IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පෞද්ගලික රෝහල් එන තරමට හොඳයි

ශ්‍රී ලංකාවේ හැම නගරයකම පෞද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඇති වනවා නම් ඊට බෙහෙවින්ම කැමැති පුද්ගලයා තමා බවත් නිදහස් සෞඛ්‍ය සේවයට රජය වැය කරන බර පැන අඩු කැර ගැනීමට එවැනි ආයතන මහෝපකාරී වන බවත් පොළොන්නරුවේ නීරෝග්‍යා පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කීවේය.



අදහස් (0)

පෞද්ගලික රෝහල් එන තරමට හොඳයි

පුංචි බන්ඩා Saturday, 23 June 2012 10:22 PM

අන්න හොදයි ,සියලු රජයේ රෝහල් පෞද්ගලික රෝහල් කරමු .එතකොට වැඩේ ඉවරයි

:       0       0

සේනානායක Saturday, 23 June 2012 10:48 PM

කොහොමටත් රජයේ රෝහල් නමට පමණි .බෙහෙත් කඩෙන් නේ අපි ගන්නේ

:       0       0

මලින්ද. Saturday, 23 June 2012 11:48 PM

රෝහල් පෞද්ගලික කරණය නොකර හෑකිනම් ඒවායේ සේවකයන් පෞද්ගලික හෝ කොන්ත්‍රාත් පදනම මත බදවාගන්න.රජයේ රෝහල්වල බොහෝ සේවකයන් තම රාජකාරිය නියමාකාරයට සිදුනොකර සුලුදෙයටත් වෑඩවරයි.

:       0       0

දස්සන Sunday, 24 June 2012 07:13 PM

ලෝකේ හැම රටකම පුද්ගලික වෙද විදුහල් තිබෙනවා. ලංකාවේ වෙද වුදුහල් ආවම මොකක් ද වැරැද්ද ?

:       0       0

අජිත් Monday, 25 June 2012 10:35 AM

ඇමතිතුමෝ, ඒවායෙන් බේත් ගන්න නම් අපේ ඉඩ කඩම් විකුණල තමයි.. බන්දුල මහත්තය කිව්වෙ රැපියල් 2500ට මොකද වෙන්නෙ.. අපේ ජනතාවට ජය වේවා.!! මේගොල්ලන්ටම ඡන්දෙ දෙමු...!!

:       0       0

රජිත මංජුල Sunday, 24 June 2012 12:00 AM

අරයලට නං ඉතිං ලංකාවෙ පෞද්ගලික රෝහල්වලිනුත් වැඩක් නැහැ යන්නේ පිටරටනෙ..

:       0       0

රජිත මංජුල Sunday, 24 June 2012 12:02 AM

ඒ කතාවෙ තේරැම තමා නැති බැරි අය මැරිලා ගියාවෙ කියන එක..

:       0       0

සෝමදාස Sunday, 24 June 2012 12:07 AM

ලංගම ඉවරයි, බැංකු ඉවරයි, දුම්රිය ඉවරයි, විදුලිබල මණ්ඩලය ඉවරයි , නිදහස් අධ්‍යාපනය ඉවරයි, එයාලංකා ඉවරයි , පොලිසිය ඉවරයි , ඔක්කෝම ඉවරයි. 2013 සම්පුර්ණයි

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 25 June 2012 11:00 AM

සමහර දේවල් සමහර වෙලාවට !!!! ???

:       0       0

20 යි 20 Sunday, 24 June 2012 03:03 AM

කොහොමද මෙතුමාගේ ප්‍රකාශය ඇත්තටම ඔලුව අතගාල බලනවද උලට මොනවා හරි අහු වෙනවද කියාලා හරිම කනග්ටුවට කාරණාවක් ......ඔබතුමාට ඔය අමාත්‍යංශය කරන්න බැරිනම් වැදගත් විදිහට අස්වෙන්න අමතක කරන්න අපි ඔයාලට දුන්නේ රටක් පාලන කරන්න...

:       0       0

සිසිර Sunday, 24 June 2012 09:05 PM

මොන බම්බුවක් ද මේ කියන්නේ.

:       0       0

දිනුෂි Sunday, 24 June 2012 06:43 AM

රජෙය් රෝහල් වලනොමිලේ කරන්නේ වෙදකම් කරන ඒක විතරෙන. අනිත් ඔක්කොම ෆාමසියෙන් ගන්න ඒපැයි

:       0       0

ජීවා Sunday, 24 June 2012 09:13 PM

මේ අයට වෙන අමාත්‍යාංශයක් දුන්නත් ඔය කතාවම තමයි කියන්නෙ. අනේ අපේ රටට ගිය කලක්!!!

:       0       0

මාලන් Sunday, 24 June 2012 06:51 AM

අනේ පිස්සු නැත්නම් හොදයි

:       0       0

සිසිර Sunday, 24 June 2012 07:55 AM

එක ඇත්ත ඔක්කම pvt hospital කරලා ඇමතිකම අයින් කරානම් ලොකු මුදලක් ඉතුරු කර ගන්න පුළුවන් නේ ?

:       0       0

හොට් ටොප් Sunday, 24 June 2012 07:55 AM

අනේ එයා දන්නා එක ?

:       0       0

M.M.M.නසීර් Sunday, 24 June 2012 09:01 AM

ඔක්කොම පුද්ගලික කලාම මමත් සතුටුයි. මොකද ඇමති කෙනෙකුත් නැහැනේ ,එයාගේ නිකන් ඉන්න අයට ගෙවීමකුත් නැහැනේ .

:       0       0

මැටි පූසා Monday, 25 June 2012 12:20 PM

ඔව් ඉතාම හොඳ දෙයක් එහෙම වෙන එක. එහෙ නම් සීනි කිලෝ එකට, කිරි පිටි වලට, පරිප්පු කිලෝ එකට අධික බදු පටවල ජනතාවගෙ මුදල්වලින් ආතල් ගන්න එක, එතකොට භාණ්ඩ හා සේවා අඩු මිලට ගන්න පූලුවන් නිසා මිනිස්සුන්ට පුලුවන් සෞඛ්‍ය අධ්‍යාපනය වගේ සේවාවන් මිලට ගන්න..

:       0       0

ලසන්ත Sunday, 24 June 2012 09:11 AM

ඇමතිතුමා හරි. අදමිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ගිය ආත්මෙ කරපු කරුමෙට. යමක් කමක් තියෙන අපිට බේත් ටික ගන්න, දරුවන්ට උගන්නගන්න පුළුවන් විදියට පහසුකම් හදල දෙන්න. ඔය සාමාන්‍ය ඉස්පිරිතාලවලට මුදල් වියදම් කරන එක අපරාධයක්. ඒ මුදල් මේ රට සුරපුරයක් වගේ තියාගන්න වියදම් කරන්න. පිං කරපු අපිට එතකොට කැත නැතුව විනෝද ගමන් යන්න පුළුවන්. ඡන්දෙ ගැන බයවෙන්න එපා. නැති බැරි එවුන් කියන්නෙ ඕන වෙලාවක ඕන විදියට අන්දන්න පුළුවන් ජාතියක්. අපි දිනනව කියල පෙන්නපුවහම උන් අපිට පෝලිමේ ඡන්දෙ දෙනව.

:       0       0

සකළ බුජන් Sunday, 24 June 2012 10:48 AM

ඔක්කොම පුද්ගලික දේවලුත් හැම තැනම හෝටල් වල අතන මෙතන විකිණෙනවලු. ඉතින් ඉස්පිරිතාලත් ඔහේ හැදෙනවා. අද අපි බෙහෙත් බොන්න මැරෙමු. සල්ලි දොස්තර මුදලාලිට මරණය ලෙඩාට. හුරේ.............

:       0       0

තිලක් නුගේගොඩ Sunday, 24 June 2012 09:42 PM

සල්ලි කාරයන්ට හොදයි ඉතිං

:       0       0

බණ්ඩා Sunday, 24 June 2012 11:24 AM

කලබල නොවී මැදහත්ව හිතලා බැලුවොත් මේකෙන් අන්තිමට මහජනතාවටම වාසියක් සිදුවෙන බව පේනවා. රජයේ රෝහල්වල මහජන මුදලින් නඩත්තු වන අසීමිත අතිරික්ත කාර්යමණ්ඩලයක් තියෙනවා. ලෙඩෙක් වාට්ටුවට ගෙනයන්න සේවකයෙක් හොයාගන්න බැරි වුනාට ඕවර්සියර් ඔපිස් එකේ පොත්වල සේවකයෝ වැහි වහලා. හදිසි ලෙඩෙක් ගේනකොට ඇඩ්මිෂන් එකේ වත් ඩොක්ටර් කෙනෙක් නැතිවුනාට මාසේ වැටුප් සහ දීමනා ලැයිස්තුවෙ ඩොක්ටර්ස්ලා ඕන තරම් . නිල නිවාස දීලා තියෙන අයටම වාහන දීමනා සහ ඉන්ධන දීමනාත් දෙනවා. එක පරීක්ෂණය දෙකට කඩලා එක කොටසට වෙන වෙනම ගෙවන නිසා දවල් මිනිස් පැය සියයකින් වත් නොකරන තරම් පරීක්ෂණ ගොඩක් හවස 4.00 ට පස්සේ මිනිස් පැය අටකින් කරන්න ගොඩගහ ගන්නවා... රජයේ රෝහලේ වාට්ටුවල ටිකක් හෝ අමාරු ලෙඩෙක් දුටු විගස, ගබඩාවේ ඇති බෙහෙතකින් සුවකළ හැකි වුනත් පුළුවන් තරම් මිල අධික බෙහෙතක් පිටින් ගෙන්න ලියනවා. මෙහෙම මහජන මුදල් ගිලින බහිරවයින් නඩත්තු කරනවාට වඩා හොඳයි පිටින් ප්‍රතිකාර අරන් එකේ වියදම දරාගන්න එක රජයේ ආයතන වල සේවාව නොමිලේ දෙනවා කියලා හැමෝම වැරදි මතයක ඉන්න නිසයි ඔවුන් මේකට බනින්නේ. ඇත්තටම අපි නොවටිනා සේවාවකට නොදැනීම අනවශ්‍ය මිලක් නේද මේ ගෙවන්නේ...

:       0       0

හසිනි Sunday, 24 June 2012 11:01 AM

මේ වගේ කතා කියන්න.

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 24 June 2012 01:01 PM

මේකට මගේ හිතේ තියෙන දේ පල කරන්න බෑ

:       0       0

දිනු Sunday, 24 June 2012 02:06 PM

ප්‍රතිපත්ති ප්‍රකාසනයේ ඕක තිබුන නම් මෙතුමා අද කොතනද? සෞක්‍ය අමතිද නැත්නම් ?

:       0       0

මැක්සි Sunday, 24 June 2012 03:01 PM

ඒ ඇත්තෝ ගුවන් ගත වෙති. නැත්තෝ දිවංගත වෙති.

:       0       0

මධු Saturday, 23 June 2012 08:45 PM

කතාවෙන් තේරුම් ගන්න පුළුවං තරම, ආණ්ඩුවෙ රෝහල් උනත් පෞද්ගලික රෝහල් වගේ තමයි.. අමුතුවෙන් පෞද්ගලික රෝහල් හදන්න දෙයක් නැහැ..

:       0       0

පොතේගුරා Saturday, 23 June 2012 08:50 PM

අපි අපිටම මඩු වලිගෙන් තලාගන්නයි වෙන්නෙ...

:       0       0

නසීර් Saturday, 23 June 2012 09:11 PM

එත‍කොට ආණ්ඩුවෙ රෝහල්වල වැඩ කරන සේවකයෝත අඩු කරනවාද?

:       0       0

ලක්විදු Sunday, 24 June 2012 03:46 PM

මාළඹේ පුද්ගලික වෙද කඩයක් දාගෙන එන්නේ ඕකට තමයි.

:       0       0

කුමාරිකා Sunday, 24 June 2012 03:56 PM

දැන් ඉතින් ඇමතිලා මහජන මුදල් ලින් පුද්ගලික රෝහල් දන්න පටන් ගනීවි.

:       0       0

මොහොමඩ් අලි Saturday, 23 June 2012 08:42 PM

රජ‍යේ රෝහල්වල වියදම් ගොඩනැගිලි සදහා = 22% සේවක පඩි සදහා = 69% ඖෂධ සදහා = 8% වෙනත් වියදම් = 1% හිතන්න බලන්න මොන වියදමද ඉවත් කරන්න පුළුවං??

:       0       0

විරාජ් Saturday, 23 June 2012 08:45 PM

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් නිසි පරිදි නියාමනය සදහා පනතක් ගෙනාවොත් නරකද? මහජනතාව සූරාකකන එක නවත්තන්න...

:       0       0

ෆස්ලි ෆෛසල් Saturday, 23 June 2012 09:33 PM

ඇයි...දැන් බෝම්බ පුපුරන්නේ නැහැනේ

:       0       0

කොරනේලිස් අයියා Saturday, 23 June 2012 09:09 PM

හැබෑවට....

:       0       0

සම්පත් ද සිල්වා Saturday, 23 June 2012 09:49 PM

ඔය හැමදේම පෞද්ගලික අංශයට පවරන එකේ පාර්ලිමේන්තුවත් පෞද්ගලික කරනය කරල රටට වැඩ ඇති කිහිප දෙනෙක් පත් කරමු.. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දැන් අනිත් අයට තියන අවස්තාවන් නැති කරනවා..

:       0       0

Dr,රැක්මන් Saturday, 23 June 2012 09:52 PM

කටහවගෙන හිටියනම් මීට වැඩිය හොදයි...!

:       0       0

මංගල Saturday, 23 June 2012 09:19 PM

ඔව් ඔව් දැන් ආණ්ඩුවෙ එකම වැඩේ ඔක්කොම වැඩවලින් මග අරින්නෙ කොහොමද කියලනේ...

:       0       0

අමිල කටුනායක Saturday, 23 June 2012 09:51 PM

දැනටත් privet වගේ තමා ,පරීක්ෂණ පිටින් ,බෙහෙත් ෆාමසියෙන් , accident උන වෙලේ මාව කෑවා ,හරියට සුවයකුත් නැහැ

:       0       0

විජය බණ්ඩාර Saturday, 23 June 2012 10:32 PM

අනේ හොදයි.. අපේ වියදම් වැඩි උනාට කමක් නැහැ.. ආණ්ඩුවට යන වියදම් අඩු කරගන්නකෝ. ඒ සලිලි වලින් ඔයගොල්ලන්ට මොනවා හරි වැඩක් කරගන්න පුළුවන්නෙ නේද??

:       0       0

sheriff Saturday, 23 June 2012 10:40 PM

ඇමති තුමනි අදහසක් එහෙම නැද්ද පෞද්ගලික රෝහලක් පටන් ගන්න ?

:       0       0

නිරෝගා. Saturday, 23 June 2012 10:41 PM

මේ ආන්ඩුවට, මක් වෙලාද ? හතර වටෙන්ම ගහන්නේ දුප්පතාට.

:       0       0

කෙවින් Saturday, 23 June 2012 10:06 PM

පාර්ලිමේන්තුවට යන අයට රජයෙන් බෙහෙත් වලට දෙන කෝටි ගණන් මුදල් හෙට ඉදල නතර කරනවනම් වැඩියේන්ම සතුටු වෙන පුද්ගලයා මමයි...

:       0       0

ගාල්ලෙ බෝයි Saturday, 23 June 2012 11:01 PM

නැති බැරි මිනිහ කොහාටද යන්නෙ.. ඔක්‍‍කොම බඩේ පාර තමයි..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක්
2025 මැයි මස 06 1140 0

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස


සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා?
2025 මැයි මස 06 636 0

සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.


බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 344 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 179 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 579 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 280 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 770 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 199 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1242 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site