ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම සඳහා සියලු වැඩකටයුතු සැලසුම්කර ඇති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එම මස 12 සිට 14 වෙනිදින දක්වා පැවැත්වීමට නියමිත "පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය පසුගියදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා සමඟ ලන්ඩන් නුවර පිහිටි මහකොමසාරිස් කාර්යාල රැසක මහ කොමසාරිස්වරුද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් චාර්ල්ස් කුමරුගේ නියෝජිතයෝද කැත්‍රීනා කුමරිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂේක් මක්ටුම් කුමරු, අලි ඛාන් කුමරුන්, ගිල්ෆර්ඩ්හි හොවෙල්
සාමි, දොලොකියා සාමි, ලුම්බා සාමි, ග්‍රීන්ග්‍රොස් බැරන් වරිය සහ ශ්‍රීමත් ඇලන් ග්‍රීන්ග්‍රොස්, ශ්‍රීමත් පීටර් හිප් , බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජේම්ස් වෝටන්,මාක් මෙන්සීස්, ටීම් යෝ යන පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන්ද, යුරෝපා පාර්ලිමේන්තුව වෙනුවෙන් චාර්ල්ස් ටෙනොක් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්ගේ පුත් යුවාන් බ්ලෙයාර් මහතාද හැමර්ස්මිත් සහ ෆුලම් නගරාධිපතිනි ප්රාස්සස් ස්ටෙන්සන්, ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා මහතා සහ හරේන් ද සිල්වා ඇතුළු 170කට අධික සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළෙහි සභාපති ක්‍රිස් ගිබ්සන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ආසියා කලාපය භාර උප සභාපති ශ්‍රීමත් තෝමස් හැරිස් ඇතුළුව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන රැසක නියෝජිතයෝ එහි වුහ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සංසදයේ සාමාජිකයෝද බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෝද, බ්‍රිතාන්‍ය-ආසියා
භාරයේ සාමාජිකයෝද, එක්සත් රාජධානියේ තරුණ ව්‍යවසායිකයින්ගේ නියෝජිතයෝද පොදුරාජ්‍ය මණ්ඩල සිවිල් සංවිධාන පදනම බ්‍රිතාන්‍ය
විශ්ව විද්‍යාල සහ බ්‍රිතාන්‍ය කවුන්සල නියෝජිතයෝද එහි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ආරම්භයක්. හැමදෙයක්ම හොදින් කරගෙන යන්න සැමට ශක්තිය ලැබේවා! මෙතුලින් රටට විශාල වරප්‍රසාද හිමිවෙනවා. ලංකාවේ ඉදිරි දැක්මක් පෙන්වනවා. යලි පිබිදුන ශ්‍රී ලංකාව නව මාවතකට යොමු වෙනවා. අතීතයේ සිදු වූ වැරදි පන්නරය කරගෙන ඉදිරියට හොද ගමනක් යාහැක (නි)