තාක්ෂණ විෂයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු සමග පසුගිය (29) වන දින සාකච්ඡා කර සිසුන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධව සියලු පහසුකම් ලබා දිමට තීරණ ගනිද්දි සිසුන්ගේ විරෝධතාවයන් හේතුවෙන් මෙවැනි කනගාටුදායක සිද්ධියක් ඇති වී ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එච්එන්ඩීඒ සිසුන්ට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් එසැණ කළ විමසීමකදී පැවසීය.
ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන් විරෝධතාවක නියෙලන බවත් එම සිසුන් හමුවිමට අමාත්‍යංශ ලේකම් වරයා සිසුන් හමුවි සාකච්ඡා කර ගත් තීරණ දැනුම් දීමට සුදානම්ව සිටි බවත් විරෝධතාවයන් හමුවේ පොලිසියට සිසුන්ව අමාත්‍යාංශ ලේකම් වරයා හමුවිම සදහා කැඳවාගෙන ඒමට නොහැකි වූ බවත් සිසුනගේ කලබලකාරී තත්වය මග හරවා ගැනීමට පොලිසිය සමග සිසුන් ඇති කර ගත් ගැටුම දුරදිග ගිය බවත් අමාත්‍ය වරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයන් දරුවන්ගේ ඔලු පාලන එකත් කරනවද?ලැජ්ජයි.(අ)
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කි වැනි පන්තියට වෙනකම් ඉගෙනගෙන තියෙනවද?නොදන්නා කමටයි අහන්නේ. (අ)
දැන් මේවා කියලා හරියන්නේ නැහැනේ (නි)
අධ්‍යාපන අමාත්‍යංශයට ගැටලු සදහා බදදා දින ගිය විට කමිටුවට දමනවා කියා රවටා කල් මරණවා, කමිටුව රැස්කරවන දිනයක් නැහැලු. (අ)
ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)
අමතක කරන්න එපා ඇමති තුමෝ , අවුරුදු හතරාමරකට පමණයි බලය ඔබලාට දීල තියෙන්නේ (අ)
දැන් ඉතින් කතා කියලා වැඩක් නැහැ. (ර)
ඕන ගොනෙකුට බොරු කියන්න පුළුවන් (අ)
මමත් 1985 වගේ කාලයේදී සිසු උද්ඝෝෂණ වලට සහභාගිවෙලා තියෙනවා. ගුටි කාලත් තියෙනවා. ප්‍රතිඵලයක් හැටියට රාගම පිහිටවූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉවත් කරගත්තා. සටන් කරලා තමයි යමක් ලැබෙන්නේ. (නි)
චන්දන, ඔයාට නම් යමක් ලැබෙන්න ඇති රාගම පීඨය ඉවත් කිරීමෙන්. නමුත් ලංකාවට එමඟින් සිදු වූ පාඩුව අති විශාලයි. (නි)
මේ අයගේ කතාව නිකන් ළමයින්ට පොලිසිය ගැහුවා පළවෙනි වතාව මේක වගේ (හේ)
ඇමති තුමෝ නිකම් පාර්ලිමේන්තුවේ කච කච ගෑවට ඉගෙන ගත්තු ළමයිට ඔයාගේ කණගාටුව තේරෙනවා (අ)
එහෙම තීරණය කර තිබුනා නම් කලින් කියන්න තිබුනනේ. ඇයි ළමයින්ට තඩිබානතුරු හිටියේ. පුංචිදේටත් මාධ්‍ය සාකච්ඡා තියන ඔයාලට ඕක අමතක වුණා කියලා හිතන්න අමාරුයි. අනික ඔයාගේ ඔය කතාවට ශිෂ්‍යයෝ නම් තවම ප්‍රතිචාරයක් දක්වා නැහැ නේද? (නි)
දැන් ඉතින් ඉස්සර වගේ නැතුව නිදහසේ උද්ඝෝෂණ කරන්න පුළුවන්නේ.(නි)
දැන් ඉතින් මොනවා කියන්න බැරිද? (නි)
දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි (නි)
ඕනෑම කෙනෙකුට දැන් ඕනෑම දෙයක් කියන්න පුළුවන්නේ (නි)
තව ටිකක් ඉවසලා බලමු. මෙහෙමවත් ආණ්ඩුව යන්නේ ලෝක වෙළඳපොළේ පෙට්‍රල් මිල අඩුවෙලා තිබෙන නිසයි. තව අවුරුද්දක් ඇතුළත බලාගන්න පුළුවන් ඉතිරිය. එතකොට ප්‍රමාද වැඩියි. (නි)
ප්‍රනාන්දු මහත්තයා හරි. ඉස්සර කතා කළොත් අරයලට විරුද්ධව අනේ පහුවදාම කුදලා ගෙන යන්නේ සුදු වැන් එකකින්. දැන් එහෙම නැහැ . අනික මේ ලංකාවේ පලවෙනි සහ අවසන් පොලිසියෙන් ගුටි කෑම නෙවෙයි.මේවා කරවන්න උසි ගන්වන අය ගැන ඇයි මිනිසුන් කතා කරන්නේ නැත්තේ. (බ)
අනේ අපි රැවටිච්ච රැවටිල්ලක් , නොදකින් මමත් ඡන්දෙ දුන්න නේද යහපලානේ ට , වරෙල්ලකෝ ලබන මාර්තු මාසේ දෙන්නම් කජු (බ)
ඕන ගොනෙකුට කියන්න පුළුවන්... (ර)
මේ කියන කරුණු මට නම් දැනෙන විදිහට එකිනෙකට පරස්පරයි. (නි)
යමක් වෙන්න තිබෙනවා නම් ඒක නවත්වන්න බැහැ (නි)
අපි හිතාගෙන හිටියේ ඉන්දියාවේ පොලිසිය විතරයි මිනිසුන්ට එළිපිට එළවා එළවා පහරදෙන්නේ කියලා. බලාගෙන ගියාම ලංකාවේ පොලිසියත් ඉන්දියාවේ ගානටම වැටිලා. ලැජ්ජයි..... (නි)
හරි හරි. දැන් කතා ඇති (නි)
රෝහණ, ඔයා දන්නා කී දෙනෙක් එහෙම අරගෙන ගිහින් තිබෙනවද කියන්න බලන්න (නි)
බොරු නම් කියන්න එපා.(බ)
ඕන කෙනෙකුට ගහන්න පුළුවන්. (ස)
මම බබා , මම මොකුත් දන්නේ නැහැ , කොහොමද වෙනස සැපද . අනේ මගේ කට. (ස)
ඕන් කෙනෙකුට ගොන් තීරණ ගන්නත් පුලුවන්. (ස)
ඕනේ කෙනෙකුට ගහන්න පුළුවන් කියලයි මම කිව්වේ. (ස)
යුද්දෙට කියපු කතාව මෙතනටත් අදාලද? (ස)
ඕනේ කෙනෙකුට ගහන්නත් පුළුවන් ඕවට උත්තර කියන්නත් පුළුවන් අමාත් තුමෝ. (ස)
අපි හැමෝම නීතියට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ. අපේ දරුවෝ හැමදේටම පාරට බහින එක මම දකින්නේ වැරදි දෙයක් කියලා. අඩුම වශයෙන් දෙමාපියන්ට වගකීමක් තිබෙනවා හොඳ නරක කියලා දෙන්න. (නි)
මේ මොනවා කිවුවත් අන්තිමට දුක්විඳින්නේ අහිංසක ළමයි (නි)
හොදටම අර ළමයින්ට තඩි බාන්න උපදෙස් දීල දැන් එනව මෙතන පච හලන්න. දෙන්නම් පළාත් සභා එකට ඡන්දෙ බලාගෙන ඉන්නකෝ. ඇත්තටම දැන්නම් යමපාලනය තමයි. අපි රැවටුනා. (ස)