
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් රාසික් මහීර් 51 නමැත්තෙකි.
කතරගම සිට කොළඹ බලා පෞද්ගලික බස් රථය පැමිණෙමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදිය පිටතට විසිවී ඇති අතර පැදිකරුගේ හිස ප්‍රදේශය පිටුපස පා පුවරුව අසල රෝද දෙකටම යට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ඇත. කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැස්සම යතුරු පැදි කරුවො යන හැටි දැක්කම කනපැලෙන්න ගහන්න හිතෙන්නෙ. පරිස්සමින්ම පාරෙ යන්න ඕන මිනිස්සු යන්නෙ පාරේ ආරක්ෂිතවම වාහනේ යන අය වගේ. වමෙන් යන්න, ආරක්ෂිතව යන්න කවුරුත් දන්නෙ නැ. හරි දේ කියල දෙන්න පොලීසියත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැ.