විසිහතර වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන 27 වැනිදා සිට පුරා තෙදිනක් මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සමුළුව සඳහා වත්මන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුළු සභාපති ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර අංශයේ අධ්‍යක්ෂිකා චමරි රුද්‍රිගු මහත්මිය පැවසුවාය.
පසුගිය 2013 වසරේදී කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවට හිමිවූ සමුළු සභාපතිත්වය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දෙවසර සඳහා මෝල්ටා රාජ්‍යයේ අගමැති ජෝෂප් මස්කට් මහතා වෙත පිරිනැමීම සිදුවන වන බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරන සෙසු පිරිස ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය වෙනුවෙන් දක්ෂිණ සංවර්ධන, නීතීය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් සහභාගී වීමට නියමිත යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ප‍්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවලූ 53 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ‘‘ පොදුරාජ්‍ය මණ්ඩලය ‐ගෝලීය වටිනාකමට ශක්තියක් ’’ යන්නයි.මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ව්‍යාපාරික, තරුණ, මහජන, හා කාන්තා සමුළුද පැවැත්වීමට නියමිත අතර මෙලෙස කාන්තා සමුළුවක් පැවැත්වෙන්නේ ප‍්‍රථමවරට යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර අංශයේ අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
බි‍්‍රතාන්‍යයේ යටත්විජිත ලෙස පැවති රටවල් 53ක එකතුවෙන් සුසැඳි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානතම අංශය වන්නේ සෑම දෙවසරකටම වරක් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවයි.එහිදී සාමාජික රටවල් ඉදිරි ප‍්‍රගමනය සඳහා වන තීන්දු ගනු ලැබීම සිදු කෙරේ.මෙම පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවක් අවසන් වරට පැවැත්වෙූයේ 2013 වසරේ මෙරටදී වන අතර එය බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් කුමරයාගේ ප‍්ධානත්වයෙන් පැවැත්විණි.
මෙවර මෙම සමුළුව පැවැත්වෙන මෝල්ටාව 2005 වසරේදීද පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවක් පවත්වා ඇත.මධ්‍යධරණි මුහුදේ පිහිටි දූපත් තුනකින් සමන්විත මෝලටා රාජ්‍යය යුරෝපා සංගමයට අයත් සංචාරක ආකර්ෂණයෙන් දිනාගෙන ඇති රටකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
මොකද ඕක රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ. මේ රටවල් 53 තම කිරීටයේ බලපෑම් මත සිටිය යුතුයි කියලද ? මේ රටවල් ටික එකතුවෙලා මේ රටවල් වලින් ඇදපු ධනය හා කරපු අපරාද සඳහා වන්දි ලබාගැනීම යාන්ත්‍රණයක් සකස් කලයුතුයි. (ස)