IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


පදක්කම්ලාභීන්ට ජනපති අතින් ත්‍යාග පිරිනැමීම 28 දා

කොළඹදී පැවැති 15වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදි පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 28 වැනිදා තිළිණ ප‍්‍රදානය කෙරේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් හයක් දිනාගත් අතර එය රන්, රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගිනි. රන් පදක්කම්ලාභින්ට රුපියල් 20,000ක්  ද රිදී පදක්කම්ලාභීන්ට රුපියල් 15000ක්ද හා ලෝකඩ පදක්කම් ලාභීන්ට රු. 10,000ක් බැගින්ද වසර දෙකක් මාසික දීමනාවක් ලබාදීමට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය  කර තිබේ. ආසියානු කනිෂ්ඨ මලල  කී‍්‍රඩා තරගාවලියේදී  මීටර 400 කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනාගත් දුලාජ් මධුසංඛ හා ෂිවන්ති කුමාරි රත්නායක කොළඹින් නිවාස දෙකක් ප‍්‍රදානය කිරීමටත් තීරණය කර තිබේ පදක්කම්ලාභි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් කී‍්‍රඩා අමාත්‍යාංශයට කැඳවමින් පෙරේදා (18) ඇමැතිවරයා ඔවුන් හා සාකච්ඡාවක් පැවැත්විය. කොළඹ නවාතැන් ගනිමින් නේවාසිකව පුහුණුවීම් කිරීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කැමැත්ත පළකළ බවත් එහිදී උසස්  පෙළ හදාරන ඔවුන් සඳහා කොළඹින් පාසල් ලබාදෙන බවත්”ලංකාදීප” කළ විමසුමකදී ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. මෙම  සාකච්ඡාවේදී ගනු ලැබූ එක් තීරණයක් වන්නේ ඔවුන් උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු වසර දෙකක කාලයක් සඳහා ඇමරිකාවේ නේවාසික පුහුණුවකටද සහභාගි කිරීමට පියවර ගැනීමයි. මෙම සාකච්ඡාවේදී එක් කී‍්‍රඩිකාවකගේ පුහුණුකාරිණියක් කොළඹ නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමේදී ඒ සඳහා තමන්ට සහභාගිවීමේ ප‍්‍රායෝගික දුෂ්කරතා පෙන්වා දුන් බවද වාර්තාවේ. ඒ සඳහා විකල්පයක් සකස් කරන්නේ නම් ඊට තමන්ගේ අකමැත්තක් නොමැති බවත් ඇය  එහිදී අදහස් දක්වා තිබේ.



අදහස් (0)

පදක්කම්ලාභීන්ට ජනපති අතින් ත්‍යාග පිරිනැමීම 28 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 55 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2182 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site