ශ්රී ලංකාවේ හැම නගරයකම පෞද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඇති වනවා නම් ඊට බෙහෙවින්ම කැමැති පුද්ගලයා තමා බවත් නිදහස් සෞඛ්‍ය සේවයට රජය වැය කරන බර පැන අඩු කැර ගැනීමට එවැනි ආයතන මහෝපකාරී වන බවත් පොළොන්නරුවේ නීරෝග්‍යා පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්ති ප්‍රකාසනයේ ඕක තිබුන නම් මෙතුමා අද කොතනද? සෞක්‍ය අමතිද නැත්නම් ?
රජෙය් රෝහල් වලනොමිලේ කරන්නේ වෙදකම් කරන ඒක විතරෙන. අනිත් ඔක්කොම ෆාමසියෙන් ගන්න ඒපැයි
අනේ පිස්සු නැත්නම් හොදයි
එක ඇත්ත ඔක්කම pvt hospital කරලා ඇමතිකම අයින් කරානම් ලොකු මුදලක් ඉතුරු කර ගන්න පුළුවන් නේ ?
අනේ එයා දන්නා එක ?
ඔක්කොම පුද්ගලික කලාම මමත් සතුටුයි. මොකද ඇමති කෙනෙකුත් නැහැනේ ,එයාගේ නිකන් ඉන්න අයට ගෙවීමකුත් නැහැනේ .
ඇමතිතුමා හරි. අදමිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ගිය ආත්මෙ කරපු කරුමෙට. යමක් කමක් තියෙන අපිට බේත් ටික ගන්න, දරුවන්ට උගන්නගන්න පුළුවන් විදියට පහසුකම් හදල දෙන්න. ඔය සාමාන්‍ය ඉස්පිරිතාලවලට මුදල් වියදම් කරන එක අපරාධයක්. ඒ මුදල් මේ රට සුරපුරයක් වගේ තියාගන්න වියදම් කරන්න. පිං කරපු අපිට එතකොට කැත නැතුව විනෝද ගමන් යන්න පුළුවන්. ඡන්දෙ ගැන බයවෙන්න එපා. නැති බැරි එවුන් කියන්නෙ ඕන වෙලාවක ඕන විදියට අන්දන්න පුළුවන් ජාතියක්. අපි දිනනව කියල පෙන්නපුවහම උන් අපිට පෝලිමේ ඡන්දෙ දෙනව.
ඔක්කොම පුද්ගලික දේවලුත් හැම තැනම හෝටල් වල අතන මෙතන විකිණෙනවලු. ඉතින් ඉස්පිරිතාලත් ඔහේ හැදෙනවා. අද අපි බෙහෙත් බොන්න මැරෙමු. සල්ලි දොස්තර මුදලාලිට මරණය ලෙඩාට. හුරේ.............
කලබල නොවී මැදහත්ව හිතලා බැලුවොත් මේකෙන් අන්තිමට මහජනතාවටම වාසියක් සිදුවෙන බව පේනවා. රජයේ රෝහල්වල මහජන මුදලින් නඩත්තු වන අසීමිත අතිරික්ත කාර්යමණ්ඩලයක් තියෙනවා. ලෙඩෙක් වාට්ටුවට ගෙනයන්න සේවකයෙක් හොයාගන්න බැරි වුනාට ඕවර්සියර් ඔපිස් එකේ පොත්වල සේවකයෝ වැහි වහලා. හදිසි ලෙඩෙක් ගේනකොට ඇඩ්මිෂන් එකේ වත් ඩොක්ටර් කෙනෙක් නැතිවුනාට මාසේ වැටුප් සහ දීමනා ලැයිස්තුවෙ ඩොක්ටර්ස්ලා ඕන තරම් . නිල නිවාස දීලා තියෙන අයටම වාහන දීමනා සහ ඉන්ධන දීමනාත් දෙනවා. එක පරීක්ෂණය දෙකට කඩලා එක කොටසට වෙන වෙනම ගෙවන නිසා දවල් මිනිස් පැය සියයකින් වත් නොකරන තරම් පරීක්ෂණ ගොඩක් හවස 4.00 ට පස්සේ මිනිස් පැය අටකින් කරන්න ගොඩගහ ගන්නවා... රජයේ රෝහලේ වාට්ටුවල ටිකක් හෝ අමාරු ලෙඩෙක් දුටු විගස, ගබඩාවේ ඇති බෙහෙතකින් සුවකළ හැකි වුනත් පුළුවන් තරම් මිල අධික බෙහෙතක් පිටින් ගෙන්න ලියනවා. මෙහෙම මහජන මුදල් ගිලින බහිරවයින් නඩත්තු කරනවාට වඩා හොඳයි පිටින් ප්‍රතිකාර අරන් එකේ වියදම දරාගන්න එක රජයේ ආයතන වල සේවාව නොමිලේ දෙනවා කියලා හැමෝම වැරදි මතයක ඉන්න නිසයි ඔවුන් මේකට බනින්නේ. ඇත්තටම අපි නොවටිනා සේවාවකට නොදැනීම අනවශ්‍ය මිලක් නේද මේ ගෙවන්නේ...
මේ වගේ කතා කියන්න.
මේකට මගේ හිතේ තියෙන දේ පල කරන්න බෑ
කොහොමද මෙතුමාගේ ප්‍රකාශය ඇත්තටම ඔලුව අතගාල බලනවද උලට මොනවා හරි අහු වෙනවද කියාලා හරිම කනග්ටුවට කාරණාවක් ......ඔබතුමාට ඔය අමාත්‍යංශය කරන්න බැරිනම් වැදගත් විදිහට අස්වෙන්න අමතක කරන්න අපි ඔයාලට දුන්නේ රටක් පාලන කරන්න...
ඒ ඇත්තෝ ගුවන් ගත වෙති. නැත්තෝ දිවංගත වෙති.
මාළඹේ පුද්ගලික වෙද කඩයක් දාගෙන එන්නේ ඕකට තමයි.
දැන් ඉතින් ඇමතිලා මහජන මුදල් ලින් පුද්ගලික රෝහල් දන්න පටන් ගනීවි.
ලෝකේ හැම රටකම පුද්ගලික වෙද විදුහල් තිබෙනවා. ලංකාවේ වෙද වුදුහල් ආවම මොකක් ද වැරැද්ද ?
මොන බම්බුවක් ද මේ කියන්නේ.
මේ අයට වෙන අමාත්‍යාංශයක් දුන්නත් ඔය කතාවම තමයි කියන්නෙ. අනේ අපේ රටට ගිය කලක්!!!
සල්ලි කාරයන්ට හොදයි ඉතිං
ඇමතිතුමෝ, ඒවායෙන් බේත් ගන්න නම් අපේ ඉඩ කඩම් විකුණල තමයි.. බන්දුල මහත්තය කිව්වෙ රැපියල් 2500ට මොකද වෙන්නෙ.. අපේ ජනතාවට ජය වේවා.!! මේගොල්ලන්ටම ඡන්දෙ දෙමු...!!
සමහර දේවල් සමහර වෙලාවට !!!! ???
ඔව් ඉතාම හොඳ දෙයක් එහෙම වෙන එක. එහෙ නම් සීනි කිලෝ එකට, කිරි පිටි වලට, පරිප්පු කිලෝ එකට අධික බදු පටවල ජනතාවගෙ මුදල්වලින් ආතල් ගන්න එක, එතකොට භාණ්ඩ හා සේවා අඩු මිලට ගන්න පූලුවන් නිසා මිනිස්සුන්ට පුලුවන් සෞඛ්‍ය අධ්‍යාපනය වගේ සේවාවන් මිලට ගන්න..
අනේ හොදයි.. අපේ වියදම් වැඩි උනාට කමක් නැහැ.. ආණ්ඩුවට යන වියදම් අඩු කරගන්නකෝ. ඒ සලිලි වලින් ඔයගොල්ලන්ට මොනවා හරි වැඩක් කරගන්න පුළුවන්නෙ නේද??
අපි අපිටම මඩු වලිගෙන් තලාගන්නයි වෙන්නෙ...
එතකොට ආණ්ඩුවෙ රෝහල්වල වැඩ කරන සේවකයෝත අඩු කරනවාද?
රජයේ රෝහල්වල වියදම් ගොඩනැගිලි සදහා = 22% සේවක පඩි සදහා = 69% ඖෂධ සදහා = 8% වෙනත් වියදම් = 1% හිතන්න බලන්න මොන වියදමද ඉවත් කරන්න පුළුවං??
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් නිසි පරිදි නියාමනය සදහා පනතක් ගෙනාවොත් නරකද? මහජනතාව සූරාකකන එක නවත්තන්න...
ඇයි...දැන් බෝම්බ පුපුරන්නේ නැහැනේ
හැබෑවට....
ඔය හැමදේම පෞද්ගලික අංශයට පවරන එකේ පාර්ලිමේන්තුවත් පෞද්ගලික කරනය කරල රටට වැඩ ඇති කිහිප දෙනෙක් පත් කරමු.. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දැන් අනිත් අයට තියන අවස්තාවන් නැති කරනවා..
කටහවගෙන හිටියනම් මීට වැඩිය හොදයි...!
ඔව් ඔව් දැන් ආණ්ඩුවෙ එකම වැඩේ ඔක්කොම වැඩවලින් මග අරින්නෙ කොහොමද කියලනේ...
දැනටත් privet වගේ තමා ,පරීක්ෂණ පිටින් ,බෙහෙත් ෆාමසියෙන් , accident උන වෙලේ මාව කෑවා ,හරියට සුවයකුත් නැහැ
කතාවෙන් තේරුම් ගන්න පුළුවං තරම, ආණ්ඩුවෙ රෝහල් උනත් පෞද්ගලික රෝහල් වගේ තමයි.. අමුතුවෙන් පෞද්ගලික රෝහල් හදන්න දෙයක් නැහැ..
ඇමති තුමනි අදහසක් එහෙම නැද්ද පෞද්ගලික රෝහලක් පටන් ගන්න ?
මේ ආන්ඩුවට, මක් වෙලාද ? හතර වටෙන්ම ගහන්නේ දුප්පතාට.
පාර්ලිමේන්තුවට යන අයට රජයෙන් බෙහෙත් වලට දෙන කෝටි ගණන් මුදල් හෙට ඉදල නතර කරනවනම් වැඩියේන්ම සතුටු වෙන පුද්ගලයා මමයි...
නැති බැරි මිනිහ කොහාටද යන්නෙ.. ඔක්‍කොම බඩේ පාර තමයි..!!
අන්න හොදයි ,සියලු රජයේ රෝහල් පෞද්ගලික රෝහල් කරමු .එතකොට වැඩේ ඉවරයි
කොහොමටත් රජයේ රෝහල් නමට පමණි .බෙහෙත් කඩෙන් නේ අපි ගන්නේ
රෝහල් පෞද්ගලික කරණය නොකර හෑකිනම් ඒවායේ සේවකයන් පෞද්ගලික හෝ කොන්ත්‍රාත් පදනම මත බදවාගන්න.රජයේ රෝහල්වල බොහෝ සේවකයන් තම රාජකාරිය නියමාකාරයට සිදුනොකර සුලුදෙයටත් වෑඩවරයි.
අරයලට නං ඉතිං ලංකාවෙ පෞද්ගලික රෝහල්වලිනුත් වැඩක් නැහැ යන්නේ පිටරටනෙ..
ඒ කතාවෙ තේරැම තමා නැති බැරි අය මැරිලා ගියාවෙ කියන එක..
ලංගම ඉවරයි, බැංකු ඉවරයි, දුම්රිය ඉවරයි, විදුලිබල මණ්ඩලය ඉවරයි , නිදහස් අධ්‍යාපනය ඉවරයි, එයාලංකා ඉවරයි , පොලිසිය ඉවරයි , ඔක්කෝම ඉවරයි. 2013 සම්පුර්ණයි