IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුදුම හතෙන් කෑල්ලක් ලක්ෂ 374 කට තුන් ඈවරයි

ලෝකයේ පුදුම හතට අයත් අයිෆල් කුලුන පුදුම හතේ දැවැන්තයෙකි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුලූන සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස 1889දී ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප‍්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය.

ප‍්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක්වූ යකඩ කුලූන දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ‍්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. දෙඅත් පිරිමදිමින්, සිපවැළඳ ගනිමින්, ආදර බස් දොඩමින් යකඩ කුලූනේ පියගැට පෙල තරනය කරන ආදරවන්තයන්ට අසලින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සු
ළං රැලි ඔවුනගේ විඩාව සංසිදුවයි.

ආදරයෙන් පිරීගිය අයිෆල් කුලූනේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදි ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී විකුනුවේය.

1983 වසරේ අයිෆල් කුලූනේ නඩත්තු හා අලුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුනු අවස්ථාවක පලමු හා දෙවන මහල අතර ඇති පියගැට පෙලේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කළේය.

බිම් මහලේ සිට දෙවැනි මහල දක්වා 1665 කින් සමන්විත පියගැට පෙලේ පඩි 19කින් සමන්විත මීටර් තුන හමාරක් උස කිලෝ: 750ක් බරැති දැනට වසර 125ක් අයුස හිමිකර ගත් ඓතිහාසික යකඩ පඩිපෙළ යුරෝ තිස්දාහකට හෙවත් රුපියල් ලක්ෂ 51 කට වෙන්දේසි කරුතක්සේරු කළහ.

පසුගිය සතියේ පැරීසියේ ලෝකයේ සුප‍්‍රසිද්ධ ආර්ට්කූරූසියල් වෙන්දේසි පොළේදී පෘතුගීසි ජාතික සමරු එකතු කරන්නෙක් මිලදී ගත්තේය. ගැනුම්කරුවෝ අට දෙනෙක් ඒ සදහා ඉදිරිපත් වූහ. සිව්දෙනෙක් දුරකතනයෙන් වෙන්දේසි යට තරග කළහ. අවසානයේ පෘතුගීසි ජාතිකයා විසින් ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 374 ක මිලකට මිලදී ගත්තේය.

 

 

 

 

 

 



අදහස් (0)

පුදුම හතෙන් කෑල්ලක් ලක්ෂ 374 කට තුන් ඈවරයි

සම්පත් Monday, 02 December 2013 09:45 AM

පුදුම හතෙන් එකක් නොවේ. http://en.wikipedia.org/wiki/New7Wonders_of_the_World (ස)

:       0       0

රූපවතී Monday, 02 December 2013 11:07 AM

මමත් මෙහි අසිරිය නරඹා ඇති නිසාවෙන් ..ඇත්තටම ..මනුෂ්‍යයන් වශයෙන් ලෝකේ ඇති විශාල සුන්දර නිමැයුමක් දැකීම ලොකු භාග්‍යක්...!මෙහි අතීත කතාව කුලුණ හා සමානව සුන්දරයි ...!!!! (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Sunday, 01 December 2013 10:39 PM

ප්‍රංශයත් බංකොලොත් වෙලාද? එහෙනම් කමක් නෑ. ටික ටික කෑලි කරලා විකුණන්න. (ස)

:       0       0

මොහොමඩ් Sunday, 01 December 2013 11:29 PM

නැහැ, නැහැ අට වෙනි පුදුමය ලංකාවේ ඇමති මණ්ඩලයයි. (නදී)

:       0       0

ශාලික Monday, 02 December 2013 11:20 AM

කාට කියන්ඩද අපි ? (ස)

:       0       0

පනික්කියා Monday, 02 December 2013 12:11 AM

මේක පුදුම හතෙන් එකක් උනේ කවදද? (නදී)

:       0       0

රිචී Monday, 02 December 2013 12:36 AM

මමත් ඉන්නේ පැරිස් වල. (නදී)

:       0       0

සුනේත්‍රා සෞදි Monday, 02 December 2013 12:20 PM

කෝ මේ පත්මිණී, එයා තමයි මේ තිරයේ ප්‍රංසය වෙනුවෙන් පෙනී සිටින තානාපතිනිය. නොදන්නා කම මහමුදලි කමටත් වඩා ලොකුයි. පුදුම හත නොදන්නා ප්‍රංස ලංකා (ස)

:       0       0

පවන් Tuesday, 03 December 2013 01:34 AM

අයියෝ! (නි)

:       0       0

රත්න පතිරණ Monday, 02 December 2013 01:41 AM

සිගිරි ගලේ ගල් කෑල්ලක ලංසුව කීයද? (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 02 December 2013 02:21 AM

ඇයි මෙහෙම දේවල්? (නදී)

:       0       0

බංඩා Monday, 02 December 2013 02:44 AM

අපේ වරායේ කට්ටිය එහෙ හිටිය නම් කුලුන පිටින්ම පරණ යකඩ වලට විකුණලා.(නදී)

:       0       0

නරනප්පා Monday, 02 December 2013 03:37 AM

මගේ මතකය නම් මෙය පුදුම 7 ට අයත් නැති බවයි. දන්නා අයෙක් ඇතොත් නිවැරදි කොරන්න (නදී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Monday, 02 December 2013 01:48 PM

රීචිගේ කොමෙන්ට් එකට අපි දැන් හිනවන්න ඕනද නැත්නම් අඩන්න ඕනෙද කියල මට තේරෙන්නෑ, තමුන් කොහේ හිටියහම අපිට මොකෝ රීචි,නිකන් කයිවාරු නොගහ අදාල දේගැන විතරක් කතාකරන්න.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 02 December 2013 07:24 AM

මෙතන ලෝකයේ තිබෙන බැලිය යුතු ඉතාමත් අලංකාර තැනක්. (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:41 PM

අටවන පුදුමේ ගල් කෑල්ලක් කියලා යයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site