පිදුරුතලාගල සංරක්ෂිතයේ අර්තාපල් වගාව සදහා කැලෑව එළි කරමින් ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වලට හානි කළැයි රිමාන්ඩ් කර සිටි තිදෙනකු රුපියල් 7500 බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහරින්නැයි නුවරඑළිය මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්.හේවාවසම් මහතා අද (22) නියෝග කළේය.
නුවරඑළිය හාවාඑළියේ වෙදාලාගේ ප්‍රදීප් නුවන් පේමරත්න , නුවරඑළියේ ටී. සෙබස්තියන් සහරාගල නඩරාජ් කුමාර් එසේ ඇප ලදහ.
පිදුරුතලාගල රක්ෂතයේ මුහුදු මට්ටමින් අඩි 7900කට වඩා ඉහල කඳුකරයේ අංශක 60 කට වැඩි ආනතියක් ඇති ප්‍රදේශයක ශ්‍රී ලංකාවට ආවේනික මහරත් මල් ,අශෝක වැනි වසර 500 කට වඩා පැරණි ශෘක කපා සැකකරුවන් අර්තාපල් වගාව සදහා කැලෑව එලි කළ බවට නුවරඑළිය අඩවි වන නිලධාරී අජිත් ජයසිංහ මහතා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයේ කරුණු දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිදුරුතලාගල අල වවන්න ගිහින් උසාවියේ
උපාලි Wednesday, 22 May 2013 04:30 PM
ඔය මිනිස්සු නුවර එලියේම අය නම් ඔය වැඩේ නොදැන කල දෙයක් නෙමෙයි. එක්කෝ පොලිටික්කෙක් පසුබිමේ ඉන්නවා. උපරිම දඬුවම් දිය යුතුයි. (නදී)
ඩී.උපුල් Thursday, 23 May 2013 12:37 PM
මෙහෙම ගිහින් තව ටික කාලෙකදී කැලෑ නැතිවෙලා රටම කාන්තාරයක් වෙනවා. ඊට පස්සේ කාන්තාරේ තෙල් මතුවෙනවා. තෙල් විකුණලා අපිත් සුල්තාන්ලා වගේ වෙනවා. කාටද එතකොට ආඩම්බර? (නි)
ලංකා Wednesday, 22 May 2013 04:46 PM
මුන් වගේ උන් මරන් නැත්තේ මොකද?(නදී)
ලේක්කෝ ගලබඩ Thursday, 23 May 2013 03:44 AM
අල වවනවා කියන්නේ 'පොකට් ගහනවා' වගේ ක්ෂණික දෙයක් නොවේ. ඉතින් ඔය ඕනෑ තරම් රක්ෂිත වල අල සහ එළවලු වගා කරන්නේ, ගිහින් අල්ලන්නකෝ. (නි)
වසන්ති Wednesday, 22 May 2013 04:46 PM
විශාල දඬුවමක් දිය යුතුයි.(නදී)
අමාලි සිල්වා Wednesday, 22 May 2013 04:50 PM
මන් හිතන්නේ රජයට සම්බන්ද කෙනෙක් වගේ නෙමේ රජයේ කෙනෙක් උනා නම් නඩුත් නැහැ . බඩුත් නැහැ. අල්ලපු නිලදාරීන් වන්නියට මාරු.(නදී)
මනෝජ් -සාජා Thursday, 23 May 2013 07:59 AM
දැඩි දඩුවම් නියම කරන්ට ඕන මේවගේ අයට.(නදී)
පෙරේරා Wednesday, 22 May 2013 05:27 PM
වැඩේ අල වෙලා වගේ. (නදී)
නීල් Wednesday, 22 May 2013 06:07 PM
මේක මොකක්ද? සුද්දෝ කදුකරයම වනසමින් කෝපි වවනවා (නි)
ලලිත් Wednesday, 22 May 2013 06:57 PM
වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්ති වලට සම්පුර්ණ පටහැනි දෙයක්. සංචාරක හෝටලයක් හැදුවා නම් ඔය මොකුත් නැහැනේ. (නි)
පහන් Wednesday, 22 May 2013 08:08 PM
අල වගේද ගෝවා හැදුවා නම් ? (නි)
අමරසේන Wednesday, 22 May 2013 08:14 PM
ලංකා, ඔයාගේ නම වෙනස් කරගන්න. ඉල්ලංකා කියලා දාගන්න. (නි)