(විනීතා එම් ගමගේ)
බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි.
දික්අරාව, කිණිගම, වලස්බැද්ද, අප්පුහාමි මාවත ආසන්න ප්‍රදේශවල මෙම පිපිරීම් වාර්තා වී ඇත.
අද (03) දහවල් 12 පමණ වනවිට පිපිරීම් ඇරඹුණු බවත් බලා සිටියදී පොළව පුපුරා යාම් සිදුවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මෙම නිවාසවලින් බොහොමයක් ඉවත් කළ යුතු නිවාස ලෙස සළකුණු කර ඇතත් නිවැසියන්ට විකල්ප නොවීම නිසා බොහෝ දෙනකු තවමත් එම නිවාසවල රැඳී සිටින බව ද තෙන්නකෝන් මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරපු දේශපාලකයන්ගේ පරම්පරා සීයකටම හෙන හතම වදියි මෙහෙම කළාට....
මේ ලස්සන ප්‍රදේශයට සහ එහි මිනිසුන්ට මෙවන් විපතක් කල ආත්මාර්ථකාමී පාලකයන් සසර වසනතුරු හම්බන්තොටට ආසන්නයේම උපදීවා....
රට පාලනයට හොද අධ්‍යාපනයක්, විනයක් තියෙන පුද්ගලයෝ යවන්න ඕනි කියන එකට හොදම උදාහරණයක් මේක.
පක්ෂ වලට බෙදිලා ඉන්න රටක ජනතාවට මෙහෙම වෙලා මදි...