රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ලද ප්‍රකාශවලට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සංවිධානය කළ උද්ඝෝෂණයක් හා විරෝධතා පාගමනක් අද (28 ) දහවල් පාදෙණිය මංසන්දියේදී පැවැත්විණි.
විරෝධතාකරුවෝ කුරුණෑගල - නිකවැරටිය ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැය තුනක් උද්ඝෝෂණය කළහ.
පාදෙණිය මංසන්දියේ වටරවුම හරහා රථවාහන නිකවැරටිය දෙසට හරවා යැවීමට වාරියපොළ පොලිසියට සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදෙණියට විරෝධය පා පාර හරස්කර ගමනාගමනයට බාධා කරමින් පාන විරෝධයෙන් පාදෙණියට නොව ජනතාවට හිරිහැර වෙන බව දැනෙන්නේ නැද්ද? (නි)
අම්මෝ ඉන්න සෙනඟ කන්දරාව! (නි)
කොහොමත් සමහර දොස්තරලා කරන්නේ දේශපාලනයනේ. (නි)
මෙයාලා පාරට බැස්සා කියලා කරන්න දෙයක් නැහැ (නි)
මෙන්න එක්සත් ජනතා පාක්ෂිකයින් - රටර හෙන ගැහුවත් ඔවුන්ට පක්ෂයයි වැදගත්! (බ)
මේ තියෙන්නේ අගමැති වෘත්තිකයින්ට තර්ජනය කරමින් ගෙනවයි කිවූ ප්‍රති-උද්ගෝෂණ වෙන්න ඇති - එක්සත් ජාතික පාක්ෂිකයින් යනු රට ජාතිය ගැන කිසි හැඟීමක් නැති එහෙත් පක්ෂයේ නායකයින්ට රෙදි නැතිව කඩේ යන පිරිසක් බවයි මේවයින් පෙන්නේ. (බ)
මාර සෙනගක්නේ ඉන්නේ (බ)
මගේ අම්මෝ! යූ එන් පී අය ඉන්න තරම් එහෙ? (නි)
අනේ මෙහෙමත් කට්ටිය! (නි)
රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරමින් පාර අවහිර කරලා පොලිසිය කිසිම හැලහොල්මනක් නැහැ (නි)
මොවුන් අන්ධ විද්‍යාලයකට යැවිය යුතුය. රටට හෙණ ගැහුවත් ගාණක් නැහැ (නි)
දොස්තර පාදෙණිය මේ කියන දේ නොතේරෙන මෙයාලා දැක්කහම දුකයි (නි)
මෙහෙමත් දේශපාලන අතකොළු? ලැජ්ජයි (නි)
මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ නියම දේශපාලනය! (නි)
හිනා කාලා මැරෙන ප්‍රතිවිප්ලව පාරට බැස්සිල්ල! එදා පාදෙණියලගේ උද්ඝෝෂණයේ හිටිය ගණන සහ මේ ඉන්න ගණන බලනකොට පාදෙණියලා මේ ගොල්ලෝ ගේන එක් කෙනෙකුට 30-40ක් පාරට බස්සලා ඉවරයි. මෙතැනින්ම ආණ්ඩුව පරාදයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පාදෙණියට ඕනෑ මේ ආණ්ඩුව පෙරළන්නද? (නි)
මෙහෙමත් විහිළු. කෝ මේ අගමැතිගේ ලිච්ඡවි සම්ප්‍රදාය. හැබැයි මේ අයට ඡන්දෙ දෙන්නේ ඉන්දියාවේ කට්ටිය නෙමෙයි, අපි බව කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. (නි)
රටට ආදරේ ඇති මිනිස්සුන්ට විරුද්ධ වෙන එක තමයි මේ අයගේ ගතිය.(අ)
ජයවේවා! (නි)
හයක් හතරක් නොතේරෙන ගම්වල මිනිසුන්ට දොස් කියන්න බැහැ, රටේ වෙනදේවල් ගැන ඔවුන් දැනුවත් නැති නිසා (නි)
නායකයා කිව් පලියට තමන්ගෙම යහපතටවුණත් විරුද්ධව උද්ඝෝෂණ කරණ මෝඩරැල.(අ)
රනිල් ගේ ගෝලයන් ටිකක් මේ ඇති, ඉන්දියාවත් එක්ක ගිවිසුම හරියට දොස්තර පාදෙනියගේ පුද්ගලික දෙයක් විදිහට තමා මේ අයට ඒත්තු ගන්නලා තියෙන්නේ. මේ නාම්බෝ ටිකත් බත් පැකට්ටුවට වැඩ, අපේ රටේ දේශපාලුවෝ ගේ දැනුම ගැනත් උන් පස්සේ යන හරක් රැලගේ මොලේ ගැනත් දුක තිතෙනවා (බ)
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් හා මෙගොල්ලොද? අනේ ඔහෙලා මොනවා දැනගෙනද ඔය? දෙන දෙයක් කාලා ඉන්නේ නැතිව තමන්ට නොතේරෙන දේවලට අතවනන්න ගිහිල්ල තුවාල වුනාම යන්නේ දොස්තර සොයන්. (බ)
පාදෙනියට විරුද්ධව ඔහෙලව පොළඹවන මිනිහ පාදෙනියගේ දූවිල්ලක් වටින්නේ නැත. (බ)
උඹලට පුළුවන් ඔච්චර තමා (බ)
පාදෙණිය වැනි රට ගැන සහ අනිකුත් අංශ ගැන දන්නා උගතුන් පෙළපාලියේ නැතිබව විද්‍යුත් පුවත් වලින්ම පෙනුනා.එක්සත් ජාතික පක්ෂයට ඔවැනි උද්ඝෝෂණ කරන්න පුළුවන් අය නැහැ බොරුදෙවල් නොකර ඇත්ත ට මුණ දෙන්න.(අ)
කොහෙන්ද දන්නේ නැහැ කට්ටිය හොයා ගත්තේ? (නි)
සුසන්ත,ඔයාගේ ප්‍රකාශය මසුරන්. (නි)
ජනතාව ඡන්දෙ දුන්නේ වැඩ කරන්න මිසක් පාදෙණියලාට බයවෙලා ඉන්න නෙමෙයි. (නි)
මේ උද්ඝෝෂණයට සහභාගිවෙලා ඉන්න අය සමරවිට දන්නෙ නැතුව ඇති මේ වැඩේ තිබෙන සදාචාරවිරෝධී බව. එහෙම දන්නවා නම් තමන්ගෙ ගමෙන් බිහිවූ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව කවුරු බලපෑම් කළත් මෙහෙම පාරට බහින එකක් නැහැ. (නි)
මේ කට්ටිය බොහෝ කලකට පෙර අධිකරණ විනිසුරුවන්ට විරුද්ධවත් පෙළපාලි ගියා නේද? අද කරන්නෙත් එදා කළදේමයි. අවසන් ප්‍රතිඵලයත් එදා එකම තමයි (නි)
රටට ආදරේ මිනිස්සු? කොහෙද ඒ වගේ මිනිස්සු දැන් ඉන්නේ? රටට හෙණ ගහලා තිබුන කාලේ ඔවුන්ගේ ලොක්කන්ට පන්දම අල්ලාගෙන බඩ වඩාගත් සමහරු දැන් එනවා ආණ්ඩුවට උගන්වන්න! (නි)
කවුරු කලබල වුණත් දොස්තර කලබල වෙන්නේ නැහැ (නි)
සෝමදාස ගුණසේකර උන්නැහේ, "පාදෙණිය වැනි රට ගැන සහ අනෙකුත් අංශ ගැන දන්නා උගතුන්" කියලා ඔබ කියන්නේ, ඔබ ඔවුන්ගේ දැනුම ගැන දන්නා විශේෂඥයෙක් නිසාද? ඔවුන්ට තිබෙන්නේ වෘත්තීය දැනුම. වෙනත් දැනුමක් ලබාගන්න තරම්වත් ඒගොල්ලන්ට විවේකයක් නැහැ. පොතක් පත්තරයක් කියවන්නවත් වෙලාවක් නැහැ. (නි)
පාදෙණිය දොස්තර මහතා රටේ අනාගතය දකින විද්වත් උගත් කෙනෙක්. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් එ.ජා.ප. පාක්ෂිකයින් පාරවල් වසාගෙන කරන උද්ඝෝෂණ විහිළුවක්. පාදෙණිය මහතාගේ මතය ගැන මතවාදී අරගලයක් කරන්න. නොමැතිව අඳබාල ගැත්තන් වෙන්න එපා. (නි)