පෙරහර සූදානම් වන අවස්ථාවේ වැසි ඇදහැළුණත් එය ගමන් ආරම්භ කරන විට හා ආදාහන පූජෝත්වය ආරම්භ වන විට වැසි නැවතී පැහැදිලි කාලගුණයක් දක්නට ලැබිණි.

මාහිමියන්ගේ දේහය රැගත් ආ පෙරහරේ රැගෙන ආ මල් වඩම් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකය වටා තැන්පත් කැරිණි. පාදුක්කේ මාදුළුවාවේ ඉපදි කෝට්ටේ ශ්‍රී නාග විහාරය කේන්ද්‍රය කර ගනිමින් රටම අවදි කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය, ඓතිහාසික දියවන්නා ඔයේ  බටහිර  දෙසින් මළ හිරු බැස යද්දී සිය මෙහෙවරෙහි සදාතනික මතකය  ලක්බිමේ රඳවමින් ස්වර්ණවර්ණ චිතකයේ ගිනි දැල් වලින් වෙළී ගියේය.චිතකයට ගිනි දැල්විමට මද වේලාවකට  පෙර හමුදා උත්තමාචාර වෙඩි මුර පැවැත්වුහ.

එම චිතකය අලංකාර හැඩයකින් යුතුව කහ සහ තැඹිලි පැහැති සිවුරු රෙදිවලින් නිමවා තිබූ අතර ඒ වටා සුදු මල් වැල් යොදා අලංකෘත කර තිබිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්ට ජනාධිපති අගමැති හිටපු ජනාධිපතිනි ඇතුළුව ආදාහන පූජෝත්සවයට පැමිණි ආරාධිතයින්ට අසුන් ගැනීම සඳහා වෙනම විශාල මණ්ඩප කිහිපයක් ද ඉදිකර තිබිණි.

ක‍්‍රීඩාංගණය කහ පැහැ ධජයන්ගෙන් සරසා තිබුණු අතර ජාතික කොඩිය අඩකුඹු කර තිබිණි.

දේහය රැගත් පෙරහර සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටි අතර  පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය තුළ හා ඒ අවට මාර්ගයන්හි ද විශාල ජනකායක් රැදී සිටියහ.

රිය පෙරහැරින් වැඩම කළ  හිමියන්ගේ දේහය පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් ආරම්භ කෙරිණි.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නා හිමියෝ රැස්ව සිටි පිරිස පිළිගැනීමේ කතාව පැවැත්වූහ.

පිරිස පංචශීලයේ පිහිටුවීම සහ මතක වස්ත‍්‍ර පූජාව ඇතුළු මූලික ආගමික වතාවත් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් විසින් සිදු කෙරිණි.

රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් නාපාන පෙමසිරි එහි මහ නා හිමි” කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වෙනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි” මල්වතු හා අස්ගිරි පාර්ශවයන් වෙනුවෙන් නියංගොඩ විජිතසිරි අනු නා හිමි” අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් බ‍්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි” මෙහිදී පැවිදි අනුශාසනා පැවැත්වූහ.

අන්‍ය ආගම් නියෝජනය කරමින් ද මෙහිදී අනුශාසනා පැවැත්වුණු අතර කතෝලික ජනයා වෙනුවෙන් ඔසවර්ල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමන්” හින්දු ජනයා වෙනුවෙන් රාමක‍්‍රිෂ්ණ මීසමේ ස්වාමී සර්ව රූපානන්ද කුරුක්කල්තුමා” ඉස්ලාම් ජනයා වෙනුවෙන් අල්ෂෙයිඩ් මුර්ෂීක් මුලාෆර් මවුලවිතුමා, ක‍්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් ඩිලෝරාජ් කනකසබේ ලංකා දියෝකීසියේ කොළඹ රද ගුරුතුමා ද  මෙහිදී සිය සංවේගය පළ කළහ.

20151112d4c9dcd263d242172c8dcbbd637f097

30c9433187cf74d22d46fa2c5be5c18520151112b97926b3f54b75ba1ddf3457055d5a8e 835b5d7f81638166a93e99c20151112dc155a8910050919255298f0d5aee97 1181a1ea5ab8d323372015111264d65db08fbbb23658374b96b 134423d45db914081a099684f201511129179af9507116a2e7e a06ffc9d400d4447725ad79ed33920151112d38dc8e4dcde250ad01