පති දිනේ දිගුකල් ......!!!(නදී)
ලස්සනයි ..! බී බී සී නිව්ස් තුලුන් සජීවීව නැරඹුවා.. ගොඩාක් කලාත්මක නැටුම් ..කීපයන් ඉදිරිපත් කර තිබුනේ ..කලාත්මකව වගේම වැදගත්කමකින් බව කිව යුතුයි ..! ආඩම්බරයි ..රටේ ඒකීය බව වගේම ..ජනතාවගේ අයිතීන් ..හා ආරක්ෂාවත් නිදහ්ව මේ වගේ ..ඉදිරියේදී අපිට දකින්න ලැබේ නම් අපිට රටක් තියේ කියා සැනසෙන්න පුළුවන් ...කල කිරීමෙන් තොරව ...! (ස)
සම්පත් ගේ අන්තිම ප්‍රතිචාරය කියවා කණගාටුවත් ඇතිවූ බැවින් මෙය ලියමි. සමහරවිට ඔබ ඇත්තෙන්ම ණය ගැනීමට බියවී ඒ ප්‍රතිචාරය ලියා ඇතිබව මට හැඟවුනි. සමහරවිට ඔබ ආර්ථික විද්‍යාව උගත් අයෙකු වන්නටද පුළුවන. ලෝකයේ සෑම දියුණු රටක්ම ණය ගෙන දියුණුවූ රටවල්ය. ගෙවන්නට බැරි ප්‍රමාණයේ ණය ගැනීම වරදකි. ගෙවන්නට හැකි ප්‍රමාණයේ ණය ගැනීම වරදක් නොවේ. ලංකා සෙන්ට්‍රල් බැංකුවේ වාර්තා අනුව ලංකාව ගෙන ඇති ණය ගෙවිය හැක්කකි. ඇරත් ණය දෙන්නෝද මෝඩයෝ නොවේ. ඔවුන් ඒ සෑම දෙයක්ම හොඳින් බලා රටකට ණයක් දෙණු ලැබේ. ලංකාව ණය නොගත්තානම් චාල්ස් කුමරු පවා සඳහන් කරන ලද දියුණුවක් අද අපට නැත. මෙහි ප්‍රතිචාරය දමන ඇතමෙක්ද පිටරටවලදී බැංකු ණය ගෙන තමාගේ කියා යමක් අයිති කරගත් අය වන්නට පුළුවනි. යමක් ලඟාකර ගැනීම අපහසුයි කියා එයට උත්සාහ නොකිරීම වැරදිය. (දී)
මිනිසුනි, ලැබේද මින් සැනසීමක්! (නි)
ජගත්, කන්න නැත්නම් ලංකාවේ හිඟා කවත් ලෂපතියෙක් වෙන්න පුළුවන්. හිතා බලන්න., බඩගින්නේ ඉන්නවා නම්... වැඩක් කරන්න තරම් ඉගෙන ගෙන නැත්නම්. ... (ස)
ජගත් බඩ ගැන වගේම අපේ රට ගැනත් හිතන්න. (ස)
ජය වේවා........ (ස)
නීල් රනා, පසුගිය දිනවල සූර්‍යදේවතා වන්දනාවේ ගියා. මේ දවස්වල ලංකාවේ වැඩ සිටිය කියන අට විසි බුදු රදුන් සරණ යන්න කියනවා.බෞද්ධයෙකු ලෙස කථා කරන මොහු මේ රටට, බුදු දහමට, රටට ආදරය කරන හැමෝටම විරුද්ධ වන කෙනෙක්. දෑතෙන් ඇවිදින කෙනෙක්. ඒ නිසා මොහුට හැමහොද දෙයක්ම පේන්නේ , ඔලුවෙන් හිට ගත්තම පේන දේ තමයි. (ස)
වාසනාවන්..... වාසනාවන් ලක් මවුනි මගේ.... (ස)
ආස්චර්‍ය කරා ආරම්භය.(නදී)
මේ සමුළුවට සහභාගි වන බොහෝ රටවල විශාලත්වය සහ හැකියාවන් ලංකාවත් සමග සසඳා බැලූ විට විශේෂයෙන්ම පෙනෙනා එක් දෙයක් නම් අපේ රට ඉතා කුඩා රටක් බවය.එනමුත් ඒ රටවල් නියෝජනය කරන උසස්ම පන්තිය අපේ රටට ආරාධනා කර අපේ සංස්කෘතිය අනුව ඔවුන්ට උසස්ම අයුරින් ඉඳුම් හිටුම් ආදිය සපයමින් ඔවුන් සමග එකට සාකච්ඡා කිරීමට ශක්තියක් අපට ඇත. මේ සියල්ල සංවිධානය කිරීම ඉතාමත් අසීරු දෙයක් වුවත් එය අපට කළ හැකිය. ප්‍රශ්න නැති රටවල් ලෝකයේ නැත. ඒ බව මේ සමුළුවට පැමිණි සෑම නියෝජිතයෙක්ම හොඳින් දනිති. බොහෝ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් විසඳා ගැනීමටද පුළුවන. මේ සමුළුව පැවත්වීමෙන් එය අපට සුළුවෙන් හෝ හැකි වුවොත් එයම අප ලද එක් ජයග්‍රහණයකි. (නි)
සතුරාගේ කඳවුරට ඇතුළු වී සතුරාට පහර දීම තමයි වඩා වැදගත්. නව යටත් විජිත වාදය තුල එහි කඳවුරට ඇතුළු වූ අපේ ජනපතිගේ චෝගම් භූමිකාව වටහාගන්න නම් ට්‍රෝජන් අශ්වයාගේ කතාව අන්තර්ජාලයෙන් කියවන්න. (නදී)
ජගත් ඔබට පිදුරු ගෝනියක් සහ පුන්නක්කු බාල්දියක් මේකෙන් පස්සේ එවන්නම් . ජාතියට අගරු නොකර ඉන්න. බඩ ගොස්තර වාදී නොවී (නදී)