පාදුක්ක රන් බඩු උකස් මධ්‍යස්ථානයේ කොල්ලයට ගිනි අවිය සැපයූ බව කියන ලුතිනන් වරයකු අද සැක පිට අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

අලව්ව රණවිරු ඇපරල්හි ලුතිනන් වරයකු වන ඔහුට ගිනි අවිය සැපයීම වෙනුවෙන් ග්‍රෑම් 120ක රන් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.

මාල හතක්, පෙන්ඩනටයක් හා තවත් ආබරණයක් ඒ අතර වූ බවත්, ඔහු ඒවා උකස් කර ඇති බවත් පොලිසිය කියයි.