වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වූ උද්ඝෝෂණයක් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරියේදී පැවැත්වීය.
මේ නිසා පැයකට ආසන්න කාලයක් මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.
මේ උද්ඝෝෂණය නිසා මහජනයාට පිඩාවක් ඇති වුවහොත් අවශ්‍ය වූවිට සාමය රැකීමටඅවම බලය පාවිචිචි කිරීමට අවසර ඉල්ලමින් කොටුව පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතාට අද උදේ කරුණු වාර්තා කළේය.
උද්ඝෝෂණයක් කිරීමේ අයිතිය මහජනයාට ඇතැයි මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.
මහජනයාට හිරිහැර වෙතොත් සුදුසු පියවර ගැනීමට බලය ඇතැයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම විජාතික බලවේග සහ අන්‍ය ආගම් ව්යපාරිකයෝ ටික එකතුවේලා. මට තියන ප්‍රස්නේ තමයි මේ අයට ඇයි වස කිරි වලට එරෙහි වෙන්න බැරි වුනේ?(නදී)
බොරුවට කෑ ගහනවා.(නදී)
නම බාහු වුනාට මෙයා නම් වික්‍රම නැහැ. කොටි හිටපු කාලේ ඔය කව්රවත් උන්ට විරුද්ධව කතාකලේ නැහැ. දැන් ඡන්ද පෙට්ටිය මතක් වෙන හින්ද තමයි ඔය සෙල්ලම්. අවස්ථාවාදීන් කියා රැලම හදුන්වන්න පුළුවන්.(නදී)
කල දුටු කල වල ඉහගමු.(නදී)
ආණ්ඩුවේ අසධරණයට විරුද විය යුතුමයි, රනි මහත්තය එකට නායකත්වය දුන්නොත් එහමයි,නත්නස්ම් ජනතාව නායකයෙක් හදවි. , නයට හෝ අරගෙන සංවර්ධනය හොඳයි ,කැසිනෝ එපා, චීනුන්ට අපේ මුහුද විකුනන්ද එපා මහතත්යෝ.(අ)
අනේ අම්මෝ..මරපු නැති මරණ හැටි දන්නේ නැති කට්ටිය සද්දේ දාන්නේ හරියට මළමිනී දැකල තියෙන්නේ වැලිවේරියේ සිදුවීමෙන් පස්සේම වගේ,,බාහු සතුට වෙලා තියෙන හැටි..එජාපෙට මිනිස්සු දෙන ඡන්දෙවත් දෙයිද මේ වටේ ඉන්න එව්වෝ දැක්කම..කොහොම උනත් විපක්ෂයක් ඉන්නවා කියලවත් පෙන්නන්න එපෙය්, ඔහොම යන් ..ඔහොම යන්..ලගදි තියෙන මැතිවරනෙන් බලාගන්න බැරියෙය් ඔය සද්දේ තරමට වැඩ තියෙනවද කියල..(අ)
කව්ද මේ එක්වෙලා තියෙන්නේ.(නදී)
අම්මප වික්‍රමබාහ මේ මොන ජනකොටසටද කතා කරන්නේ? මේ තරම්ම මොට්ට මෝල් මිනිස්සු දැන් නැහැ පොඩි ඇයො වගේ. මේවා කරලා ආණ්ඩුබලය ගන්න පුලුවනම් මාත් මේ දුක් නොවිද ඒකට මහන්සි වෙනවා. මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
ආණ්ඩුවෙන් කීයක් දෙනවද දන්නේ නැහැ.(නදී)
දැන් උද්ගෝෂණ කියන ඒවා නිකම් නෝමල් වෙලා.(නදී)
එතකොට මේ ආණ්ඩුව යුද්දේ දිනපු නිසා කරන ඕන දෙයක් මහජනතාව ඉවසන්න ඕනිද, ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුනන්නේ නැති රටක උද්ඝෝසණ කරලා පලක් නැහැ, නුගත් ජනතාවට මේවා තේරුම් ගන්න බැහැ. හෙට තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරි වෙනකොට මතක් වේවි මේ උද්ඝෝසණය සාධාරන බව.(නදී)
ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂට ජයෙන් ජය ලැබේවා!(නදී)
මෙව්වට ප්‍රතිචාර දමනවාට ආණ්ඩුවෙන් පඩි ගන්න කට්ටියක් ඉන්නවා කියල අහල තිබුනත් විශ්වාස කලේ නැහැ මේකේ ප්‍රතිචාර දකිනකම්. අනේ කාලේ වනේ වාසේ !(නදී)
ඔහොම යමු (නි)
වැලිවේරියේදී අමු අමුවේ මිනි මැරුවේ නැත්නම් අද මේ උද්ඝෝෂණය සිදු වන්නේ නැහැ .මෙහෙම උද්ඝෝෂණ බලාගෙන සිටීමට බැරිනම් ඔයාල කරුණාකරලා රජයට කියන්න ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාපිත කරන්න කියල .එවිට මෙවැනි උද්ඝෝෂණ කල යුතු වන්නේ නැහැ .වැලිවේරියේදී මිනි මරන්න නියෝග දීපු අයට කෝ තවම නිතිය ක්‍රියාත්මක උනාද ? ඒ මැරුණු අය ඔබේ පවුලේ සාමාජිකයින් නම් ඔබට ඇති වන හැගීම කුමක්ද ? (අ)
නර නාටක ! (අ)
කොටුවේ විරෝධයෙන් පසු බනිස් 25000ක් ඉතුරුයි, http://lankacnews.com/sinhala/main-news/99384/
හත් පොලේ ගාගන්න උදව්වට සජිත් ඇත්තෝ ඒ නාට්ටාමි රගපාන ජවනිකාවේ පිටුපසින් තල්ලුවක් දෙනවා.(නදී)
එකතු වෙන්න කාලය හරි මේ මැරුණ අයටත් සාදාරනයක් කරන්න.(නදී)
ජනාධිපතිතුමනි ඔබට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා අපේ රට රැකගන්න පුළුවන් ඔබට පමණි. බුදු සරණයි. (ස)
මොකද අර අන්තිම පින්තුරේ ඉන්න කෙනා අත බැන්ඩේජ් කරලා තියෙන්නේ{ වැඩේ කැතයි හොඳේ } (ස)
ආණ්ඩුවට අවශ්‍යම උද්ඝෝෂණනයක් නියම වෙලාවට කලා. දැන් පිළිගන්න වෙනවා වතුර ඉල්ලුවට වෙඩි තිබ්බ එකක් නොවෙයි වෙලිවෙරියේ සිද්ද වුනේ. (අ)
කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති. බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දත යුත්තේය. (ස)
ජයලත් මහත්තයත් හිටියනම් කියල හිතුණා.ඔහු ඇත්තටම ජනතාවට ආදරේ සටන්කරුවෙක් (ස)
විරුද්ද පක්ෂය කියන්නේ විරුද්ද වෙන එකටනේ, ඒකට හැබැයි සෙනග මදි වගේ (අ)
නීතිය යුක්තිය සාධාරණය සහජීවනය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ශ්‍රී ලාංකීය අභිමානයේ සංකේතය බදු වීරෝදාර කේ .පි .දයාමාස්ටර් ,පිල්ලෙයාන්,සහ කරුණා අම්මාන් ගේ ශ්‍රී නාමය මහා වංසයට එක්කර වන්දනාමාන කරමු. (ස)
ආණ්ඩුවට කඩේ යනවා නොවෙයි. ඇත්ත තිත්තයි. ඇහෙනකොට රිදෙනවා..ගණන් ගන්ඩ එපා. ඉවසාපන් පපුව (හැබැයි බාහු ට නම් අපේ දැඩි පිළිකුල, අප්‍ර සාදය . මේ වගේ අය සහභාගී කරගන්න මොනම දෙයක් වත් ජනතාව පිළිගන්නේ නැහැ.,) (නදී)
බන්දු ඔයාගේ සද්දේ විතරියි බල්ටි නෑ.නිකන් ඉන්න කඩේ එන්නතුව.(අ)
රසිකා එකට වැඩ කරන යාලුවන්ව අදුනගෙන. (අ)
ඔය රතුපස්වල විරුද්ද පක්ෂේ කිසිම නියෝගිතයෙක් හිටියේ නැද්ද. ජීවිත තුනක් බිලිදීල ප්‍රශ්නය දුරදිග යනකන් ඉදල උද්ගෝෂණ කරන්න.වතුරවල ඇසිඩ් තියෙනවා කියල දැනගත් දවසේමනේ කියාත්මක වෙන්න තිබුනේ. (අ)
ඔය නම් පිල්ල ට පේන්න වන්න ඇති . ඩොලර් ටිකක් බාහුගේ සාක්කුවට. (අ)
අනේ මේ වික්‍රමබාහුවා , 88,89 මහා පාරේ සිංහල කොල්ලෝ පිච්චේනේකොට , අවුරුදු 30ක් තිස්සේ අහිංසකයෝ බෝම්බ වලට බිලි වෙනකොට, කොහිට වෙලාද හිටියේ ? (අ)
ඉහත ප්‍රතිචාර අනුව ශ්‍රී ලාංකිකයෝ යනු ඇස් පෙනෙන අන්ධයෝය කතාකරන ගොලුයෝය ,කන් ඇහෙන බිහිරෝය .(අ)
ලෙස්ලි ලෝව්.ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හොද්දලි තියෙන්නේ.මෙතන තියෙන අදහස් දැක්කම අපිට දුකේ හිතෙනවා. (අ)
අපෙ මුහුද වුනාට නව පිටින් මාළු අල්ලන්න දෙන්නේ චීන්නුට.චීන්නුන්ගේ විශල නැව 45 ඇවිත් අපේ මුහුදේ මාළු අල්ලන්න ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ.අපේ දරුවන්ට අසාවට මාළු ටිකක් ගන්න ලැබෙන්නේ නැහැ මේ යන ක්‍රරමයට.තමන්ගේ ලාබේ ප්‍රයෝජනයට මේ විකුණන්නේ අපේ අර්නාගතය නේ ද කියල හිතපල්ලා මිනිසුනේ.(අ)
71,88,89 කාලේ හිටපු ආණ්ඩු හැම එකක්ම ජනතාව ප්‍රතික්ෂේප කරලා මේ රජය පත් කලේ ,ආය ඒ වගේ දේවල් නොවෙන්න.ප්‍රබල විපක්ෂයක් නැහැ කියන අයම තමා විපක්ෂය ප්‍රබල වෙන්නත් කලින් බය වෙලා තිඑන්නේ,"හොරාට කලින් කෙසෙල් කැන වට පැනල". (අ)
අපේ අය මැරුණු මිනිස්සු වෙනුවෙන් වැලපෙනවා,ප්‍රබල විපක්ෂයක් නැහැනේ කියල වේදනාවෙන් කතා කරනවා.විපක්ෂය ප්‍රබල වෙන්නත් කලින් බය වෙලා මෙයාලටම කඩේ යනවා. (අ)
වැලිවීරියේ මිනි මරල බලාපොරොත්තු වුනේ විරෝධතා ලංකාවෙන්ම නැති කරන එක.(අ)
නැට්ට ගිනි ගත්තු වදුරා වගේ බන්දුල පෙරේරාට පස්ස ගිනි ගන්නවා.අරෙහෙ රට චීන්නුන්ට විකුනම් කනවා.මේවගේ මොළ හූදපු කකුල් දෙකේ හරක් තවමත් රජයට ගුණ වයනවා. (අ)
බාහුගේ මුළු පක්ෂයම ගෙනි යන්න පුළුවන් ත්‍රි වීලර් එකක. එනිසා මේවගේ මෝඩ පාට් වලට පක්ෂය අරන් යන්න ලේසියි.(නදී)
මේ ඉන්න අයගෙන් ඊළඟට පනින්නේ කවුද දන්නේ නෑ.රනිල් මහත්තයානම් මේගොල්ලෝ එක්ක හැමදාම කොපි බොයි.ජනතාවට බුදු සරණයි! (අ)
වාසු - බාහු ඩබල දැන් හොඳටම නාකිත් වෙලා. වාසු නම් යන්තම් මහින්දගේමහත්තයාගේ ඇඟේ එල්ලිලා ඇමතිකමක් හැම අරන් මෝඩ පාට් දදා ඉන්නවා. බාහු ට නම් යන එන මන් නැහැ වගෙයි. නාකි වෙනකල්ම රතු ඇඳගෙන කැගැහුව විතරය්. තාම කගහානවා දැන් වල පයයි ගොඩ පයයි. අමාරුවේ දාපු මිනිස්සු සාප කරනවා ඇති.මහා ලොකු සමාජවාදියෝ. (අ)
දී.එස්,ඩඩ්ලි සේනානායක උතුමන් දෙදෙනාගෙන් පසු මේ පක්ෂය රටවෙනුවෙන් කල එක හොඳ දෙයක් වත් තියෙනවද?අර 93 මැයි රැළියකදී මැරිච්ච බලලෝභී දෙස්පාලුවා ගැන නම් අපි හොඳට දන්නවාමේගොල්ලෝ ආණ්ඩු කරන කාලේ භීෂණයෙන්,දුෂණයෙන් රජ වෙලා බලය නැති කොට මිනී කාක්කෝ වෙනවා. (අ)
කොන්ද පන ඇති විපක්ෂයක් රටේ තිබේ නම් ආණ්ඩුව මිනිස්සුන්ගේ ලේ බොන්න යන්නේ නැහැ.එහම නැති නම් නතරවෙන්නේ එකාදිපති පලකයෙකුගෙන්. අනෙක විනිවිද භාවය වැඩි වී ඇමති /මන්ත්‍රී ල මීට වඩා වැඩක් කරවී. (අ)
රටේ වෙනදේ ගැන දන්නා කෙනෙක්ගෙන් අහගෙන ප්‍රතිචාර දක්වන්න. උනදේ දන්නේ එතන උන්න උදවිය විතරි . (අ)
මේ වික්‍රමබාහු කියන මිනිහා හිටපු ගමන් සල්ලි නැති උනාම පාරට එනවා. නමටත් ලැජ්ජයි මෙයාගෙ වැඩ. නම තිබ්බේ කව්ද කියල හොයල බලන්න ඕනේ. වික්‍රමබාහු කරුණා රත්නම් කිව්වනම් වැඩිය හොඳයි. (අ)
දැන් ඉද හිටවත් මතක් වෙන්නේ නෑනේ (අ)
මනාප 300ක් ගන්න බැරි එකෙක් මනාප ලක්ෂ 50ක් ගත්ත ජනාදිපති මහින්ද මහත්මයාව පන්නන්න ද හදන්නේ? (අ)
පේනවා නේද?බයෙන් සැකෙන් හෝ විශාල ජනතාවක් මේ උද්ඝෝෂණයට සහභාගි වෙලා තියෙනවා. (නි).
කොච්චර මිනිසුන් මර්දනය කළත් අසාධාරණයට අයුක්තියට මිනිසුන් එරෙහි වෙනවා කියලා පේනවා නේද? (නි)
මෙතන ඉන්නේ රටේ ප්‍රජාතන්තවාදය විනාශ වීමට එරෙහි වන අසරණ මිනිසුන් (නි)
බන්දු කරන රස්සව මට හිතල කියන්න පුළුවන්. ආණ්ඩුවේ රස්සාවක් නේද කරන්නේ 2001 ට පස්සේ අර ගත්තු ?(නදී)
සුනඛාචාර්‍යා පන්නා දමවි පන්නා දමවි ...!(නදී)
රටට වින කරන බාහුලත් එක්ක උද්ඝෝෂණ කරන්ඩ ගියේ ඇයි හාමුදුරුවනේ?(නදී)
විපක්ෂ නායක කම දැරූ දා සිට රනිල්ගේ උපදේසක මඩුල්ලෙන් ඔහුගේ ජයග්‍රණය කරා යාමට සාර්ථක උපදෙසක් දී නැතිද එසේ නැතිනම් ඔහු උපදෙස් නොගන්නේද වික්‍රම බාහුලා රනිල්ට ලංවිමෙන් එක්සත් ජාතික පක්ෂය හැමදාමත් බංකොලොත් බවට පත්වෙනෙක නවතා ගන්න පුළුවන් කාටද ?(නදී)
ස්වාමීන්වහන්ස, ඔබවහන්ෙස්ලා මෙම උද්ඝෝෂනයට වැඩම කළේ පානීය ජල ප්‍රශ්නය වෙනුවෙන් වෙන්න ඇති. නමුත් මෙතන දේශපාලන වෛරයකින් කරණ උද්ඝෝෂණයක් බව සටන් පාටවලින් පැහැදියි. පසුගිය කාලයේ මේ උදවියගේ ක්‍රියාවන් ගැන අපි දනිමු. මේ රටට සාමය ගෙන දුන් ජන නායකයා පන්නා දමාව් කියා වහසි බස් දොඩන්න එක මුර දේ වතාවුන්වහන්සේ හැටියට අනුමත කළෙ නාහැකිය.(නදී)
සම්පත්,මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් විපක්ෂයට සහයෝගය දීලා නැහැ. ඒත් දැන් රටට වෙලා තියෙන විනාශය අනුව ප්‍රබාකරන් ඔතන හිටියත් මම නම් පොදු විපක්ෂයේ තමා. (නි)
මේ ආණ්ඩුවට කඩේ යන අයගේ අම්ම හරි සහෝදරයෙක් හරි මරුනා නම් ඔහොම කතා කරියිද?(නදී)
අපේ රටේ බොහෝ අය කැමති අපරාධවලට. ඒත් කරන්න බයයි. ඒත් කවුරුහරි කරනව නම් හුරේ තියනව ආතල් එකට. පාලකයො ඒක හොදට දන්නවා. 77 - 94 කාලෙත් රජය බලුවැඩ කරද්දී මේ වගේම අමනයෝ අත්පුඩි ගැහුවා. දෙකම එකයි. එකම වෙනස එදා අත්පුඩි ගැහැව්වෙ දැන් රාජපක්ෂලාට අප්පුඩි ගහන අයගෙ දෙමව්පියෝ.(නදී)
මේ මොනවා කළත්, රතුපස්වල ජනයාට වුනත් මේ ප්‍රශ්නය ටික කලකින් අමතක වෙනවා. පාලකයන්ට කොම්පැනි කාරයන්ව ලොකුයි මිනිස්සුන්ට වඩා.ඔය දෙගොල්ලොම එකතුවෙලා සාමාන්‍ය ජනතාව කුමක් හෝ කරලා රවට්ට ගන්නවා. ලංකා ඉතිහාසය පුරා සිදු වුනේ එයයි. හැම තැනම තියෙන්නේ, ක්‍රියාත්මක වන්නේ ප්‍රබලයා විසින් දුබලයා ගොදුරු කරගැනීමේ තිරිසන් ක්‍රමය.(නදී)
මහත්වරුනි, කැතයි හොදේ! (නි)
යුද්දය අවසන් වුණාට පස්සේ සාමය රටේ ස්ථාපිත කරලා හොද ඉදිරි ගමනක් යන්න පුළුවන් නේද? ඇයි අපේ රට දිනනෙන් දිනම අගාධයට යන්නේ? අපි අපිම කුලල් කාගන්නකොට වාසිය කොටි ඩයස්පෝරාවට නේද ? (නි)
කොහොම වුනත් ප්‍රබාකරන්ගේ වැටීම පටන්ගත්තේ වතුර ප්‍රශ්නයක් නිසා. වතුරට අධිපති දේවතුන් කිපීම අවනීතියේ ලකුණක්. (නි)
ඉන්දික නාපොලි, පක්ෂෙට ඉතුරුවෙලා ඉන්න මිනිස්සු ටිකත් එළවා ගන්නයි හදන්නේ. අනික දැන් සිද්ධියේ උණුසුම ගිහින්. ඒක කට්ටියට අමතක වෙලා වගේ. (නි)
අරයා කෑ ගහනවා දකිනකොට මට දුකේ බැහැ. (නි)
පොදු විපක්ෂය කොටු වෙලා තමයි ඉන්නේ (නි)
අයියෝ! නිකන් කාලය කා දමනවා, අද ඔය ඔහොම නිදහසේ යන්නේ රණවිරුවෝ ජනාධිපති නිසා බව අමතක කරන්න එපා (නි)
මේ ගොල්ලන්ට දැනුයි රතුපස්වල වෙනුවෙන් කදුළු එන්න පටන් අරගෙන තියෙන්නේ. එදා ඔය විදිහට පෙළ ගැහුනා නම් අසරණ ජීවිත තුනක් නැතිවෙන්නේ නැහැ.හඩ නගන්න කොන්ද කෙලින් විපක්ෂයක් නැතිකම නිසා තමා මේ හැම කරදරයක්ම (නි)
ජනතාවට විහිළු සපයන්නේ නැතුව ඉන්නවා නම් කොච්චර හොඳද අපේ විපක්ශය? (නි)
කොහොම හරි බළලා පැන්නා එළියට (නි)
පැරණි ජාතක කතාවක් තිබුනා වටු කුරුළු රංචුවක් ගැන. ඒ කතාවේ ඒ වැද්දගෙන් කුරුළු රෑන බේරෙන්නේ කුරුළු රංචුවේ තිබුන එක්සත්කම,එකමුතුකම නිසයි. ඉතින් මේ උගුලෙන් බේරීමට නම් පක්ෂ බේද, ජාති බේද , තානාන්තර බෙදාගැනීම් ඉවතලා මේ වෙලාවේ රට ගැන හිතලා එකාවන්ව එකමුතු වියයුතුයි. වෙන විකල්පයක් නැත.හැබැයි ඒ එකමුතුකම දැනගත් පැයේ පටන් එක එක සමගිය කඩන බෝම්බ එවාවි.නොසැලී එක පොකුරට ඉදිරියටම යන්න.අන්න රටේ ජයග්‍රහණය එතනයි. (නි)
ප්‍රජාතන්ත්‍ර වැඩි කියන ලංකාවේ මරණ පෙනී පෙනී උද්ගෝෂණ කිරීමට පැමිණි සියලුද දෙනාට අපගේ උණුසුම් වූ උපහාරය (දී)
ජාති, ආගම් භේදයකින් තොරව සැම ජන කොටසක්ම එකමුතුව අසාධාරණය හෙළා දැකිය යුතුයි (නි)
කට්ටිය අැයි කෑ ගහන්ෙන්
ලංකාවේ ඉන්න මිනිසුන්ට ඇස් ඇරේවා! (නි)
විපක්ෂයට මතක් වුණේ දවස් 19 කට පස්සෙද? (නි)
අනේ මන්දා අපේ රටේ මහජනතාවගේ හැටි...? වැලිවේරියේදී බලය යොදවලා උද්ගෝෂණය මැඩපවත්වනකොට කියනවා විපක්ෂය ශක්තිමත් නැහැ කියලා. විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරනකොට කියනවා " ජනතාවට විහිලු සපයනවලු" " බළල්ලු මල්ලෙන් එලියට පනිනවලු"?? (නි)
දැන් මොකද කරන්නේ? අපි කාගේ පැත්තද ගන්නේ? (නි)
මේ ප්‍රතිචාර දුටුවම පුදුමයි. මොවුන් ඉන්නේ අපේ ලංකාවේද කියලා හිතෙනවා. (නි)
රනිල් මහත්තයෝ, නිතරම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින්න. සජිත් ඇතුළු තරුණයින්ට තැනක් දෙන්න. ජයවේවා. (නි)
කට්ටියට රිදිල වගෙ (අ)
රතුපස්වල ජනතාවගේ වතුර වලට අද මෙයාල මේවගේ කෑගැහුවට එදා මවිලාරුව ප්‍රභාකරන් වහල ලක්ෂ ගාණකට වතුර නොදී ඉන්නකොට බාහු වගේ ය කොහෙද හිටියේ.කටුනායක එක තරුණ ජීවිතයක් බිලි දුන්න. වෙලිවෙරියදී තරුණ ජීවිත තුනක් බිලිදුන්න.හෙට මෙයාල තව කීදෙනෙක් බිලිදෙඉද්ද දන්නේ නෑ. (අ)
රටේ ජනතාව කිපුනා නම් පාර්ලිමේන්තුවේ ඉන්න අයට පනින්න වෙන්නෙ දියවන්නා ඔයාට තමයි. හිතන්න එපා තුවක්කු තියාගෙන එක්කෙනෙකුට හතර පස්දෙනෙක් ආරක්ෂකයෝ හිටියාට මහජනයා බයේ දුවයි කියලා. මහජනයා කුපිත වුණා නම් ඔයගොල්ලන්ට දුවන්න වෙන්නේ තුවක්කුත් බිම දාලා තමයි (නි)
හරි හරි ඔන්න අරාබි වසන්තේ පටන් ගත්ත..ඔය අපිට ඇහෙන්නේ හඩ...(අ)
කවුද කියන්නේ මහින්ද මහත්තයව පන්නන්න කියලා? බොරුවට බෙරිහන් දෙන්න එපා (නි)
තුන්වන පින්තුරයේ ඉන්න කෙනා නැත්නම් අපිත් පොදු විපක්ෂයේ. (දී)
නිහාල්, ත්‍රස්තවාදියෝ කළ දේවල් රජයක් කරන දේවල් එක්ක සසදන්නේ ඇයි? රතුපස්වල ප්‍රශ්නේදී රජය විතරක් නෙමෙයි මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් මිනිස්සුත් එක්ක හිටියේ නැති නිසා තමයි මිනිස්සුස් තමුන්ගේ කැමැත්තෙන් උද්ගෝෂණය කළේ. ඒකට නායකත්වයක් දෙන්න කෙනෙක් හිටියා නම් එදා සිදුවෙච්ච අමානුෂික පහරදීමෙන් වූ හානිය අවම වෙන්න තිබුනා. දැන් නල ජලය දුන්නත් මිනිස්සු කොහොමද වගා වැඩ කරගන්නේ. මේ ප්‍රශ්නය මෙතන ගොඩාක් අය හිතනවට වඩා බරපතලයි. ගමේ කාගෙන්හරි අහලා දැනගන්න ඇත්ත මොකක්ද කියලා. (නි)
විපක්ෂෙය් විරෝදතාවයන් නවත්වන්න පොලිසිය අධිකරණ නියෝග ගන්නව. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මාළු පාන් බත් පැකට් සල්ලි දීලසෙනග ගෙන්වාගෙන කරණ ආණ්ඩුවට සහාය දක්වන ඒවා මහජනයට කරදර නැති හින්දවෙන්න ඇති පොලිසිය නිශ්ෂබ්දව ඉන්නේ අනේ කාලේ වනේ වාසේ (දී)
දැන් නම් මහජනයාට හිරිහැර නොවන සේ උද්ඝෝෂණය කළහැකි ස්ථානයක අවශ්‍යතාවය තදින්ම දැනේ. (අ)
විරුද්ධ පක්ෂයේ හඩට විරුද්ධ වෙන අයට කියන නම කුමක්ද ..(අ)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න ,නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාත්මක කරගන්න සියලුම දෙනා එකමුතුව මෙසේ පෙළගැසිය යුතුයි. (අ)
පිස්සු වැඩ ගොඩක් දැන් දැන් වෙනවා. කාර් රේස්, ජාත්‍යන්තර සංගීත සංදර්ශන, මුහුද චීන්නුන්ට සහ ඉන්දියානුවන්ට දීම,අපේ ජනතාව නිස්කාරෙනේ මැරීම.(නදී)
ඔය අයත් එක්ක උද්ෙඝා ෂණ කරන්න යන යට මොලේ නැද්ද ලංකවේම ඉදල ලංකාවටම වින කටිනව පිරි බැහැරන්ට වෙච්ච දේම ඕකටත් වෙන්න ඕනේ (අ)
ආන්ඩුවේ වැරදි ක්‍රියාවන් වලට විරුද්ධව නැගී සිටීම අද අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. මෙවැනි උද්ගෝෂනයන්ට දායක වන සියලුම දෙනා අප වෙනුවෙන් කතා කරන අය බව තේරුම් ගැනීමට සියලු දෙනාටම බුද්ධිය පහල වේවා. (ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන අය ඇතුලුව). සංවර්ධනය යනු මාර්ග වරාය සහ ගුවන් තොටුපල නොවන බව තේරුම් ගැනීමට ජනතාව තව කල් ගොස් හෝ තේරුම් ගනු ඇත. විපක්ෂය ශක්තිමත් වීම ආන්ඩුවේ කඩා වැටීම බව ආන්ඩුවට කඩේ යන බොහෝ දෙනාට වැටහී ඇති බව අදහස් තුලින් පැහැදිලි වේ.(නදී)
හරියට අහිංසක මිනිස්සු මරලා නැහැ වගෙයි. (නදී)
වීඩියෝ එක සහ පලකර ඇති පින්තූර දකින විට පැහැදිලිවම එක දෙයක් පේනවා. මෙයාලා කොටින්ට උඩ ගෙඩි දෙනවා වගේ. මෙන්න අපේ රටේ ජනතාවගේ හැටි...? කොටින්ගේ මිලේච්ඡ කූරිරු මිණිස් ඝාතන සිද්ධ උනූ එදත් අද වගේම උද්ගෝශණ කලාද.? එදා උද්ගෝශණ තියා පාරකට එන්න බැහැ හැම තැනම බෝමිබ බිය. මේ ආකාරයේ උද්ගෝශණ තියන්න තිබූනේ අද නොවේ එදයි...!! අති ගරු ජනාධිපතිතූමනි., සැමදාමත් අප ඔබ සමඟයි.(නදී)
මේ අයව තමයි රටින් පන්නන ඕන විශේෂයෙන් මේ වික්‍රමබාහු මේ මනුස්සයා රටේ නැති ප්‍රශ්න ඇති කරනවා (අ)
මෙතන ඉන්න හැමෝම අවස්ථාවාදී ශ්‍රී ලාංකිකයන් (අ)
එළයට බැස්සට පස්සෙ කියනව මොකටද බැස්සෙ කියල. සද්ද නැතුව ඉදියහම කියනවා විපක්ෂයක් නැහැ කියල. දැන් මොකද කරන්නෙ මට නං නිකං පිස්සු වගේ. (අ)
පොදු විපක්ෂයට ජයවේවා! මේ ඉන්න නායකයට රකින්ඩ දෙයක් නැහැනේ. ඒක දැන්වත් තේරුම් ගන්ඩ. (නදී)
කෝ මේ අර අහිංසක මිනිසුන්ට වෙඩි තියපු එක සාධාරණයි කියලා කෑගහපු අයගේ පෙළ පාලිය? හැම එකටම සාධාරණයි කියන එයාලා මේකට නැත්තේ මොකෝ? (නදී)
තව ටිකක් එහාට ගියානං දේශප්‍රිය හිතේශීය මහතා කියන මහින්ද නම තියෙන කෙනා අල්ලගන්නවනේ .බොරුවට ඔතන කෑගහන්නේ.(නදී)
මොවුන් එදත් මොරදුන්නේ මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් නෙමෙයි. එදා ජල ප්‍රශ්නය අද වනවිට විසදුමකට පැමිණ තිබේ. මේ දේශපාලුවන්ට බුද්ධිමත් ජනතාවගේ අප්‍රසාදය නොඅනුමානය. මොවුන්ගේ එකම බලාපොරොත්තුව මේ මවිබිමට එරෙහි දුෂ්ඨයින්ට කුලියට මොරදෙන එක පමණයි.(නදී)
හර්ෂ,චතුර,වරුණ ඔයාලට මේ ආණ්ඩුව කරන නාස්තිකාරකම් ගැන නොතේරෙන එකයි මට කනගාටු. (නදී)
කොන්ද පන ඇති විපක්ෂය මෙතන දේශපාලන වෛරයකින් කරණ උද්ඝෝෂණයක් බව සටන් පාටවලින් පැහැදියි..මරපු නැති කට්ටියක්.කොටි කාලේ මේ උදවිය ප්‍රභාකරන්ට විරුද්ධව කතාකලේ නැහැ.වස කිරි වලට එරෙහි වෙන්න මේ අයට ඇයි බැරි. කැතයි හොදේ! (ස)
පිටකොටුවේ මුට්ට කරගහන නාටාම්ලත් වැලිවේරියේදී තුවාල උනාද? ඔය ඉන්නේ බෙහෙත් දාගෙන.රනිල් මහත්තය හත්පලේ ගාගන්නවා.(නදී)
ආණ්ඩුවේ හොද දේට ඉරිසියා කරන්න එපා. මැරුණු අහිංසකයන්ව විකුණන් කන්නත් එපා. .මේගොල්ලෝ මේක කරන්නේ ඡන්ද ගන්න විතරයි. පින්තුරේ ඉන්න අයගේ හිනාවෙන් හොඳට පේන්නේ මැරුණු අහිංසකයන් වෙනුවෙන් මෙය නොකරන බවයි. කිසිම දුකක් මුහුණේ ගෑවිලාවත් නැහැ. (නදී)
මේ උදගෝසන කරන අයම තමයs රතු පස්වල සිද්දියේ නිර්මාතෘවරු .මේ අයගේ අවසාන ඉලක්කය තමයි ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂණය කරන්න මහජනතාව පොළබවා ගන්න එක. අවසාන වශයෙන් මේ සියලු දෙනාම කරන්නේ රටට ද්‍රෝහිවෙන එක. මේ ප්‍රශ්න බුද්ධිමත්ව තේරුම් ගන්න කියල ලංකාදීප පාටකයන්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
දැන් දෙකට ගනින්න බැරි වුනාට මේගොල්ලෝ බලේ තිබිච්ච කාලේ ක්‍රියාත්මක කරපු ප්‍රජාතන්ත්‍රවාදය අපිට හොඳට මතකයි.අර කැළණි ගඟේ මිනි පාවුණේ.සුදු වෑන් ආවේ.ඒවා නේද ප්‍රජාතත්‍රවාදය? .(නදී)
වික්‍රමබාහු නේද මේ?(නදී)