පොදුරාජ්‍ය මණ්ඩලයේ වෙළෙඳ මූල්‍ය අරමුදල පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මෝල්ටා හා මුරුසි විදේශ අමාත්‍යවරුන් පසුගිය දා ගිවිසුමකට අත්සන් තැබු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම ගිවිසුමට අත්සන තබා ඇත.
කුඩා හා සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගිවිසුම සකස් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල වෙළෙඳ ධාරිතාවන් නැංවීමේ අවශ්‍යතා ඇති අවස්ථාවන්වල දී ඒ වෙනුවෙන් මෙම අරමුදල යොදා ගැනීමටත් බලාපොරොත්තු වේ.