පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදයාලයේ විදුහල්පති පේමසිරි අතාවුද මහතාගේ මාරුකිරිමට විරොධය දක්වමින් විද්‍යාලයේ දරුවන්ගේ දෙමවපියෝ අද උදෑසන පිළියන්දල නගරයට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුහ.


පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදයාලයේ විදුහල්පති පේමසිරි අතාවුද මහතාගේ මාරුකිරිමට විරොධය දක්වමින් විද්‍යාලයේ දරුවන්ගේ දෙමවපියෝ අද උදෑසන පිළියන්දල නගරයට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් හොඳ දේවල් කලත් කිරි කලේට ගොම බින්දුවක් දාගෙන නේද? (නි)
මුදල් වංචාවලට දෙවරක් අවවාද ලබා තෙවනුවද වරදකරු වූ මොහු වැනි හොරෙක් ඉල්ලන දෙමවුපියන් ගැන කණගාටුයි (අ)
ඔබ මෙහි විදුහල්පති මාරුකිරීමට හේතුවද සදහන් කලේ නම් අගනි (අ)
හොද විදුහල්පතිලට පාසලක් හොදට කරගෙන යන්න අද ඉන්න බලධාරියෝ ඉඩදෙන්නෙ නැහැ (නි)
පේන විදිහට මුදලට ළමයි දාපු දෙමවුපියෝ ගොඩක් ඉන්නවා (අ)
එතකොට විදුහල්පතිද පහේ පංතියට උගන්වන්නෙ (අ)
ඕකට රැවටෙන්න එපා බලදාරියනි (නි)
විදුහල් පති වරයෙක් මාරු කිරීම ට දෙමාපියන් විරුද්ධ වෙන එක හරිද මන්ද . ඔහොම ගිහිල්ල කවද හරි විශ්‍රාම යන දාටත් ඒකටත් එපාකියයිද ? (අ)
පගා ගැහැව්වට විදුහල්පති ඉස්කෝලෙට යමක් කරල තියෙනවා. හොර අමතිලට වඩා මෙය හොද (අ)
මේ විදුහල්පති මුදලට ළමුන් ඇතුලත් කළ බව බොහෝ අය දන්නවා. අසරණ දෙමාපියන් පොළඹවා ඇත්තේ කත් අදින ගුරුමඩුල්ලේ කිහිපදෙනෙක්. (අ)
වෙන විදුහල් පති කෙනෙක් දැම්මම මොකද. ? උගන්නන්නේ ගුරුවරුනේ , 5 වසරට උගන්නන්නේ මෙයාද? දෙමුපියන්ටත් දැන් ඉස්යිල් එකක් වෙලා පාරට බහින එක. (අ)
මම දන්නා විදියට මේ දෙමවුපියෝ ඉල්ලන්නේ 5 වසරට පවා මේ දිනවල ඉගැන්වීම් ඇනහිටලා බැවින් ගුරුවරුන්ට මේ විබාගෙට සුදානම් වන ළමුන්ට අසාදාරණයක් නොවන්නටයි.ඒ දරුවන්ට වෙන ගැටලුව දැනේනේ ඒ මවුපියන්ට. ඒක වැරදිද? එක අතකට ඔබ හරි ඇති (නි)
විදුහල්පතිතුමා කරපු සේවය එන්න ඇවිත් බලන්න. පාසලේ භෞතික සංවර්දනය හා ප්‍රතිපල වල සීග්‍ර වර්දනය, බාහිර ක්‍රියාකාරකම් වලින් ලබා ගෙන ඇති ජයග්‍රහණ, විනය කවදාවත් හංගන්න නොහැකි. ටිකක් හිතන්න ශිෂත්ව විභාගයට තව එක මාසයි. දැනටමත් ළමින්ගේ හා ගුරුවරුන්ගේ මානසිකත්වය දැනටම වැටිලා. මොකද මේ හැම දෙයක් පසුපස සිටපු නියමුවා ඔහු තමා. වැරැද්දක් තියනවනම් නීත්‍යනුකුල ක්‍රියාමාර්ග ගන්න, අඩුම තරමේ ශිෂ්‍යත්ව විභාගය තෙක් එතුමාව රදවන්න. බලදරයන්ගේ ඥානය පහල වේවා...!(අ)
විදුහල්පති දක්ෂයෙක් නොවේ නම් විදුහල පහළටයි. අනේ නිමාලි දන්නා තරම? (නි)
"පදනැදුරු" කියන වචනයේ තේරුම සහ එය හැදුන හැටි කව්රු හරි පහදලා දෙනවද ? මට තේරෙන විදියට නම් පදන (ප්‍රධාන) ඇදුරු (ආචාර්ය) දෙක එකතු කරලයි වචනය හදල තියෙන්නේ. (නි)
වහාම ඒ මාරු කිරීම නවත්තන්න (දී)
ඔබගේ දරුවාත් විදුහල්පතිතුමාගේ සංවර්දන කටයුතු වලින් ප්‍රයෝජන ලබන බව අමතක කරන්න එපා..අනුන්ගේ අතකොලු වෙනවට වඩා හිතට එකගව ජීවත් වෙන්න (නි)
පගා ගැනීම වෙන එකක්. දෙමාපියන්ගේ ආධාරයෙන් විදුහල දියුනු කිරීම තව එකක්. අඩු කලේ දිය සැලේ කියනවනේ.... (නි)
පේන විදිහට මුදලට ළමයි දාපු දෙමවුපියෝ ගොඩක් ඉන්නවා. (ස)
මුදල් ගෙවල දරුවන් දාපු දෙමාපියන්ට වලට එන්න අනික් දරුවන් දා ගැනීමට නොහැකි වීමේ දුක තමා මේ කියන්නේ. (අ)
විදුහල් පති ගුරු උතුමා වෙනුවෙන් මෙතරම් උද්ගෝෂණයක යෙදී සිටින්නේ ,දෙගුරුන්.එතුමා රජයේ ප්‍රතිපාදන නොබලා දෙමව්පියන්ගේ සම්බන්දතාවය සමග දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට වෙර ගත් අයෙකු බව සක්සුදක් සේ පෙනී යනවා. විදුහල්පතිවරු බොහෝ දුරට හෙලා දකින කාලයේ , වැඩිදෙනාගේ කැමැත්ත පරිදි එතුමාට එම විදුහලේ කටයුතු කිරීමට ඉඩදීම දරුවන්ගේ අනාගතයට සුභවාදීයි ! (නි)
මොහු වැනි කෙනෙක් ඉල්ලන දෙමවුපියන් ගැන කණගාටුයි (නි)