පිදුරුතලාගල සංරක්ෂිතයේ අර්තාපල් වගාව සදහා කැලෑව එළි කරමින් ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වලට හානි කළැයි රිමාන්ඩ් කර සිටි තිදෙනකු රුපියල් 7500 බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහරින්නැයි නුවරඑළිය මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්.හේවාවසම් මහතා අද (22) නියෝග කළේය.
නුවරඑළිය හාවාඑළියේ වෙදාලාගේ ප්‍රදීප් නුවන් පේමරත්න , නුවරඑළියේ ටී. සෙබස්තියන් සහරාගල නඩරාජ් කුමාර් එසේ ඇප ලදහ.
පිදුරුතලාගල රක්ෂතයේ මුහුදු මට්ටමින් අඩි 7900කට වඩා ඉහල කඳුකරයේ අංශක 60 කට වැඩි ආනතියක් ඇති ප්‍රදේශයක ශ්‍රී ලංකාවට ආවේනික මහරත් මල් ,අශෝක වැනි වසර 500 කට වඩා පැරණි ශෘක කපා සැකකරුවන් අර්තාපල් වගාව සදහා කැලෑව එලි කළ බවට නුවරඑළිය අඩවි වන නිලධාරී අජිත් ජයසිංහ මහතා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයේ කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිස්සු නුවර එලියේම අය නම් ඔය වැඩේ නොදැන කල දෙයක් නෙමෙයි. එක්කෝ පොලිටික්කෙක් පසුබිමේ ඉන්නවා. උපරිම දඬුවම් දිය යුතුයි. (නදී)
මෙහෙම ගිහින් තව ටික කාලෙකදී කැලෑ නැතිවෙලා රටම කාන්තාරයක් වෙනවා. ඊට පස්සේ කාන්තාරේ තෙල් මතුවෙනවා. තෙල් විකුණලා අපිත් සුල්තාන්ලා වගේ වෙනවා. කාටද එතකොට ආඩම්බර? (නි)
මුන් වගේ උන් මරන් නැත්තේ මොකද?(නදී)
අල වවනවා කියන්නේ 'පොකට් ගහනවා' වගේ ක්ෂණික දෙයක් නොවේ. ඉතින් ඔය ඕනෑ තරම් රක්ෂිත වල අල සහ එළවලු වගා කරන්නේ, ගිහින් අල්ලන්නකෝ. (නි)
විශාල දඬුවමක් දිය යුතුයි.(නදී)
මන් හිතන්නේ රජයට සම්බන්ද කෙනෙක් වගේ නෙමේ රජයේ කෙනෙක් උනා නම් නඩුත් නැහැ . බඩුත් නැහැ. අල්ලපු නිලදාරීන් වන්නියට මාරු.(නදී)
දැඩි දඩුවම් නියම කරන්ට ඕන මේවගේ අයට.(නදී)
වැඩේ අල වෙලා වගේ. (නදී)
මේක මොකක්ද? සුද්දෝ කදුකරයම වනසමින් කෝපි වවනවා (නි)
වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්ති වලට සම්පුර්ණ පටහැනි දෙයක්. සංචාරක හෝටලයක් හැදුවා නම් ඔය මොකුත් නැහැනේ. (නි)
අල වගේද ගෝවා හැදුවා නම් ? (නි)
ලංකා, ඔයාගේ නම වෙනස් කරගන්න. ඉල්ලංකා කියලා දාගන්න. (නි)