IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාව සූදානම්

බි‍්‍රතාන්‍යයේ ”අයිලේ ඔෆ් මෑන්” දුපතේදී මෙ 7 වැනිදා ආරම්භ වන දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් (වයස 18න් පහළ) කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලබන සඳුදා සිට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. සංචාරක නිල ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 28 දෙනෙක් හා නිලධාරීහු හත්දෙනෙක් ඇතුළත් වෙති. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යති. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද කී‍්‍රඩා උළෙල නැරඹීම  සඳහා එහි යාමට නියමිතය. වසර 2018 දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරක රාජ්‍යවීමේ අපේක්‍ෂාවෙන් මේ වනවිට ලංසු තබා තිබෙන ශ්‍රී ලංකාව මෙම යොවුන් ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලේ සංවිධාන කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා 10 දෙනකුගෙන් සමන්විත නිලධාරීන්ගේ කණ්ඩායමක් සහභාගි කරවන බව ද වාර්තා වේ. මලල කී‍්‍රඩිකා අක්ෂානා මුතුබාසිනී මාලෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි. කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස සංචාරයට රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා එක්වෙයි. ඔහු ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරයෙකි. මලල කී‍්‍රඩා, බැඞ්මින්ටන්, ජිම්නාස්ටික්, රග්බි හා පිහිනුම් යන කී‍්‍රඩා ඉසව් ”පහකින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය නියෝජනය කරයි. මෙම තරග සංචාරයේදී නිල ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් සඳහා නවාතැන් හා ආහාරපාන සත්කාරක රාජ්‍ය විසින් දරන අතර ගුවන් ප‍්‍රවේශපත‍්‍ර වියදම් දරන්නේ කී‍්‍රඩා අමාත්‍යාංශය විසිනි. ගියවර ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැති පළමු යොවුන් පොදුරද මඬුලූ කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් (3) දිනාදීමට මලල කී‍්‍රඩක ෂෙහාන් අඹේපිටිය සමත්විය. ඔහු  ඕවර 100, මීටර 200 යන පිරිමි ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනාගත් අතර මීටර් 100-4 (පිරිමි) රන් පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළේය. එංගලන්තයේ  ”ලිවර්පුල්” නගරයේ සිට පැයක බෝට්ටු ගමනකින් පසු බි‍්‍රතාන්‍යයට අයත් මෙම ”අයිලේ ඔෆ්  මෑන්” නමැති සංචාරක පාරාදීසය අයත්වන මෙම කුඩා පතට ළඟාවිය හැකිය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ඇඳුම් අනුග‍්‍රහය ලබාදී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසිනි. දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගි වන  ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මලල කී‍්‍රඩා-ලහිරු ප‍්‍රසන්නජිත්, සුපුන් විරාජ්, ෂිවන්ති කුමාරි, නිමේෂා සිරිවර්ධන, ආක්ෂණා මාරලන්ද හා මලංක පි‍්‍රයන්ත්.

  • බැඞ්මින්ටන්:- රඛිත පෙරේරා, අචිනි රත්නසිරි උපුලී වීරසිංහ,
  • ජිම්නාස්ටික්:- නිමාෂා දේවින්දි පතිරගේ හා හසිත චන්ද්‍රමාල් පත්තප්පෙරුම
  • රග්බි:-  රන්දික නදීෂාන්, නතිල් බණ්ඩාර, ප‍්‍රභාක රිචඞ් ඉත්තෑපාන, ලෝචන චතුර ඒකනායක, මියුරු විෂාන් හේවාවසම්, මොහොමඞ් අර්ෂාඞ්, රන්දිව මහවත්ත, හෂාන් මධුරංග, දුලාජ් රොබට්, සංජය විජේනන්ද සෙනරත්ගේ. ජේසන් චාල්ස් දිසානායක සහ ධනුෂ්ක රාජන්,
  • පිහිනුම් :- මැතිව් අබේසිංහ සහ නදීරා ජයසේකර



අදහස් (0)

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32983 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15622 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 140 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 201 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 506 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site