ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් මහියංගණයේ සිට නීති විරෝධී පෙළපාළියකින් පැමිණි බව කැෆේ සංවිධානය කියයි.
මෙම පෙළපාළියට රථවාහන 80 ක් හෝ ඊට වැඩි ගණනක් පැමිණි බවත්, අද පෙරවරුවේ මැතිවරණ නිලධාරීන් පිරිසකට බාධා කළ බව කියන පිරිසක් එහි සිටින බවත් එම සංවිධානය කියයි.
මැතිවරණ කොමසාරිස් නියෝග සහ බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝග නොතකා පක්ෂ සලකුණු සහිත ධජ සහිතව රැස්වී සිටින මෙම පිරිස ඉක්මණින් විසුරුවන්නැයි කැෆේ සංවිධානය පොලිසියෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට නම් ඉතින් කොහෙද නීතියක් සහ සදාචාරයක්? (නි)
නීති කැඩුවොත් පමණයි මේ ගොල්ලන්ට බලය තියාගන්න පුළුවන්. (නි)
මේවා අහලා දැන් සමහරුන්ට ආතතිය හැදෙයිද දන්නේ නැහැ (නි)
ආශ්චර්යයට යන්න දැන්මම පුරුදු වෙනවා ඇති. (ස)
අයියෝ මක් වෙනවද (දී)
කවුරු මොනවා කිවත් ජාත්‍යන්තරයට මුහුණ දෙන්න පුළුවන් පක්ෂය ආණ්ඩු පක්ෂය පමණි ....... බන්දුල සමග අද මම එකග වමි .... (දී)
ලංකා සදාචාරය කියල පොතක් ලියන්න මට හිතුනා. (අ)
මේ වගේ නීති කඩන මෝඩ දේශපාලකයන්ට ඡන්දය දීම ගැන දෙපාරක් හිතන්න ! මෙයාල රට හදාවිද? (අ)
බලන්න මේ වගේ මෝඩ දේශ පාලකයෝ රටටම පිළිලයක්....මේ දවස්වල උසස්පෙළ විභාගය පැවැත් වෙනවා.එ් ගැනවත් මෙයාල හිතනවද. මැතිවරණ කොමසාරිස්ට බැරිදමෙයාලව නීතිය හමුවට පමුණුවන්න.(අ)
මහියංගනේ ඉන්න නූගත් දේශපාලුවන්ගේ හැටි මෙහෙම තමයි. ඕක මහියංගනේ හැමෝම දන්නවා.(අ)
කිර්ති ගොයියගේ ස්වාමීන්ගෙන් එදා වේලට මුදල් ලබෙන්නනම් ඉතින් කිර්ති ගොයියා කොහොම හරි මේක සාදාරන මැතිවරණයක් නොමෙයි කියල පෙන්නන්න ඕන.නාම යෝජනා දීපු දවසේ ඉදල ඡන්දෙ තියල සතියක් දෙකක් යනකම්ම කිර්ති ගොයිය ලිස්ට් එක හදනවා..(අ)
බන්දුල පෙරේරා ලියන දේවල් වලට මම මගේ අදහස් ලියන්නේ නැහැ (නි)
මේ වගේ අයටත් ඡන්දෙ දෙන අය ඉන්න ලංකාවේ අද අවංකව නිතිය කරන නිලදාරින්ට තැනක් නැහැ.(නදී)
මේ වගේ අයට ඡන්දය දීමෙන් වැළකීම අප කාගෙත් යුතුකමයි (නි)
උපජීව, කාටද මේ කියන්නේ....? (නි)
දේශපාලුවන් දැන්නම් රටටම පිළිලයක් (නි)